හලෝ කොහොමද කස්ටිය ඉතින්. මං අද ඔයාලට තවත් සබ් අරගෙන තමා මේ ආවේ. මං අද ඔයාලට ගෙනාවේ Panic Room (2002) කියන සලරුව. පරණ වුණාට මේක සුපිරි බඩුවක්. මේක බැලුවම ඔයාලට හිතෙයි මේක ළඟදි ගහපු ෆිල්ම් එකක් වගේ කියලා. David Fincher කියන සුපිරි අධ්‍යක්ෂවරයා තමා මේක කරලා තියෙන්නේ. එහෙනං ඉතින් අහන්න දෙයක් නෑ නේ. මතක ඇතිනේ ඔහුගේ seven (1995) ෆිල්ම් එක එහෙම. මේකත් ඒවගේම අවසානය වෙනකල් කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්. thriller කාණ්ඩයට තමා මේක වැටෙන්නේ. imdb මීටරේ 6.8කට කැරකිලා තියනවා මේක.
දැන් එහෙනං වල්පල් කතා කළා ඇති ෆිල්ම් එක ගැන කෙටියෙන් සඳහන් කරමුකෝ. මැග් හා ඇගේ දියණිය සේරා අලුත් නිවසක පදිංචියට යනව. මේක විශාල නිවසක්. ආරක්ශාව උපරිම වෙන අයුරින් සැකසූ මේ නිවසේ එක විශේශ කාමරයක් තියෙනව. ඝන වානේ තහඩු වලින් නිර්මාණය කර ඇති මේ කාමරය. නිවසේ හැම අස්සක් මුල්ලක්ම දිස්වන ආකාරයේ දියුණු කැමරාවලින්ද සමන්විත වේ. දියුණු ආරක්ෂක උපක්‍රමවලින් සමන්විත මෙම කාමරය නිමවා ඇත්තේ හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහායි. මෙග්ට හා ඇගේ දියණියට මේ නිවසට පැමිණි මුල්ම දිනයේම නොහිතූ විරූ කරදරයකට මුහුණ පෑමට සිදුවෙනවා. මේ කරදරය මොකක්ද? ඒකෙන් මේ දෙන්නට ගැලවීමට හැකිවෙයිද? ඔයාලත් අරගෙනම බලන්න. මේක අවසානය තත්පරය වෙනකල් කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා නම් සහතික වෙනවා.
කලින් පළවූ ලිපිය.
ඔයාලට මතකද ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 26 වැනි ස්ථානයේ රැදී තිබෙන Se7en (1995) චිත්‍රපටය? නැත්නම් ලොව 16 වැනි ජනප්‍රියම චිත්‍රපටය ලෙස කිරුළු දරා සිටින Fight Club (1999) චිත්‍රපටය? නැත්නම් ඔබව අන්දමන්ද කළ Zodiac (2007/I) චිත්‍රපටය? එහෙමත් නැත්නම් ලොව 216 වැනි ජනප්‍රියම චිත්‍රපටය වන The Curious Case of Benjamin Button (2008) චිත්‍රපටය? අන්න ඒ චිත්‍රපට සියල්ල අධ්‍යක්ශනය කළ David Fincher ගේ චිත්‍රපටයක් ගැන තමයි අද ඔයාලට මේ කියන්න යන්නෙ.
ඉහත සදහන් කළ සුපිරි චිත්‍රපට වල වගේම හද ගැස්ම වැඩි කරන කතාවකින් සමන්විත Panic Room (2002) චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙමයි. මැග් (Jodie Foster) හා ඇගේ දියණිය සේරා (Kristen Stewart) අලුත් නිවසක පදිංචියට යනව. මේක විශාල නිවසක්. ආරක්ශාව උපරිම වෙන අයුරින් සැකසූ මේ නිවසේ එක විශේශ කාමරයක් තියෙනව. නිවසේ හැම තැනම පෙන්වන ආකාරයේ කැමරා සවි කර ඇති මෙම කාමරය ගන වානේ තහඩු වලින් නිර්මාණය කරපු එකක්. නිවසේ හදිසි තත්ත්වයකදි පාවිච්චි කරන්න තමයි මේ කාමරය සකසා තියෙන්නෙ. නමුත් මේ කාමරය නිසා මෙම සුවිසල් නිවසේ නව අයිතිකාරියට හා ඇගේ දියණියට මුහුණ දෙන්න සිදි වෙන්නෙ හීනෙන්වත් නොසිතන ආකාරයේ ප්‍රශ්ණයකටයි. ඒ ප්‍රශ්නය මොකද්ද? ඔවුන් එයට මුහුණ දෙන්න කොහොම්ද? මේ සියලුම දේට උත්තර හොයාගන්න ඕන නම් බාගන්න මේ චිත්‍රපටය. ත්‍රාසය කියන දේ හොදින්ම හිතට කාවද්දන චිත්‍රපටයක්.
632 downloads