එන්.විජිත අසංක වන මගේ තිස් හය වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2016 වසරෙදි තිරගත වුනු Mystery, Horror වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 92 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Robert Eggers නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Anya Taylor-Joy නම් නිළියක්. ඊට අමතරව Kingsman: The Secret Service, Guardians of the Galaxy වැනි චිත්‍රපට රැසක රඟපාන Ralph Ineson නම් නළුවත්, Kate Dickie නම් නිළියත් මෙහි රඟපානවා.
හැබැයි කියන්න ඕනෙ මේක ටිකක් අමුතු විදිහක කථාවක්. සමහරුන්ට මේක කම්මැලි වෙන්නත් පුළුවන් ඒ නිසා හොඳට Trailer එක බලලා මේක බා ගන්න පස්සෙ මට බනින්නෙ නැතුව. මං කථාව ගැන වැඩි යමක් කියන්නෙ නැහැ. එංගලන්තයේ එක්තරා කැලෑවක් අසල පදිංචි වන හුදෙකලා පවුලකට මායාකාරියන් නිසා සිදුවන සිද්ධීන් දාමයක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙන්නෙ. චිත්‍රපටිය නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
539 downloads