Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Visaranai (2015) with Sinhala Subtitles |විමර්ශනය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Visaaranai-(2015)

හුඟක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඔන්න ඇරන් ආවා තවත් සුපිරිම චිත්‍රපටියක්. කොච්චර සුපිරිද කියනවා නම්, 63 වැනි ජාතික සිනමා උළෙලේ හොඳම සංස්කරණයට හිමි දමිළ චිත්‍රපටය ලෙසත්, වැනිස් සිනමා උළෙලේ ජයග්‍රාහී චිත්‍රපටය ලෙසත් අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත්තා.

විසාරනෙයි, සිංහලෙන් කීවොත් විමර්ශණය. කතාව මෙහෙමයි. ආන්ද්‍රා වල ලොකු කොල්ලයක් සිදුවෙනවා. මේ කොල්ලය සිදු කළ උදවිය දමිළ බසින් කතා කරපු එක තමයි පොලිසියට ලැබුණ එකම සාක්ෂිය. ඉතින් ඒ හේතුව නිසා, තමිල්නාඩුවල ඉඳන් රැකියා සඳහා ආන්ද්‍රාවලට පැමිණි දමිළ තරුණයින් පිරිසක් ආන්ද්‍රා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට ඒ වරද පිළිගන්න කියා බල කරමින්, පොලිසිය ඔවුන්ට අමානුෂික විදියට ගහන්න පටන් ගන්නවා. නොකළ වරදක් කෙහොම බාර ගන්නද? මේ තරුණයින් එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් පොලිසිය ගහන එක නවත්වන්නේ නෑ. මාර ගැහිල්ලක් ! හරියට බලන් ඉන්න අපි ගුටි කනවා වගේ හිතෙන මට්ටමට තාත්විකව ඒ දර්ශන ඇරන් තියනවා. එම නිසා බොහෝ උදවිය මේ චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය වැඩියි කියලා කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ, මෙහි රඟපෑම ඒ තරම්ම තාත්විකයි. පට්ටයි!

අපි සාමාන්‍ය දමිළ චිත්‍රපටයක් එහෙම නැත්තම් සුපිරි තරුවකගේ චිත්‍රපයටක් බලලා, පට්ටයි මචන් ! කියලා කියනවා නම්, අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය අපි බලන්නම ඕන. අපි මේක නොබැලුවා කියලා අධ්‍යක්ෂක තුමාට වෙන පාඩුවක් නැහැ. නමුත් මේක නොබැලුවොත්, අපි වෙනත් ෆිල්ම් බලලා පට්ටයි කියලා කියන එක කිසි තේරුමක් නැති දෙයක් වෙනවා.  මේ චිත්‍රපටයේ තියෙන වේදනාව, බය කියන දේ අපි සියළු දෙනාම එක් සැරයක් හරි විඳින්න ඕන කියලා මං හිතනවා. එහෙම නැතුව මේක දරුණු වැඩියි, ප්‍රචණ්ඩත්වය වැඩියි, පොලිසිය දෙන වද බලන් ඉන්න බැහැ කියලා මෙම චිත්‍රපටිය නොබලා ඉන්න එක සුදුසු නැහැ. ඒ නිසාමයි, මෙච්චර වැඩ රාජකාරි මැද්දේ ඉඳගෙන හරි මේ චිත්‍රපටයට උපසිරැසි ගේන්න කටයුතු කළේ.

ඉතින් අර තරුණයින්ට මොනවා වෙයිද? ඒක දිග කතාවක්. ඒක ඔයාලම බලලා දැනගන්න ඕන දෙයක්. නොවරදවාම බලන්න කියලා ආරාධනා කරනවා. එසේනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු..ජයවේවා !

 

Interrogation (2015) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි,

“www.TamilRockers.com – Visaranai (2016)[HDRip – x264 – 700MB – Tamil]”

පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>