Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scooby-Doo! Stage Fright (2013) With Sinhala Subtitles|ටැලන්ට් ෂෝ එකේ අවතාරේ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මේ කතාව හම්බුනේ අහම්බෙන්. ස්කූබි ඩු කතා වලට ආසා නිසාම දවසක් බලපු නැති එකක් බලන්න හෙව්වා.එවලේ තමයි මේක දැක්කේ.කතාවත් fun, බයිස්කෝප් එකෙත් දීල තිබ්බේ නැති නිසා මේක කරන්න හිතුවා. ස්කුබි ඩු කතා වලට ආසා අයට මේකනම් බලන්නම ඕන එකක්. ගොඩක් විනෝද වෙන්න පුළුවන් කතාවක් මේක. 

මේක ටැලන්ට් ෂෝ එකක වෙන කතාවක්. මේ ටැලන්ට් ෂෝ එකේ අවසන් වටේ තියන්න ඔපෙරා නිවාසයට අවසන් වටේ තරග කාරයෝ හැමෝවම කැඳවනවා. මේකේ පොඩි වුනත් වස ක්‍රිසි කියන ගෑනු ලමයෙකුයි අහිංසක දුප්පත් වයලින් ගහන ගෑනු ළමයා එමා, ඒ වගේම මැජික් කාරයෙක්,කොට වුනත් කඩවසම් ඉන්ද්‍රජාලික කතිකයෙක්, සංගීත කණ්ඩායමක් ඒ වගේම සින්දු කියන යුවලක් ඉන්නවා. සින්දු කියන යුවල කවුද කියල හිතන්න පුලුවන්ද? ඒ තමයි ඩැෆ්නියි ෆ්‍රෙඩියි 😀 .මේ තරගේ තියන්නත් කලින් භූතයෙක් එනවා. ඒ භූතයා වෙලාවකට එන්නේ ක්‍රිසි දිනන්න ඕනේ කියාගෙන, තවත් වෙලාවක තරගේ කඩාකප්පල් කරන්න, තවත් වෙලාවක දෙහි සුවඳ ගහනවා, එයා මීට අවුරුදු ගානකට කලින් ආපු භූතයෙක් කියලත් කියනවා. කොහොමරි හැමදාමත් වගේ මේක විසඳන්න වෙන්නේ ස්කූබි ඩු කණ්ඩායමට තමයි. මේ අතරේ ඩැෆ්නිට ෆ්‍රෙඩ් ගැන ආදරෙයක් ඇති වෙලා එතනත් තව කතාවක් යනවා 😛 .අන්තිමට නෙවෙයි කතාව මැද්දක ඉදන් අන්තිම වෙනකන්ම භූතයාව අල්ලන්න වෙනවා. එත් කවුද මේ භූතයා? හරියටම මොකක්ද කියල අන්තිම වෙනකන් දැනගන්න බෑ. බලන්නකෝ 😀

සුබ දවසක් හැමෝටම! :)

Scooby-Doo! Stage Fright (2013) on IMDb

 

 

උපසිරැස 
Scooby-Doo.Stage.Fright.2013.720p.BluRay.H264.AAC-RARBG
පිටපතට අදාළ වේ. 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>