Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scream [S02 : E01] with Sinhala Subtitles |වෙස්මූණුකාරයා ආයෙත්?? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Scream The TV Series (2015)-2

ඔන්න එහෙනම් වෙච්ච පොරොන්දුවක් ඉටු කරන්න තමයි හදන්නේ. කට්ටියට screamකතාමාලාව මතක ඇති කියලා හිතනවා. එහෙනම් පලවෙනි සීසන් එක අවසානයේදී කිව්වා වගේ අද ඉදන් දෙවෙනි සීසන් එකත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක බලන්න ලැබෙනවා. වැඩි පිරිසක්නම් පලවෙනි කතාසමය එක්ක එකතුවුනේ නෑ. ඒත් මේක කරන්න ගත්තේ මම මේ කතාවට කැමති නිසා වගේම යාළුවන්ගේ ඉල්ලීම නිසා. එහෙනම් මං මොකටත් කතාවේ මූලික තොරතුරු ආපහු මතක් කරන්නම්. මේක අයිතිවෙන්නේ Crime,Horror,mysteryකියන කාණ්ඩ වලට.imdbඅගය 7.2ක් අරගෙන තියෙනවා. MTVනාලිකාවේ තමා විකාශය වෙන්නේ. ඔන්න ඔහොම තමයි මූලික තොරතුරු.

ගියවර කතාසමය වුනේ වෙස්මූණක් දාගත්ත කෙනෙක් ලේක්වුඩ් වල ඉන්න තරුණ ලමයින්ව ඝාතනය කරන සිදුවීමක්. වරින් වර නොයෙක් අයව මේ වෙස්මූනු කාරයා විදියට සැක කරනවා. හැබැයි අවසානයේදී දැනගන්න ලැබෙනවා සැබෑ මිනීමරුවා කවුද කියලා. මං හිතන්නේ බලපු කවුරුත් හිතුවේ නෑ මිනීමරුවා පයිපර් කියලා. ඒත් අන්තිමේදී දැනගන්න ලැබෙනවා පයිපර් කියන්නේ එමාගේ අඬ සහෝදරිය බවත්, එමාගෙන් පලිගන්න මේ මිනීමැරුම් කරපු බවත්. කොහොම වුනත් කතාමාලාව ඉවරවුනේ සැකයක් ඉතුරුකරලා.මොකද පයිපර්ටත් වෙස්මූණු කාරයා පහරදෙන සිද්ධියක් තිබුනා.ඉතින් එවෙලේ වෙස්මූණ පැලද සිටියේ කවුද කියන එක තමයි ඒ සැකය. කොහොමවුනත් සැකය යොමුවුනේ ඕඩ්‍රී දිහාවට කියන එක කතාව අන්තිමේදී දැකගන්න ලැබුනා.මෙන්න මෙතන ඉදන් තමයි මෙවර කතාව පටන්ගන්නේ. පලවෙනි කොටස නිසා පොඩි දෙයක් විතරක් කියන්නම්.දැන් එමා ඇතුළු යාළුවෝ ටික මේ වෙච්ච සිද්ධියෙන් පස්සේ ආපහු සාමාන්‍ය තත්වයට එන්න උත්සහකරනවා. විශේෂයෙන්ම එමා. ඒත් එමාට තාමත් එක එක හීන පේනවා. ඒ  මොනාද? කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒ වගේම නන්නාදුනන කෙනෙක් විසින් ඕඩ්‍රීට විවිධ පණිවිඩ එවනවා. ඒ මොනාද? වෙස්මූනු කාරයෙක් ආපහු එනවද? කියන ඒවා කතාව බලලම දැනගන්නකෝ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු!

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>