Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lake Placid (1999) with Sinhala Subtitles |කිඹුල් විල 1 [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Lake Pacid

ඔන්න යාලුවනේ ඔන්න කියපු විදියටම එකොලොස්වන උපසිරැසිය ගේනවා. චිත්‍රපටියේ නම දැක්කම ගොඩක් අයට මතක් වෙනවා ඇතිනේ . වයස අවුරුදු තිහ පාස් කරලා ඉන්න ගොඩක් යාලුවෝනම් නම දැක්ක ගමන් චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා ඇති . වීඩියෝ සෙන්ටර් ළඟ රැකගෙන ඉඳල තමා මේ චිත්‍ර පටිවල VHS නැත්නම් VCD අපි අරන් ගියේ. මොකද යුගයක ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක්. කොටස් හතරක් තිබුනත් බයිස්කොපේ එකේ එකක් වත් ඇතුලත් වෙලා නැ . ඉතින් ඒවගේ අඩු පාඩුවක් තියෙන්න බැරි හින්ද මම කල්පනා කලා මේක දෙන්න ඕන කියල. හැබැයි මෙච්චර ඉක්මනට දෙන්න ඕන කියල හිතුවේ නැ . මගේ කලින් උපසිරසියකට කමෙන්ට් එකක් දාපු යාලුවෙක් හින්ද මම තීරණය කලා මේක ටිකක් ඉක්මනට කරන්න ඕන කියල.

කතාව ගැන කියනවනම් ඇමරිකාවේ මෙයින් කියන පළාතේ තියනවා විලක්. කිඹුලෙක් තියා කබරෙක් වත් ඉන්නවා කියල හිතන්නේ නැති මේ විලේ එකපාරටම මිනිස්සු සහ සත්තුන්ට හඳුනා නොගත් සතෙක් ගෙන් පහර දීම් වාර්තා වෙනවා . ඉතින් ෂෙරිෆ් කියන ඇමරිකාවේ ග්‍රාමාරක්ෂක කණ්ඩායමකුත් එක්ක සත්තු ගැන හොයන නිලධාරී පිරිසක් ඇවිත් මේ ගැන හොයන්න පටන් ගන්නවා. එතකොට තමා දැනගන්නේ අඩි තිහක් විතර දිග ලොකු කිඹුලෙක් තමා මේ වැඩේ කරන්නේ කියල. ඉතින් ඌ අල්ලන්න කරන මෙහෙයුම තමා මේ චිත්‍ර පටියේ තියෙන්නේ. imdb අගය 5.6 අරන් තියන එකක් නිසා ඔයාලට මේකෙ ගුණාත්මක බාවය ගැන හිතා ගන්න පුළුවන්.

මම ඊළඟට දෙන්නේ මේකෙම දෙවෙනි කොටස . ඉතින් ඒ කොටසින් හමුවෙමු . හැමදාමත් කියනවා වගේ මම කරන වැඩේ හොඳ හෝ නරක දැනගන්න මම කැමතියි. ඉතින් ඔයාල උපසිරැසිය ගන්න ගන්න ගමන් ඔයාලට හිතෙන දේ ගැන කියන්න අමතක කරන්න එපා. මම යනවා , ඉක්මනටම එන්නම්.

 

බුදුසරණයි…!

 

Lake Placid (1999) on IMDb

 

 

 

මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>