Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Legend (2015) With sinhala subtitles |මැර සහෝදරයෝ සහ ආදරවන්තිය.. (50) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legend_(2015)

කොහොමද ඉතින් කතාව පටන් ගන්නේ. අනේ මන්ද. කොහොම උනත් බයිස්කෝප් අඩවියට සම්බන්ධ උණු වීදිය ගැන කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුනා. “සමීර කරුණාරත්න “ කියන්නේ මගේ පාසැල් මිත්‍රයෙක්. ඉතින් දවසක් මොකක්දෝ එකකට කතා කරපු වෙලාවක කොහොමහරි ෆිලුම් පැත්තට කතාව ඇදිල ගියා. (මට මතක විදියට ) ඉතින් එතකොට තමයි මට කිවුවේ මෙහෙම සයිට් එකක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒ විදියට තමයි මට මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න ලැබුනේ. හැබැයි ඒ වෙනකොට උපසිරැසි එක්ක ෆිලුම් බලලා තිබුනට උපසිරැසි හදන්නේ කොහොමද කියලා මෙලෝ අදහසක් තිබුනේ නැ. කොහොමින් කොහොමින් හරි වැඩේ කොරන වීදිය දැනගෙන මමත් වැඩේට සෙට් උනා. උපසිරසියක් විදියට මුලින්ම මම පලකලේ The Following කතා මාලාවේ දෙවෙනි වෙළුමේ පළවෙනි කොටස. ඒ 2014 පෙබරවාරී 07 වෙනිදා. හැබැයි ඒ වැඩේ කොරන්න මට සතියකට වැඩිය ගියා.

ඉතින් ඒ වැඩේ ඉදන්ම “හසන්ත අයියා” වැඩේට උදවු කලා. උපසිරැසි වල අඩු පාඩු කියලා දෙමින්, වැරදි උණු තැන් පෙන්නලා දීලා හසන්ත අයියා ලොකු උදවුවක් කලා. ඒ වගේම අදටත් කරනවා. ඉතින් එහෙම පටන්ගත්ත ගමන සහයෝගයට සයිට් එකේ කස්ටියගෙන් සෑහෙන්න සහයෝගයක් ලැබුනා. ඒ අතරින් “සමීර චතුරංග” අයියා සහ “ශාන විමුක්ති” සහෝ අමතක කරන්නම බෑ. ෆිලුම දීපු වෙලේ ඉදන් පුළුවන් ඉක්මනට උපසිරැසිය ගන්නම තමයි බලන්නේ. ඒකෙ වරදකුත් නෑනේ ඉතින්. මොකද ෆිලුම නැත්න්ම කතා මාලාවේ කොටස ආපු ගමන් උණු කැවුම් වගේ බලන්න නැත්නම් ඒක වැඩකුත් නෑනේ නේද ? ඉතින් මම මේ වෙනකොට උපසිරැසි 49ක් දීල තියෙනවා. ඒකෙ ඇතුලේ මෙන්න මේවා ටික තමයි තියෙන්නේ.

The Following    S02 – Episodes 15The Following    S03 – Episodes 15, Bates Motel        S02 – Episodes 10, Colony S01 – Episodes 01, Sherlock : The Abominable Bride, We are still here, Lovesick, Hawaizaada, Wyrmwood: Road of Dead, Big Driver, Vampire Academy, Delivery Man.

මේ කතා ටික ඔයාලට ගෙන්න වගේම මගේ අර්ධ ශතක උපසිරැසිය ගහන්නත් වසර දෙකකට ආසන්න කාලයක් ගියා. හරියටම තව මාසයයි තියෙන්නේ. තිබෙන අධ්‍යාපනික වැඩ අස්සේ තමයි මේක කරන්න උනේ. ඒ නිසාම තමයි අර්ධ ශතකය කරන්න  මේ තරම් කාලයක් ගත උනේ.

ඉතින් මේ උපසිරැසි  ටික කොරද්දී කතා බස් වලින් සම්බන්ධ උණු  “කැලුම් අයියා” , “හේවා අයියා”, “පූසා”, “යශෝද” ,“ගයාන්”, “කිනා”,”තිසර”, “චන්දිම අයියා”, ඩිල්ෂාන් අයියා””සදුන් අයිය” “තාරක” වගේම “විකිය අයියත්” මේ වෙලාවේ    අමතක නොකරම බෑ. මොකද සහෝදරයෝ වගේ මේ කස්ටිය වචනයකින් හරි  දෙන සහයෝගය නිසා තමයි මේ තරමට හරි මම  උපසිරසි වැඩේ කරගෙන යන්නේ.

ඉතින් මේ කස්ටිය වගේම තමයි ෆිලුම් ගන්න ප්‍රේක්ෂක ජනයා ගැනත් අමතක නොකරම බෑ. ඔයාලා දාන කොමෙන්ටුවෙන් තමයි අපිට දවස් ගානක් ඇහෙරලා, නිදිමරාගෙන කරපු උපසිරසියට නියම සතුටක් ලැබෙන්නේ. ඉතින් ඒවටත් බොහොම තුති. අවසාන වශයෙන් මේ ෆිලුම ගැනත් කියන්න ඕනේ. මේක බාර අරගෙන තිබුනේ “සමීර කරුණාරත්න” සහෝ.. එයා මේක මගේ 50 වෙනි උපසිරැසිය විදියට කරන්න බාර දුන්නා. ඒ වෙනුවෙන් ස්තුතියි ආයෙමත්.. ඒ වගේම තමයි මේ ෆිලුම ඇත්තටම මම දෙන්න හිටියේ මිට දවස් කීපයකට කලින් මට විශේෂ උණු දවසක. ඒත් කොහේදෝ තිබුණු කොන්දේ අමාරුවක් ඇවිත් මේක කොරන් වැඩේ පමා කොලා.. ඒ උනත් උපරිම ඉක්මනින් මේක කරගෙන අරගෙන ආව. එහෙනම් දැන් වැල් බයිලා කිවුවා ඇතිනේ නේද? කතාව ගැන බලමු නේද? ඉතින් එහෙනම් ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරන ගමන් දිගටම අපේ අඩවිය එක්කම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දැන් අපි ෆිලුම දිහාට හැරෙමු.

50 Dasan Buddika wish

1933 ඔක්තෝම්බර් 24 වෙනිදා එංගලන්තයේ නැගෙනහිර පෙදෙසේ ඩේවිඩ් ක්රේ ට සහ වයලට් ක්රේ ට නිවුන්නු දෙන්නෙක් උපදිනවා. ඒ දෙන්න තමයි රොනල්ඩ් ක්රේ සහ රෙජිනන්ඩ් ක්රේ. ඉතින්  මෙහෙම ඉපදුනු මේ නිවුන් සහෝදරයෝ දෙන්නා ස්කොට්ලන්ඩ්යාර්ඩ් ඒක වගේම මුළු ලන්ඩනයම 1950 1960 දශකයේදී හොල්ලනවා. මේකෙන් රොනී ක්රේ කියන්නේ පොඩි අසනීපයක් තියෙන කෙනෙක්.. අසනීපෙ මොකක්ද කියලා කතාවේදීම බලාගන්නකෝ . ඒ වගේම තමයි රෙජ් කියන්නේ මොළකාරයා. මේ දෙන්නම එකතුවෙලා ලන්ඩන් නගරයේ නැගෙනහිර කොටසේ ක්ලබ් කරන ගමන් මැරකම් කරමින් ඉන්නවා. ඒ කාලෙදිම තමයි රිචර්ඩ්සන් කියන බටහිර ලන්ඩනයේ මැරයෝ දෙන්නෙක් බිහිවෙන්නේ. ඉතින් මේ දෙන්නත් එක්ක සටනක් කරන ක්රේ සහෝදරයෝ අවසානයේදී එයාලව පරාජය කරල බටහිර කොටසේත් තමන්ගේ රාජධානියට එකතු කරගන්නවා. එහෙම එකතු කරගෙන මුළු ලන්ඩනයම මෙයාලගේ පාලනයට යටත් කරගෙන  කරගෙන යන්නයි හදන්නේ.. හැබැයි ඒ වැඩේ කොච්චර දුරට සාර්තක වෙයි ද?

මේ අතරදී තමයි ක්රේ සහෝදරයින්ගෙන් කෙනෙක්ට මල්සරා විදින්නේ.. ඒ විදියට එක සහෝදරයෙක්ට එකතුවෙන ආදරවන්තිය ලොකු වෙනසක් කරන්න හදනවා තමන්ගේ පෙම්වතාගේ ජිවිතයේ. ඇය කරන්න හදන වෙනස මොකක්ද? ඇයගේ ඒ ඉලක්කය සාර්ථක වෙයි ද ? ඒ වගේම තමයි අපිට මේ කතාව කියන්නේ එක් පුද්ගලයෙක්.. කතාව බලාගෙන යන්නකෝ.. ඒ කෙනා කවුද කියලත් ඔයාලට  තේරෙයි. IMDB ලකුණු වලින් 7.2ක ගත්ත ෆිලුමක්..මේකේ ක්රේ සහෝදරයෝ විදියට ද්විත්ව රංගනයක යෙදෙනවා Tom Hardy . ඒ වගේම තමයි ෆ්‍රැන්සිස් විදියට Emily Browning රංගනයෙන් එකතු වෙනවා.  ඒ වගේම තමයි මේක සත්‍ය කතාවක්. (Krey Twins කියලා අන්තර්ජාලයේ සෙවුමක් කලොත් තව වැඩි විස්තර බලාගන්න පුළුවන්)… ඒ වගේම තමයි ගොඩක්ම ලස්සනට ෆිලුම හදල තියෙනවා. එහෙනම් අද වැඩි විස්තර කියන්න යන්නේ නෑ මම. උපසිරැසිය අරගන්න ගමන් කොමෙන්ටුවකුත් දාලා යන්න කියලා ආරාධනා කරන ගමන් මම දැනට නවතිනවා.

“හොදට බලන්න.. මේ තිබෙන්නේ ඔබගේ කතාව වෙන්න පුළුවන්.. මොකද අපි හිතන්නේ නැති තැන් වලදී තමයි අපි පරාද වෙන්නේ.. එහෙම නැත්නම් අපේ අභාගය ආරම්භ වෙන්නේ..” 

ඔබට ජයෙන් ජය…!!!

Legend (I) (2015) on IMDb

 

 

580 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

A0D7E5FCF94315EA841BA4EC992490B4CA69C5C3

983 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

755BD1A9C583523BED478D0CFC22EE8275F9521F

1.92 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

8885FAE49BBA6A1A759A4B73FBF8C512BE67C65E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>