Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Halo: The Fall of Reach (2015) with Sinhala Subtitles |රැස්වළල්ල: රීච් ග්‍රහයාගේ පරිහානිය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Halo-The-Fall-of-Reach-MiTV(2015)

සුභ දවසක් හැමෝටම.මම ලක්ෂාන් පියුමන්ත. මම මේකට අලුත් ඒක නිසා මම මොනවා කියයිද දන්නේ නෑ. මම මේ ඉදිරිපත් කරන්නේ මගේ ප්‍රථම සිංහල උපසිරැසිය. ඒවගේම මම හිතනවා මේක ගොඩක් හොඳට මම කරා කියලා මොකද මම හදිස්සියෙන් මේක කරේ. මට ඕන වුනේ මේ සිංහල සබ් ඒක ඉක්මනටම ඕගොල්ලොන්ට දෙන්නයි. මොකද මම හසන්ත අයියගෙන් අවසර අරන් ටිකක් දවස් ගියා මේක කරන්න. මට වැඩිය ටයිපින් පුරුදු නැති නිසාත්, අනික සිංහල ටයිප් කරන්න පොඩි ගේමක් දෙන්න ඕනනේ. කොහොම වුනත් මම මේක කරලා ඉවර කරපු ගමන් මට මාර සතුටක් දැනුනේ. මොකද මේක මගේ ප්‍රථම සබ් ඒක නිසා. හරි දැන් අපි ෆිල්ම් එකට යමුකෝ.

මේ ෆිල්ම් ඒක ගැන කියනවනම් මේක කරලා තියෙන්නේ නවකතාවක් ඇසුරෙන්. ඒවගේම සමහර අය ගහලත් ඇති Halo කියන ගේම් එක. ඒකට මේක සම්බන්ධයි. IMDB වල නම් මේකට 5.7 අගයක් ලැබිලා තියෙනවා. ඒක නිසා කට්ටිය හිතයි මේක හෙන චාටර් ෆිල්ම් එකක් කියලා. එහෙම නෑ. මේක සුපිරි ෆිල්ම් එකක්. මේකේ ඇනිමේෂන් ඇරෙන්න ස්ටොරිය තමා හොඳ. මේකේ කතාව ගැන කිව්වොත් මේකේ ප්‍රධාන චරිතය තමා ජෝන්. එයා කවුද කියලා දැන ගන්නනම් ෆිල්ම් එක බලන්න ඕන. ජෝන්ව හමුදාවකට බඳවා ගන්නවා. ඊට පස්සේ එයාව හා අනෙක් යාලු සොල්දාදුවෝ හැමෝවම දාලා විශේෂ කණ්ඩායමක් හදන්න Dr.හාල්සි ලොකු උත්සහයක් ගන්නවා. ඒක හරියනවා. කවනන්ට්ලා කියලා පිටසක්වල ජීවින් ටිකක් නිසා ඇතිවන තර්ජන වලට මුහුණදෙන ආකාරය තමා මේකේ තියෙන්නේ. මේකේ මිත්‍රත්වය, ආදරය, තරහව වගේ ගොඩක් දේවල් ගැන තියෙනවා. අන්තිමට මොකක්ද වෙන්නේ කියලා බලන්නනම් ෆිල්ම් එක බලන්න ඕනේ. එතකොට දැනගන්න පුළුවන් වේවි ජෝන් කියන්නේ කවුද කියලත්, ඒවගේම Dr.හාල්සි කියන්නේ කවුද කියලත්. ෆිල්ම් එක ගැන ඔච්චරයි. සමහර අයනම් දන්නවා ඇති කවුද මේ දෙන්නා කියලා. කෙසේවුනත් මේක නොදන්නා අයට.

සබ් එකේ අවුල් තියෙනවනම් මට සමාවෙන්න. මොකද මම කලිනුත් කිව්වනේ මම හෙන හදිස්සියෙන් කරේ කියලා. මම එක පාරක් සබ් කරන්න ගියා ඉස්කෝලේ වැඩ නිසා ඒවා නැවැත්තුවා. දැන්O/L ඉවර වෙලා ගෙදර ඉන්න නිසා සබ් එකක් කරන්න හිතුවා. ෆිල්ම එක බලන්න හොඳ ෆිල්ම් එකක්. අතාරින්න එපා මොකද මේකේ ගේම් එක ගහලා තියෙනවනම් මේක බලන එකත් හොඳයි. එතකොට මේ Halo වලට තියෙන ආසාව වැඩි වෙයි. අදට එච්චරයි. තව සබ් කරන්න පුළුවන් වුනොත් මම කරලා මේ සයිට් එකට දාන්නම්. හසන්නත අයියටත්, මේක කරන්න උදව් කරපු අනෙක් අයටත් ස්තුති කරන ගමන්ම මම යනවා ඕගොල්ලෝ හැමෝට සුභම සුභ දවසක් වෙන්න ඕනේ.

Halo: The Fall of Reach (2015) on IMDb

 

 

484 MB (720p.BRRip.x264) කොපිය මෙතනින් බාගන්න

0CABCE2E91206F8EFB20141B6B05158A72CAF775

968 MB (1080p.BRRip.x264) කොපිය මෙතනින් බාගන්න

2A67DA17C738D8F8624BD2CCDDC2219714C3DD0D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>