Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Bruce Lee – The fighter (2015) with Sinhala Subtitle |සැබෑ සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Bruce Lee 3 2015

ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ පරක්කු උන නිසා ඇඩ්මින් මඩුල්ලට කේන්ති ගිහිල්ලා ඉන්නේ තවත් පරක්කු නොකර යමු කතන්දරේ වෙතට.

ගිය වසරේ ඔක්තෝම්බර් පහළොව නිකුත් වුනු මේ සලරුවේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය දක්වන්නේ රාම් චර්න් සමගින් රාකුල් ප්‍රීත් සින්ග් විසින්. ඒ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ස්රීනු වෛත්ලා විසින්. ඊට අමතරම බ්‍රහ්ම්න්නන්දම්, මුකේෂ් රිශී, අරුන් විජේ වැනි රංගන ශිල්පීන්ද මේ සඳහා රංගන දායකත්වය සපයල තියෙනවා. එස් තමන් තමයි මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ.කතාව ගැන කිව්වොත් කාර්ති සහ කාව්‍යා කියල අක්කලා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එයාලගේ තාත්තට මේ දෙන්නටම අධ්‍යාපනය දෙන්න තරම් වත්කමක් නෑ. තාත්තගේ හීනේ වෙන්නේ කාරතිව කලෙක්ටර් කෙනෙක් කරන්න. නමුත් අක්කටත් හොඳට ඉගෙනගන්න ආස උනත් තාත්තට ඒ දෙන්නා ගැනම බලන්න හැකියාවක් නෑ. නමුත් කාර්තිට ඕන වෙනවා අක්කව කලෙක්ටර් කෙනෙක් කරන්න. ඒ නිසා ඔහු ඕනෑකමින් තමගේ ඉගෙනීම විනාස කරගන්නවා. ඉන් පස්සේ තාත්තත් කාර්ති ගැන උනන්දු වෙන එක අඩු කරලා කාව්‍යාව කලෙක්ට්ර් කෙනක් කරන්න හීන මවනවා. ඉතින් ඒ හීනය හැබෑ කරගන්න කටත් නොපෙනෙන්න කාව්‍යගේ මල්ලි වෙන කාර්ති ලොකු සහයෝගයක් දෙනවා.  ඉතින් මේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද බැරිද කියන එක දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වෙනවා. මං මේ කිව්වේ කතාවේන් පොඩ්ඩම පොඩ්ඩයි.

එහෙනම් ඔන්න මම ගියා. 49 වෙනි උපසිරැසි දිගහැරුම තමයි අද මම මේ අරගෙන එන්නේ. එදා සිට අද වෙනතුරු නන් අයුරින් සහයෝගය දුන් සැවොම මතක් කරනවා. හැමෝටම ස්තුතියි. වෙනද වගේම අදත් ලිපිය නම් ගන්න දෙයක් නැතුව ඇති. ඒත් චිත්‍රපටිය සුපිරියි. ඒ නිසා ලිපිය බලන්නේ නැතුව ඒක අරගනන :) ඉතින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවත්, ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරමින් මම යනවා.

සැමට ජයෙන් ජය!!!!

 

Bruce Lee-The Fighter (2015) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>