මතකනේ ඉතිං දෙවන කොටසෙ වුණ දේ. ඒත් ඇත්තටම හරුටෝ කියන්නෙ මේ කතාවට අළුතින් එකතු කරපු චරිතයක්. හරුටෝ වගේ කෙනෙක් කිටෝ ආයට හම්බවුණු වගක් එයාගෙ කෘතියෙ නැහැ, ඒත් ටෙලි කතාව ගොඩ නගන්ඩ හරුටෝ කියලා චරිතයකුත් යොදාගෙන තියෙනවා. ඒත් ටෙලි කතාවට සාපේක්ෂව නම් හරුටෝ කියන්නෙ ප්‍රධාන චරිතයක්.
ඉතිං ආයට උදව් කරන්න ගිහින් හරුටෝටත් විභාගෙට ලියන්ඩ වුණානෙ. දැන් හරුටෝත් විභාගෙ පාස් වෙලා ආයගෙ පන්තියෙමයි ඉන්නෙ. ඉතිං කොහොමහරි හරුටොයි, ආයයි තමා පන්ති නායකලා වෙන්නෙ. එයාලට ඉකෝලෙ තියෙන සමූහ ගායනා තරඟෙකට පන්තිය සූදානම් කරන්න වෙනවා. මේ වැඩේට පන්තියෙ ගොඩක් අය අකමැතියි. ඒත් කොහොමහරි ආයා ඒකට සින්දුවක් සූදානම් කර ගන්නවා.
ඉතිං මේ අතරෙ ආයගෙ අම්මා මේ රෝගය ගැන විවිධ වෛද්‍යවරුන්ගෙන් අහලා බලන්න ඕනෙ කියලා ඩොක්ට මිසූනෝට කියනවා. ඒවගේම අන්තර්ජාලයෙත් ඒ ගැන හොයලා බලනවා. ඒත් උත්තරේ එකම දෙයයි. මේ රෝගයට තාම ප්‍රථිකාර නෑ කියන එක. ආයිගෙ අම්මා ශියෝකට මේ හැම එකක්ම අතරෙ හම්බවෙනවා කිසි වගකීමක් නැති, දරුවන්ට සළකන්නෙ නැති එපාකරපු අම්මා කෙනෙක්. ඉතිං ආයගෙ අම්මට හිතාගන්න බැරි වෙනවා ආයට මෙච්චර හොඳට සළකලත් ඇයි මෙහෙම වුණේ කියලා. ඩොක්ට මිසූනෝගෙ උපදෙස් මත ආයගෙ අම්මා ඩොක්ට මිසූනෝගෙ ගුරුතුමා එහෙම නැතිනම් රෝගය ගැන ඒ වෙනකොට රටේ ඉන්න උසස්ම වෛද්‍ය වරයාවත් හමු වෙන්න යනවා. ඒ වෛද්‍ය වරයගෙ අදහසත් ආයට තියෙන රෝගය සුව කරන්න බැහැ කියලා. කොහොමහරි ආයගෙ අම්ම හිත හදාගන්නවා මේ ගැන ආයගෙ තාත්තට කියන්න. ඒක ආයගෙ තාත්තට දරාගන්ඩ බැරි වෙනවා. දන්නවනේ දෙමව්පියො කියන්නෙ කොයි කැපකිරීම හරි කරලා තමන්ගෙ දරුවන්ව ආරක්ශාකරන්ඩ හිතන පිරිසක්. ආයගෙ අම්මයි තාත්තයිත් ඒක එහෙමයි.
මේ හැම එකක්ම අතරෙ ආයා අම්මත් එක්ක එයාගෙ තුවාලෙට බෙහෙත් දාගන්න රෝහලට යනවා.ඩොක්ට මිසූනෝ ආයාට දිනපොතක් කියලා හිතාගෙන අර පොත දිගටම ලියන්ඩ කියලා කියනවා.( මතක ඇතිනේ පළවෙනි කොටසෙදි ඩොක්ට මිසූනෝ ආයට එයාගෙ ක්‍රියාකාරීත්වයෙ අසාමාන්‍යතාවක් තියෙනව නම් පොතක ලියන්ඩ කියලා උපදෙස් දුන්නා.)රෝහලට ගිය වෙලාවෙ වෙලාවෙ එයාට හම්බවෙනවා යුකා කියලා අසල්වැසි ළමයෙක්ව. එයාගෙ තාත්තාවත් ඒ රෝහලේ නවත්තලා තියෙන්නෙ. ඇත්තටම ඒ ළමයගෙ තාත්තට තියෙන්නෙත් ආයට තියෙන ලෙඩේමයි. යුකා කියනවා එයාගෙ තාත්තා වැටුණ වෙලාවෙත් එයාගෙ නිකට තුවාල වුණා කියලා. ඒත් ආයා එයාට ලෙඩක් එච්චර බරපතල ලෙඩක් තියෙනව කියලා දන්නෙ නෑනෙ. ඒත් ආයා දකිනවා ඒ රෝගියා භාරව ඉන්නෙත් එයා දන්න ඩොක්ට මිසූනෝට කියලා.
ඉතිං ආයගෙ අම්මයි තාත්තයි ආයට එයාගෙ රෝගය ගැන කියයිද? නැද්ද ?
45 downloads