බයිස්කෝප්වාසීනී වේවාඩ් පයින්ස් වෙත සාදරයෙන් පිළිගන්නවා . ඔයාලට හුරුපුරුදු කෙනෙක් නම් නෙවෙයි මේපාර ගෙන්නේ . කලින් මේක කරගෙන ආවේ රවිදු තේනබදු සහෝ නේ , වැඩකන්දරාවක් තියාගෙන තමයි එයත් මේක ඔයාලට කලට වෙලාවෙට ගෙනාවේ . මේ සතියේ එයාට සබ ගේන්න වෙන්නේ නැහැ .ඒ නිසා ඔයාලගේ කතාවට මම සබගෙනාවා. හරි බලමු මොනාද කලින් කොටසේ මොනාද උනේ කියලා.
වේවාඩ් පයින්ස් දෙවන කොටස :ඒකාධිපතියා
කලින් කතාව ආරම්භ වෙන්නේ වේවාඩ් පයින්ස් නගරය නිර්මාණය කරපු ඩේවිඩ් පිල්චර් ගේ වීඩීයෝ දර්ශනයකින් එය මුලු නගර වැසියෙක්ටම විකාශනය වෙමින් තියෙන්නේ හදිසියේම ජේසන් අතින් තම කාර්‍යාලයේදී ආරක්ශිත කැමරා දර්ශනයක් ක්‍රියාත්මක වෙනවා . ඒකෙන් දර්ශනය වෙනවා ඇබීස්ලා ආරක්ශිත තාප්පය අසල එකතුවී සිටින අවස්ථාවක් . වහාම බට පිරිසක් ඒ ස්ථානය වෙත යොමු කරනවා . ඔයාලට මතක ඇති පළවෙනි කොටසේ ඩොක්ටව දඩුවමක් වශයෙන් කැලයට පිටත් කරලා හරිනවා . ඇබීස් ලා එක්ක සටන් කරකොට කෙරී දරුණු අනතුරකට පත් වෙනවා . රෝහලට රැගෙන ගියත් ශල්‍යකර්මයක් කරන්න තරම් වෛද්‍යවරයකු නැහැ. ඒ නිසා ජේසන් කලින් කැලයට පිටත්කර යැවූ ඩොක්ටව නැවත ගෙන්න ගන්නවා.මේ විදිහට ආපහු නඟරයට ඩොක්ටර්ට එන්න ලැබුණත් බෙන් බර්ක් ට ආපහු එන්න ලැබෙන්නෙ නෑ. පහුගිය කොටසෙදි බෙන්ව ඇබීලගෙ ගොදුරක් වුනා.
අද කොටසෙදි අපිට පරණ චරිතයක් ආපහු දකින්න ලැබෙනව. හරියටම කියනවනම්, පිස්සු නර්ස්, පෑම් ආපහු කතාවට යොමුවෙනව. පෑම් අන්තිමට දකින්න ලැබුණෙ පළවෙනි කතාසමය අවසානයේ පිල්චර් ට වෙඩිතියපු අවස්ථාවකදි. කොහොම වුනත් ජේසන් ඇතුළු කණ්ඩායමට පෑම් එකතුවීම හෝ නොවීම කතාව බලලම තේරුම්ගන්න. දිගටම රැදෙන්න වේවාඩ් පයින්ස් සමග.
– ජය ශ්‍රී –
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් වලට ගැළපේ.
107 downloads
<< Previous Episode All Episodes Next Episode >>