Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lake Placid 3 (2010) with Sinhala Subtitles |කිඹුල් විල 3 [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න යාලුවනේ මම කියපු විදියටම මම මගේ දා හතරවන නිර්මාණය විදියට Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරගෙන ආවා. කොටස් හතරකින් යුක්ත මේ චිත්‍රපට මාලාවේ ලස්සනම කතාව මේක කියුවොත් හරි. හැබැයි මේකත් DVD වලට පමණක් නිකුත් වූ චිත්‍රපටයක්. පළමු වතාවට සිංහල උපසිරසි සහිතව ඔයාලට බලන්න අවස්ථාව දැන් බයස්කෝප් එකෙන් තියනවා. මොකද මේක රුපවාහිනියේවත් සිංහල උපසිරසි සහිතව ප්‍රචාරයවී නැ.

කතාව ගැන කියනවනම් ඔයාලට මතක ඇතිනේ දෙවන කොටසේ හිටිය වයසක උන්දෑ සෙඩ්. මේ කතාව පටන් ගන්නේ එයා මැරිලා අවුරුද්දක් ගිය තැන ඉඳල. නගරේ ඉඳල එයාගේ මුනුපුරෙක් මෙයින් වල විල අයිනේ තියන එයාගේ ගෙදරට පදිංචියට එනවා . එයාලට ඉන්නවා පොඩි පුතෙක්. කොහොමින් කොහොම හරි එයා තමන්ගේ මී ආච්චි කරපු වැරැද්ද ඒ කියන්නේ කිඹුල්ලුන් ට කන්න දාන්න පටන්ගන්නවා. ඉතින් කිඹුලා කිඹුලාමනේ . උන් ගොඩට ඇවිත් මිනිස්සු අල්ලන් කන්න පටන් ගන්නවා. උන්ගෙන් බේරිලා පලායන ඒක තමා මේකේ කතාව . තව කොල්ලෙක් තමන්ගේ තරහවෙලා ආපු පෙම්වතියව හොයන් එන සහ කරදරවලට මුණ දීල එයා බේර ගන්න කරන උත්සාහයකුත් හිමිහිට යටින් යනවා. ඔයාල බලන්න කෝ. ලස්සන කතාව . ආදරය, ත්‍රාසය, කුතුහලය ඔක්කොම තියනවා.

මම ඊළඟට දෙන්නේ මේ කතා මාලාවේම හතරවන සහ අවසාන කොටස. ඒක ඉක්මනටම අරන් එන්නම්. තව දෙයක්, comment දාන ඔයාල අපේ මේ වැඩේට එකතු කරගන්න මම හිතුවා . ඔන්න ඔයාලට මම අවස්ථාව දෙනවා මගේ දහසය වෙනි නිර්මාණය විදියට කරන්න ඕන චිත්‍රපටිය තෝරන්න. මම ඊළඟට දෙන මේකෙම හතරවන කොටස පලවෙනකම් මේකට ඔයාල කමෙන්ට් දාලා කියන්න හතරවන එකෙන් පස්සේ ඔයාලට ඕන ලොකු පිඹුරෙක් ඉන්න කතාවක් ද නැත්නම් ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න කතාවක් ද කියල.

ඔයාල කියන ඒක මම දහසය වෙනි උපසිරැසිය විදියට දෙනවා . ඉතින් ඒක මට කියන්න . ඔන්න මම ගියා . ඉක්මනටම එන්නම්.

බුදු සරණයි …..!

 

 

Lake Placid 3 (2010) on IMDb

 

 

 

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>