කොහොම කොහෙන් පටන් ගන්නද කියලා මටම තේරෙන්නේ නැහැ, ආසාවට සබක් කොරලා බලන්න ඕනේ කියලා හිතලා පටන් ගත්ත වැඩේ සැහෙන කාලයක් අරං බොහොමත්ම හෙමින් ගමනක් ආපු මම අද 100 වෙනි අඩව්ව අල්ලන්නයි ඔන්න හදන්නේ. ඇත්තටම අලුත් එකක් වෙනුවෙන් දැන් ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි වගේම, මේ ටිකේ අති දුෂ්කර ගමනක් තමයි ආවේ, දන්නෝ දනිති කිව්වලු.
ඉතින් කිව්වත් වගේ මටම තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා, සිරාවටම.
අඩවියට ආපු මුල්ම කලේ එකදිගට චිත්රපට කිහිපයකටම උපසිරස නිර්මාණ කලත්, පසු කලෙක ටීවී කතා කිහිපයක් සදහා දිගටම නිර්මාණ කළා. මුලදීම ඉතින් විකියා අමතක කරන්න බැහැ, කොහෙත්ම. මොකද අරක කරමු, මේක කරමු කියලා. දුන්න ගොඩක් ඒවා මම කළා, පස්සේ පස්සේ ඉතින් මිසින් තමයි, එහෙම එන අතරමග හමු වෙච්ච කට්ටිය තමයි රොයිලි අයියා, සමීර(ඩොකා), හසන්ත අයියා, වගේම අඩවි සංස්කරණ පැත්තට ප්රවේශය ලබා දුන්නු වාසල අයියත්. පස්සෙන් පහු අපේ බයිස්කෝප් පිස්සෝ රැල අමතක කරන්නම බැහැ, මුලින්ම ගේට්ටුවෙන් පස්සේ හොදටම සෙට් වෙච්ච විමා, කැරුණේ, හේවා, යශෝද, සමන්, දසන්, ගයන්, සදුන්, චන්දිම, දිල්ශාන්, කැලුම්, කවිදු, චුටි මල්ලි, සිරාජ්, ෂෙරින්, සුරේනි, නිර්මාණි, අනේ අමතක වෙච්ච කවුරු හරි ඉන්නවා නම් සමාවෙන්න ඕනේ. ඒවගේම ඉසිර සහෝවත් අමතක නොකර බැහැ, මෑතකදීම හමුවෙච්ච සෙට් ඒක වුනේ අචින්ත මල්ලි, රනුල, චාමර, තාරක, සුදීරත්, කතා බහා නොකලට අඩවියේ නව පරම්පරාව විදිහට ඉදිරියට එන මධුක, ඉසිරු, කසුන්, පුර්ණි, මයුර, රවිදු, යසිරු, පැතුම්, දිනේෂ්, විජිත්, බුද්දික, තරිදු, ලසන්ත, වගේ තව එකී නොකී අලුත් අයත් අය බොහොමයි. ඉතින් ඔයාලා අතේ තමයි මේ අඩවියේ ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ. කොහොමෙන් කොහොම හරි ලොකු මිතුරු කැලක් ඇති කරගන්න ලැබුනා, ඒ ගැන සතුටුයි. ඒවගේම නිර්මාණ වලට අදහස් පල කරන, අඩවියට නිතර දෙවේලේ ඇවිල්ලා ඔලුව දාලා යන ආදර රසික කැලටත් බොහොම ස්තුතියි. එහෙනම් ස්තුතියි කතාව නිම කරලා බලමුද මේ ෆිලුම මොකද්ද කියලා?
අපි හැමදාම ඉතින් ඒක ඒක ජාතියේ ෆිලුම් බලනවා නොවැ. ගහාමර ගන්න ඒවා, හොල්මන් ඒවා, වීර කතා, ආදර කතා, අබිරහස් කතා ආදී නොයෙක් ජාතියේ එව්වා බලනවා නේ, මේකත් එහෙව් අමුතු ජාතියේ කතාවක්, අමුතුයි කියන්නේ, සාමන්යයෙන් අපි කතා කරන්න, නිදහස් වෙලාවට හිතලා බලන්න අකමැති මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ, ඒ තමයි මරණය ගැන, ටිකක් බයයි වගේ නේද? ඔව්, හිතලා බලන්න, පොඩ්ඩක්, අපි කොච්චර සෙල්ලම් දැම්මත්, මොනවා කලත්, මොනවා එකතු කලත්, කොච්චර බැංකු වල තිබ්බත්, අපි කාට, කොහොම, ආදරය කලත්, අපේ පවුලේ අය. හිතවතුන්, සෑම සියලු දෙයක්ම, අපිට කිසිම නිදහසකට කරුණක් කියන්නේ නැතිවම අත හරින්න වෙනවා, මරණය ආවම. කෝ එතකොට “මම” කියලා හිටපු කෙනා, එයාට මොකද වුනේ? අපේ මතකයන් වලට මොකෝ වුනේ? ප්රශ්න ගොඩයි නේද? හිතද්දීත් පිස්සු වගේ.
ඉතින් මේ කතාවෙත් ඉන්නවා ජීවිතය, මරණය ගැන හිතන්න හිතලවත් තිබුනේ නැති හුරතල් කෙලි පැටික්කියක්. ඇයගේ පවුලේ දගකාරිම චරිතේ තමයි මේ සූසි. සූසි බොහොම සතුටෙන් ජිවිතේ යමක් කමක් තේරෙන හොදම දගකාරි වයසට එනකොට, ආදරය කියන වචන වල, එකේ හැගීම් දැනීම් දැනෙන හොදම කාලේ එනකොටම, ඒ කියන්නේ වයස අවුරුදු 14න් මරණයට පත් වෙනවා, හරියටම කිව්වොත් ඝාතනය කරනවා. ඉතින් මේ පුංචි සූසි කොහොමත් එයා මේ පොළොවේ පය ගහලා ඉද්දි පටන් ගත්ත දේවල් අතහරින්නේ? කොහොමද ආදරේ විදින්නේ? එයාට එයාගේ පවුල අත හරින්න පුළුවන්ද? පෙම්වතා අහහරින්න පුළුවන්ද? එත් තවම සුසිගේ මරණය විශ්වාස නොකරන තව කෙනෙක් ඉන්නවා, ඒ තමයි සුසිගේ පියා. ඔහු ඇයගේ මිනීමරුවා හොයාගෙන යනවා, ඒවගේම සුසිගේ නංගිත් ලොකු සටනක් දෙනවා, සුසීට සාධාරණයක් ඉටු කරන්න, එත් ඇය පැතු ජීවිතයේ සෑම දෙයක්ම මරණය විසින් ඇයට අහිමි කරලා අවසන්. මැයගේ මේ උත්සාහය නැවතත් පොලෝ තලයේ නිදහසේ දුව පැන ඇවිදින්නයි, ඇයට ඒක කරන්න පුළුවන් වෙයි ද? ඇයගේ උත්සාහය ගැන තමයි මේ කතාවෙන් දිග ඇරෙන්නේ. කිසිම කම්මලි කමක් නැතුව ඒක උස්මට බලලා ඉවර කරන්න පුළුවන් අමුතුම, සුන්දර දර්ශන තියන ලස්සන කතාවක් මේක, බලපු අය ඉන්නවා නම් ආයෙත් බලන්න, නොබලපු කෙනෙක් නම් මම කියනවට බලන්න.
2009 දී දිග ඇරෙන මෙම කතා පුවත අධ්යක්ෂ කරන්නේ Peter Jackson විසිනුයි. නිෂ්පාදකයෙක් වශයෙන් Steven Spielberg ද දායකත්වය සපයන මේ මෙම චිත්රපටය සිනමා දර්ශකයේ 6.7/10 අගයක් ලබා තියෙනවා, එමෙන්ම සූසි විදිහට Saoirse Ronan ද, සුසිගේ පියා ලෙස Mark Wahlberg ද, හා තවත් දක්ෂ නළු නිලි රැසක් දායකත්වය ලබා දීලා තියනවා. ඉතින් 2009 ආව පරණ කතාවක් කියලා නම් හිතලා මගහැර ගන්න එපා කියලා කියන්න කැමතියි. වෙනස්ම අත්දැකීමක් ජිවිතයට ගන්න ලැබෙයි කියලා මම හිතනවා.
එහෙනම් හැමදාම කියනවා වගේ මේ කතාවත් එක්ක එකතු වෙන්න, ඔයාලගේ අදහස් කියන්න. දැන් ඉතින් බැලිල්ලක්ම තමයි තියෙන්නේ. එහෙනම් නැවත හමුවෙමු යැයි නොකියා, සමුගන්න යන්න අවසර පතනවා. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
ගැලපෙන වීඩියෝ පිටපත්. (හෑෂ් ටැග් සදහා උපසිරැසි ගොනුව බලන්න.)
1. The Lovely Bones (2009) 720p BrRip x264 – YIFY
2. The Lovely Bones 2009 720p 10bit BluRay x265 HEVC-MZABI
3. The Lovely Bones[2009]DvDrip[Eng]-FXG
“මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සදහන් පිටපත් සදහා ගැළපේ”
291 downloads