මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි.
එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.
උතුරේදී….
ජොන් සන්සා හා ඩාවෝස් තම සටනට හමුදාව එකතු කරන්න පටන් ගන්නවා. වනචාරීන්ගෙන් (සිතියමේ අංක 1 ) හා මෝමන්ට් වංශයෙන් (සිතියමේ අංක 2 ) සහය ලැබුණත් ග්ලොවර් වංශයෙන් (සිතියමේ අංක 3 ) වැඩි සහයක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ ස්ටැනිස් කලින් කඳවුරු බැඳගත්ත තැනට එනකොට ඔවුන්ට එකතු වෙන්නෙ උතුරේ සුළු වංශවලින් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ආපහු හිම කුණාටුවක් එන්න කලින් ජෝන් සටන පටන් ගන්න තීරණය කරනවා වුණාට සන්සා ඒකට විරුද්ධ වෙනවා. ඉතින් සන්සා තීරණය කරනවා ලිපි යවන්න.
රිවර්ලෑන්ඩ් වලදී…
රිවර්ලෑන්ඩ් වල තිබ්බ ටලී බලකොටුව (සිතියමේ අංක 4 ) රත් විවාහයෙදි ස්ටාක් හමුදාවට ද්‍රෝහි වීම වෙනුවෙන් ෆ්රේ වරුන්ට රජු පැවරුවා. ඒක ආපහු බ්ලැක්ෆිෂ් අල්ල ගත්ත හින්දා ඔන්න දැන් ජේමිට ඒක නිදහස් කරන්න පැවරෙනවා. බලමු ඒක කොහොම වෙයිද කියලා මේ කොටසෙන්.
බ්‍රියෙන් අතින් තුවාල ලබලා මිය ගියා කියල හිතපු හවුන්ඩ්ව යන්තම් මරණයෙන් ගලවගෙන කියල අපි දැක්කා. හැබැයි ඒ ගලවාගත් කෙනාට නම් වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුන් නෑ. ඔවුන් ගොඩනගමින් උන්න ගොඩනැඟිල්ල (සිතියමේ අංක 5 ) ළඟදීම වෙච්ච සිදුවීමේ පලිය ගන්න නැවතත් හවුන්ඩ් ආයුධ අතට ගත්තා. හැබැයි මෙදා පාර නම් කඩුවක් නෙවෙයි පොරවක්.
කිංග්ස් ලෑන්ඩින් වලදී…(සිතියමේ අංක 6 )
මාජරී කරන්නෙ බොරුවක් කියලා ඔන්න යන්තම් පෙන්නුවා. ඒ වගේම සර්සි දැන් තනිවෙනවා. ඔලෙන්නා ආපහු රීච් බලා පිටත් වෙන්නයි යන්නේ.
බ්‍රාවෝස් හිදී…(සිතියමේ අංක 7 )
ආර්යා ආපහු වෙස්ටරොස් යන්න සුදානමින් වෙවී ඉද්දි වෙයිෆ්ගේ පිහි ඇණුමකට ලක්වෙනවා. ඒ ගැන වැඩි තොරතුරු අද කොටසෙන් බලමු.
වොලන්ටිස් හිදී…(සිතියමේ අංක 8 )
තියොන් හා යාරා වොලන්ටිස් වල නැවතිලා. යාරාගේ බලාපොරොත්තුව ඩැනීව හම්බවෙලා ඔවුන්ට නැව් වල සහය ලබාදීලා ආපහු තම මාමා වෙච්ච යුරෝන් ගෙන් අයන් දූපත් වල බලය අල්ලා ගැනීමයි. එතෙන්දි ඇය විසින් තියොන්ට හොඳ දේශනාවක් දෙනවා.
හොඳයි අද GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපියක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට අලුත්ම වීඩියෝ එක බලන්න කියල පණිවිඩයක් එව්වා. ලබන සතියෙවත් ලිපිය ලැබේවා කියලා පතමු. ඔයාලත් ඉල්ලුවොත් තමා වැඩියෙත්ම හොඳ.
—————-
පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
කුඩා කොපි හෑෂ් සඳහා ක මෙ න් ට් බලන්න.
Works with – HDTV – KILLERS, AVS, BATV, yourserie.com, WEB.h264-EXCLUSiVE
965 downloads
<< Previous Episode All Episodes Next Episode >>