Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Species 2 (1998) with Sinhala Subtitles |මෝහිනී 2 (18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Species II (1998)

ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ. කියන්න තියෙන්නේ ගොඩක් වියදම් කරලා හදල තියන චිත්‍රපටි හින්ද පරණ උනත් රුප රාමු අධි තාක්ෂණික ක්‍රම වලට හදල තියන්නේ. බැලුවට පාඩු නැ. මොකද අලුත් ඒවා තරම්ම මේකේ  කතාව සහ රුප හොඳයි කියල විස්වාසයෙන් කියන්න පුළුවන්.

කතාව ගැන කියනවා නම් පොළවෙන් අඟහරු ලෝකෙට යන ගගනගාමියෙක් වැරදීමකින් පිටසක්වට ජාන අසාදනය ලක්වෙලා ආපහු එනවා . ඒක එයාවත් දන්නේ නැ. මේ අතරේ ඔයාලට පළමු කොටසේ මුණගැසුන “සිල්” ගේ ජාන වලින් තව කෙල්ලෙක් නිර්මාණය කරනවා “ඉව්” කියල. මේ අතරේ ආපු ගගනගාමියා මේ ලෝකේ ඉන්න කාන්තාවන් හා එක්වීම හින්ද සුපුරුදු විදියටම ඉක්මනට පිටසක්වල ජීවින් හැදෙනවා . ඔය අතරේ “ඉව්” පැනල යනවා . පස්සේ අසාදනය වෙච්ච ගගනගාමියා එක්ක  “ඉව්” එකතුවෙන් නියමාකාර පිටසක්වල ජිවියන් හැදෙනවා . ඉතින් මේ සිදුවීම් නවත්තන්න හමුදාව සහ විද්‍යාඥයෝ කණ්ඩායමක් ගන්න උත්සාහය තමා මේකේ තියෙන්නේ. මේ චිත්‍රපටිය Sei-fi  ගණයට අයිති උනත් මට කියන්න පුළුවන් Horror, Thriller කැමති අයට අල්ලලා යාවි කියල.

හොදයි ඉතින් මම ඊළඟට දෙන්නේ මේකෙම තුන්වන කොටස., ඒක ඉක්මනට දෙන්න බලනවා . ඒත් ගැටලුවකට තියෙන්නේ ඇස්වහක් කටවහක් නැ, අපේ බයස්කෝප් එකේ පෝලිම දිගයි. මම හිතන්නේ චිත්‍රපට සංස්ථාවේවත් මේ වගේ පෝලිමක් නැතුව ඇති. කොටින්ම මේ චිත්‍රපටියේ පලවෙනි එක බාර දීල දවස් හයකට පස්සේ තමා පල උනේ. බලමුකෝ , ඔක්කොම හොඳින් උනොත් තුන්වන එක ඉක්මනටම ලැබේවි.

මේකේ තියන ඇතැම් රූපරාමු  හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. තව කියනවනම් ගොඩක් සංවේදී අයට කියන්නේ මේකේ තියන සමහර කොටස් බලනකොට පරිස්සමින්. ඉතින් බලනවානම් ඒ ගැන සැලකිලිමත් වන්න කියල කියනවා.

මම යනවා . එන්නම් ඉක්මනින්.

බුදු සරණයි …..!

 

 

Species II (1998) on IMDb

 

 

 

Species II 1998 720p BluRay H264 AAC-RARBG

මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles