මාසයක විතර නිවාඩුවට පස්සේ කතා සමය මේ සතියේ ආයෙමත් ඇරඹුනා. තව සමහර ඒවා අද රෑ විකාශය වෙනවා. අළුත් අළුත් ඒවා. ඒ අතරේ මේ ඇතැම් අය ආශා කරන supernatural වලත් දහවෙනි කතාංගය ඊයේ දිනයේ විකාශය වුණා. සමාසයක නිවාඩුව නිසාත් මට කතාවත් මතක නැහැ මොකක් උනාද කියලා. ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. අනික කොහොම හරි විකාශය වෙලා අන්තර්ජාලයට ආපු දවසෙම මං කරලා එව්වනේ. සෑම්ට පෙනුන දැක්මවල් වලින් දැක්ක දේවල් ගැන සෑම් හිතුවේ ඒවා එන්නේ දෙවියන්ගෙන් ඒවගේම එයා හිතුවේ දෙවියෝ කියන්නේ එයාට ආපහු ලූසෆර්ගේ කූඩුවට යන්න කියනවා කියලා. මොකද සෑම් නිතර නිතර දැක්කේ ඒ හිර කූඩුව. මේක ගැන ඩීන්ට කිව්වහම එයා නම් කැමති වුණේ නැහැ. නමුත් කරන්නම දෙයක් නැති හින්දා සෑම් හා ඩීන් යනවා අපායට ක්‍රව්ලි එක්ක. පස්සේ මෙයාලා රොවීනාව අල්ලාගෙන සැලසුමක් ගහනවා මේක විසදන්න. ඒ අතරේ ඩීන් යනවා ආපහු මහා පොළවට :p ඒ අපරාධයක් වුන තැනකට. ඒ වෙන කොහෙවත් නෙවෙයි. පල්ලියකට. අමාරා විසින් ආත්ම කලා දාපු පල්ලියට. ඩීන්ට අමාරව මුණ ගැහෙනවා. එතනදී ආපහු අමාරව සිප ගැනීමකුත් වෙනවා. එතනදී ඔයාලා දකින්න ඇති ඩීන් ඇයව සිප ගත්තට පස්සේ එක පාරට ගැස්සිලා යනවා. එතකොට අමාරා කියනවා ඒ තමයි අනාගතය කියලා. අපි නොදැක්ක ඒ අනාගතය මොකද්ද?
අද කොටසේ සෑම් තාමත් ලූසෆර්ට කොටු වෙලා ඉන්නේ. එයාට ආයෙමත් ඕනේ වෙලා තියෙන්නේ සෑම්ගේ සිරුර අරගන්න. අරගෙන අන්ධකාරය විනාශ කරන්න. ඒක කරගන්න ලූසෆර්ට පුලුවන් වෙයිද? අනික මෙතන ගොඩක් සිද්දවුන දේවල් හොරෙන් හදපු සැලසුම් වගයක්. ඒ රොවීනා හා ලූසෆර් අතර. ඒ මොකද්ද? එතකොට මේක පාවා දීමක්ද? අර ගහපු අකුණට අමාරා මැරුණද? එතකොට කැස්ටියල්? එයා ආයේ උදව්වට එනවා. නමුත් අන්තිම හරියේ නම් පොඩි පොඩි අවුල් වගයක් වෙනවා. ඒ නිසා කතාව හිතාගන්න බැරි පැත්තකට ගෙන යනවා. කොහොම කොහෙමෙන් හරි ඩීන්ට පුලුවන් වෙයිද සෑම්ව බේරගන්න? බලලම ඉන්නකෝ මේ උණු උණුවේ ගෙනාපු එකේ.
ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!
263 downloads
<<Previous Episode All Episodes Next Eepisode >>