Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

My Big Fat Greek Wedding 2 (2016) with Sinhala Subtitles |කසාදේ කසාදේ තාම බැදලා නෑනේ මෙයා කසාදේ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

My Big Fat Greek Wedding 2 (2016)

ඔන්න යාලුවනේ මම ඔයාලට වෙනස් විදියේ බයිස්කොප් එකක් අරගෙන අයෙමත් සැරයක් ඔයාලා බලන්න ආවා.. වෙනස් විදියේ බයිස්කෝප් එකක් කිව්වෙ මම ගොඩාක් සබ් දිලා තියෙන්නෙ හොල්මන් චිත්‍රපට වලටනේ .. මේ පාර නම් මම ඔයාලට අරන් අවේ සුපිරි කොමඩියක් මේක ගැන මාව දැනුවත් කලේ ඔයාල කවුරුත් දාන්න අපේ බයිස්කෝප් සමීර සහෝදරයා .. මේක ගැන කියනවා නම් මේක පට්ට පතුරු බයිස්කෝප් එකක්  තමයි මේක පට්ටම පට්ට කොමඩියක් … මෙකේ මුලු කථාවම ගලා යන්නෙ ආතල් සෙට් එකක් ඉන්න ග්‍රීක පවුලක් වටේ මේ ආතල් බයිස්කෝප් එක අධ්‍යක්ෂණයා කරලා තියෙන්නෙ Kirk Jones විසින් .. ඒ වගේම මේකට අයි එම් ඩිබී දර්ශකයේ 6.1 අගයක් හිමි වෙලා තියෙනවා …….

 
කථාව ගැන කියනවා නම් මේක ගලා යන්නෙ ග්‍රීක පවුලක් වටා මේ පවුලේ හැමෝම ගොඩාක් සමීපයි .. සමීපයි ක්ව්වේ හැමවෙලාවේම වගේ හැමෝම එකට තමයි ඉන්නෙ ගස් කියන්නෙ මේ පවුලේ ප්‍රධානියා පොරට මාර ග්‍රීක ජාතීකයෙක් වීම හරිම උජාරුවෙන් ඉන්නේ ඔහුට ඕන කරනවා පැරීස් ඒ කියන්නෙ ගස් ගේ මිණිබිරිය ඔහුට ඕන පැරීස්ට ග්‍රීක කොල්ලෙක් හොයලා කසාද බන්දන්න ඒ අතරේ තමයි ගස්ට ඔහු ගේ විවාහ සහාතිකය හමුවෙන්නෙ එකේ තියෙන විදියට ගස් .. ඒවගේම මරියා ඒ කිව්වේ පැරිස් ගේ ආච්චි අම්මා ඔවුන් තවම කසාද බැඳලා නැහැ .. මේක මරියාට කිව්වම පිස්සු නටන්න ගන්නවා පවුලේ අය එකතු වෙලා ඔවුන් අයෙමත් විවාහ කොරලා දෙන්න තමයි හදන්නෙ  ….. පැරිස් ගේ හිතේ කොල්ලෙක් ඉන්නවා ඇය ගේ පාසලේ කෙනෙක් ……….. ආච්චියි සීයයි \\\\(ගස් සහා මරියා) අයෙමත් සැරයක් කසාද බන්දන්න ඔයාලා කලින් එහෙම දෙයක් දැකලා තියෙනවද .. ඒ වගේම ඔහු ඒ පවුලෙ ඉන්නෙත් පට්ට ආතල් දෙන සැට් එකක් ….. ඔවුන් තමයි මේ මංගල උත්සවය සැලසුම් කරලා කරන්න යන්නෙ ඒ වගේම පැරිස් නිව්යෝක් වල ඉගෙන යන්න හිතා ගෙන ඉන්නෙ ඒ අතරේ ඇය බෙනට් ඒ කිව්වේ මම අර කලින් කිව්ව කොලු ගැටයා ඔහුට ආදර යෝජනාවක් කරනවා ඔහු ඇයට කැමති වේවිද ? ඔහු ග්‍රීක ජාතීකයෙක්ද ? ආච්චිගෙයි සියගෙයි මංගල උත්සවය ජරමරයක් නැතිව සිද්ධ වේවිද ?? ඒක දැන ගන්න නම් .. මේ පට්ට පතුරු කොමඩිය බලන්නම වෙනවා .. නොබලා කොහොමද මේක සුපිරි කොමඩියක් නෙව .. මේක බාගන්න දාන අතරේ පොඩි අදහසකුත් කොටලා යන්න අමතක කරන්න එපා .. තවත් සුපිරි බයිස්කෝප් එකකට සබක් අරගෙන ලගදීම හමුවෙන්නම්කෝ.
බයිස්කෝප් එකට ජයෙන් ජය !!!

 

My Big Fat Greek Wedding 2 (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>