ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් දෙවන උපසිරසියත් අරන් ආවා.ලස්සන ආදර කතාවක් , ඒවගේම ලෝක චිත්‍රපට ඉතිහාසේ තියන විශේෂම චිත්‍රපටියක්. මේක කොච්චර ජනප්‍රිය එකක්ද කියනවා නම් ගුගල් එකේ “Six Days a” කියල ටයිප් කර ගමන් උඩින්ම පෙන්නන්නේ මේක. ඒවගේම IMDb දර්ශකයේ 5.7 අරන් තියන එකක් හින්ද ඔයාලට මේකේ ගුණාත්මක බව ගැන ප්‍රශ්නයක් නැ. සුප්‍රසිද්ද නළු හැරිසන් ෆෝඩ් රඟපාන චිත්‍ර පටියක් හින්ද සිනමා රසිකයෝ මේක ගැන හොඳටම දන්නවා. මේ වෙනකම් සිංහල උපසිරසි නැතුව බලපු ඔයාලට ඔන්න සිංහල උපසිරසි එක්ක බලන්න අවස්තාව.
මේකේ කතාව ඉතින් ඔයාල දන්න කහෝ නා ප්යාර් හේ චිත්‍රපටියේ කතාවේ බාගයක් වගේ. ඇත්තටම මේකෙන් තමා ඒක කොපි උනේ මම හිතන්නේ. ගුවන් යානයක් කඩන් වැටිලා පාලු දුපතක තනිවෙන යුවලක් ටිකෙන් ටික ආදරෙන් බැඳෙන එක තමා මුලික කතාව. මුලින් දෙන්නට දෙන්න පේන්න බැරි උනත් දුපතෙන් යනකොට දෙදෙනා ප්‍රකාශ නොකරන ලද පෙම්වතුන්. ඇයි එයාල ආදරය ප්‍රකාශ කරන්නේ නැත්තේ සහ එයාල එකතුවෙනවද වෙන්වෙනවද කියල බලන්න ඔයාල චිත්‍ර පටිය බලන්නම වෙනවා. මම කියුවොත් වැඩක් නැ.
ඔයාල දන්නවා මම සත්තු ඉන්න චිත්‍රපටවලට වැඩි කැමැත්තක් දක්වනවා කියල. මම ඊළඟට දෙන්නේ ලෝක චිත්‍රපට ඉතිහාසේ නමක් තිබ්බ චිත්‍රපටියක්. කලාත්මක පැරණි එකක් උනත් වර්තමාන සියලු විද්‍යා ප්‍රබන්ධ සහ සත්තු ඉන්න චිත්‍රපට වලට අඩිතාලම දැම්ම චිත්‍රපටියක්. ජේම්ස් කැමරන් මහත්තයා පවා විටක කියුවා එයාගේ චිත්‍රපටිවලට ආදර්ශය සැපයුවේ මේ චිත්‍රපටිය කියල. ඉතින් එකෙන් හමුවෙමු.
බුදු සරණයි..!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.
640 downloads