Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fargo [S02 : E10] with sinhala subtitles |අවසානය… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Fargo New S2P5

ඔන්න ෆාර්ගෝ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙන ආව.රේටිං අතින් ඉහලින්ම සිටින රූපවාහිනී කතා මාලාවක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..ඉතින් අද එපියට imdb අගය 8.6 ලබාගෙන තිබෙනවා..ඉතින් කලින් එපිය ගැන මතක් කරනවනම් ගර්හාට් අධිරාජ්‍යය ඔවුන්ගේම කෙනෙක් අතින් විනාශ වෙනවා..එනම් හැන්සි අතින්..ඔහු ගර්හාට් පවුල කූට ක්‍රමයකින් විනාශ කර දමනවා..නමුත් ඇයි..?? එය අදටත් අභිරහසක්..ඔය අතර එඩ් හා පෙගී සුපුරුදු පරිදි පැනල යනවා.. මේ හැන්සිත් ඔවුන්ව ලුහු බදිනවා..ඉතින් අද කොටසින් බලන්න පුලුවන් ඔවුන් ‍පැනල යාවිද නැත්තම් කුමක් සිදු වේවිද කියා..

ඉතින් තව පොඩි සටහනක් දාල යන්නම් අවසාන කොටස නිසා..ඇත්තටම රූපවාහිනී කතාමාලාවකට සිංහල උප සිරැසි කරන එක මෙච්චර අමාරුයි කියල දැන ගත්තේ මේකට බැස්සම තමයි..ඉතින් ලොකු කැප කිරීමක් කරන්න ඕනි. ‍ෆාර්ගෝ එකේ භාවිතා කර තිබෙන ගොඩක් වචන බර තේරුම් තියෙන ඒවා..සමහර ඒව ඩික්ෂනරියෙවත් නෑ. ඒ වගේම දැන් භාවිත නොවන වචන පවා යොදා ගෙන තිබුණා..කෙසේ හෝ හිතනවා මම මේකට සාධාරණයක් කරා කියලා.. .ෆාර්ගෝ ගැන කියනවනම් මේක විකාශය උනේ 2015 දී..නමුත් සබ් දාල තිබුනේ පලවෙනි එපියට පමණයි..ඉතින් මම මේක භාර අරගෙන සබ් දෙනකොට ගොඩක් අය ඉංග්‍රීසි සබ් එක්ක බලලා..නමුත් යම්කිසි පිරිසක් මේ කතා මාලාව එක්ක එකතු වෙලා හිටියා ..ඉතින් ඔවුන්ගේ උනන්දුවෙන් කොහොම හරි ඔන්න ගොඩ දා ගත්තා..කමන්ට් කරපු හැමෝටම ස්තූතියි..  ඉතින් මේ මගේ 10 වෙනි උපසිරැසිය..මේක බාර ගන්නකොට එක සබ් එකයි කරල තිබුනේ කෙසේ හෝ විශ්වාස කරල මේක මට බාර දුන්න බයිස්කෝප් එකටත් විමා අයියටත් ස්තූති කරනවා…ඒ වගේම දේවින්ද අයියේ ඔයාටත්…(ඕන් දැන් බලන එකයි ඇත්තේ..ආවොත් අහන්නෙ සබ් එක කෝ කියලනේ ) ඒ වගේම වචනෙකින් හරි උදව්වක් කල හැමෝටම ස්තූතියි.

ඉතින් මේකේ තුන්වෙනි කථා මාලාව 2017 දී විකාශය වීමට නියමිතයි..ඒක ආවම මම හෝ බයිස්කෝප් අඩවියේ අපේ සහෝදරයෙකු විසින් එය ඔබ වෙත සමීප කරනු ඇති..එහෙනම් ගිහින් එන්නම්..එපිසෝඩ් 10ක් පුරාවට රැදී සිටි ඔබ සැමට තුති..තවත් උපසිරැසි‍යකින් හමුවෙමු.

ඔබ‍ට ජය…!

 

 

 

Fargo (2014) on IMDb

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

Fargo.S02E10.REPACK.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Season>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>