3වෙනි කතාවේදී නම් චාන්ස් එකක් හම්බුනා දවල් 12 වෙද්දී උපසිරැසිය ලබා දෙන්න. ඒත් පුළුවන් තරමින් වැඩ අස්සේ තමයි අදත් උපසිරැසිය මේ කරලා මේ ගේන්නේ. හැමදාම වගේ ලබන සතියේ ලිපිය පොඩ්ඩක් සවිස්තරාත්මකව ලියන්නං කියලා කිව්වා. අදත් කියන්න වෙන්නේ ලබන සතියේ වැඩි විස්තර, ලුණු ඇඹුල් දාලා හොඳ ලිපියක් ලියන්නම්. එක්කෝ අගෝස්තු නිවාඩුවට කල් වේලා අරගෙන හොඳ ලිපියකින් හමුවෙමු. අදත් වෙනදා වගේ ජාමේ බේරගෙන කතාව බලමු.
අපි බලපු හැම සිසන් එකකම අමතක වෙන්නේම නැති සුපිරිම එපියක් අපේ හිතේ තියෙනවා. මේ සීසන් එකේ මේ එපිය තමයි, දැනට ආපු කතා වලින් එහෙම මතක හිටින, හිතට වදින එක. කොටින්ම කිව්වොත් අද එපිය බලපු මට පසුගිය සතියේ එපියෙන් ලිපිය ලියන්න අවශ්‍ය කරුණු කාරණා පවා අමතක වුනා. කොහොම වුනත් අද කොටස නම් සුපිරියටම ගලාගෙන යන කොටසක් කියලා දැනට නොබලපු හැම දෙනාටම කියන්න පුළුවන්.
පසුගිය සතියට උඩින් සතියේ ගොඩබිමට ගිහිල්ලා සාශා දන්න කියන තැන් වලට කතා කරලා පැහැරගත්තු අය ගැන හෝඩුවාවන් කිහිපයක් දැනගත්තා. මේ අතරේ එයාලට රෑපවාහිනිය හරහා මංකොල්ලකාරයින්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න පුළුවන් වුනා. ඒ සිදුවීමෙන් පසුව තමයි ටකහායා හොයාගන්න ගිය ගමන අතරේ තෙල් ගහන්න ඕනේ නිසා, චීනේ ජනාධිපතිගේ මන්දිරයට සද්ධ නැතුව කඩා වැදුනේ. මේ අස්සේ ජනාධිපතිට තර්ජනය කරලා, ටකහායා ගැන විස්තර දැනගන්නත් මෙයාලට පුළුවන් වුනා. කොහොම වුනත් ගින්නක් අවුලුවා ගන්නේ නැතුව ඒ වැඩේ ගොඩින් බේරගන්න කැප්ටන් චැන්ඩ්ලර්ට පුළුවන්කම ලැබුණා. මේ වැඩේ කරන්න යද්දී අපි දැක්කා, මේ ගැන ජනාධිපති මිචෙනර්ට විතරයි කිව්වේ. කොටින්ම කිව්වොත් කාරාවත් මේ චීනේ ජනාධිපති මන්දිරේට කඩාවදින සිදුවීම කිව්වේ නෑ. ඒ වගේම තමයි ඒ කරද්දී අහුවුනොත් ඇමරිකාවයි චීනෙයි අතරේ යුද්ධයක් ඇතිවෙන අවධානම නිසා, චැන්ඩ්ලර් තමුන්ගේ ගෞරවය පවා මුලුමනින්ම පරදුවට තියලා තමයි තමුන්ගේ යාලුවෝ හොයාගන්න චීනේ ජනාධිපති මන්දිරේට කඩා පැන්නේ. මේ වෙනකං කවුරුත්ම සැක කලේ ජනාධිපති පැන්ග් ටකහායා එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලයි. ඒත් පැන්ග් විසින් තමුන්ගේ චීන නාවික හමුදාව යොදාගෙන ටකහායාව හෙව්වත් එයාව හොයාගන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම තමයි එයාගේ හමුදාවට ඒ අස්සේ ටකහායා නිසා ගොඩක් අනතුරු වලට මුහුණ පාන්නත් සිද්ධ වෙලා තිබෙන බවක් දැනගන්න ලැබුනා. මෙන්න මේ නිසා ටකහායා දෙදෙනාගේම සතුරෙක් වුනු නිසාවෙන් ජනපති පැන්ග් සහ කැප්ටන් චැන්ඩ්ලර් අතරේ ටකහායා මරන්න ඕනේ කියලා පුංචි පහේ එකඟතාවයක් ඇතිවුනා. මේ හේතුවෙන් තවදුරටත් ඉදිරියේදී චීන මුහුදු සීමාව ඇතුලතදී, ජේම්ස් වලට චීනේ නැව් වලින් පරිස්සම් වෙන්න ඕනේ වෙන එකක් නෑ. කොහොම වුනත් කතාව අවසානයක් වෙද්දී හැමෝම නතර වුනේ මුහුදු බෝම්බ රොත්තක් මැද්දේ.
අද කතාව ඇතුලේ ගොඩක් උද්වේගකාරී සිදුවීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කවුරු මැරෙයිද, කවුරු ජීවත් වේවිද කියල කුතුහලය අතින් අතට දෝලනය වෙන කතාවක්. මුහුදේ වැදගත් සිදුවීම් වෙන අතරේ ගොඩබිම ජනපති මිචෙනර්ගේ පැත්තෙන්, දේශපාලනිකවත් ලොකු ලොකු උද්වේගකාරී සිදුවීම් රාශියක් සිද්ධ වෙනවා. ඒක නිසා පලවෙනි සීසන් දෙක වගේ නෙමෙයි. මේ සීසන් එකේදී කතාව බලන අයට දෙපැත්තක් ගැන අවධානයෙන් කතාව රසවිඳින්න සිදු වේවි. මොකද කිව්වොත් මෙදාපාර ඉදිරියට සටන් එන්නේ ප්‍රතිකාරය පස්සේ විතරක් නෙමෙයි. දේශපාලනිකවත් ලොකු ලොකු ඝට්ඨනයන්, හැල හැප්පීම් ආදී සිදුවීම් රාශියක් සිද්ධ වෙන්න පුළුවන්.
ඉතිං මම වෙනදා වගේම අදට සමුගන්නම්. බොහෝම ස්තුතියි යහමින් අදහසක් දෙකක් දක්වලා යන 60කට අධික සියලුම දෙනාට. ඒ වගේම තමයි ස්තුතිය විතරක් නැතුව කමෙන්ට් හරහා තමන්ට අද හෝ පසුගිය සතියේ වෙච්චි දේවල් ගැන දැනුනු විදියත් කිහිප දෙනෙක් අදහස් දක්වලා තියෙනවා. ඒවා වටින වැඩ.
We Live to fight another day.
ආයු -බෝ -වේවා !!!
මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.
3812 downloads
<< Previous Episode All Episodes Next Episode >>