Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mera Naam Joker (1970) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Mera Naam Joker (1970)

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන හතරක් දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන ආදර සම්බන්ධතා කීපයක් ගැන කියවෙන, සර්කස් සංදර්ශනයක් වටා ගෙතී ඇති සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් ඉල්ලීම් කර තිබෙනවා මා දුටුවා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. 

මෙහි ප්‍රධාන චරිත වන්නේ රාජු, මේරි, මරීනා, මීනා, සහ කුමාර් ය. පියා නොමැති දුප්පත් දරුවෙකු වූ රාජුට  හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔහුගේ මව වෙහෙසවෙයි. එහෙත් රාජුගේ සිත ඇදීයන්නේ සර්කස්  ක්‍රීඩාවටයි. ඔහුගේ පියාගේ රැකියාව වූයේ ද එයයි. පියා මියගොස් ඇත්තේ ද සර්කස් සංදර්ශනයක දී සිදූ වූ අනතුරකින්ය. රාජු තමා ඉගෙන ගන්නා පාසලේ අවිවාහක තරුණ ගුරුවරියක් වූ මේරිට සිතින් පෙම් කරයි. ඇය ද රාජුට විශේෂ ලෙන්ගතුකමක් දක්වයි. පසුව ඇගේ පෙම්වතා සමඟ විවාහවන ඇය වෙනත් පාසලකට මාරුවී යයි. සිතින් පීඩා විඳින රාජු, අධ්‍යාපනය හැරදමා සර්කස් කණ්ඩායමකට එකතු වේ. එහි දී සංචාරයක් සඳහා පැමිණෙන රුසියානු සර්කස් ශිල්පිනියක් වූ මරීනාට සිතින් පෙම් කළත් ඇය ද සියරට බලා ආපසු යයි. මේ ආකාරයට කිසිදු පෙම් සම්බන්ධතාවයක් උරුම නොවන රාජු පණමෙන් ආදරය කළේ සර්කස් ක්‍රීඩාවටයි. පසුව හදිසියේ හමුවන මීනා නමැති තරුණිය සමඟ ඔහු හිතවත්කමක් ගොඩනඟා ගනී. එය සාර්ථකවේ ද?  එතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේ ද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති”  යන පැරණි හින්දි චිත්‍රපට හය සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන නවවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි

 

 

 Mera Naam Joker (1970) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

Mera.Naam.Joker.1970.Hindi.DvDRip.XviD.MeN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>