ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස් තුන්වන උපසිරැසිය අරගෙන ආවා. කියපු විදියට ලෝක චිත්‍රපට ඉතිහාසේ විශේෂම චිත්‍රපටියක්. ඔයාල හොඳටම දන්නා ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කරපු සර් ආතර් කොනන් ඩොයිල් ගෙ The Lost World කියන නව කතාව ( චන්දන මෙන්ඩිස් මහත්තයා සැඟවුණු ලොවේ සවාරියක් කියල සිංහලටත් පරිවර්තනය කරලා තියනවා) ඇසුරින් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. IMDb අගය 5.5 අරගෙන තියන, සියලුම චිත්‍රපට ලෝලීන් අනිවාර්යයෙන්ම වරක් හෝ නැරබිය යුතු චිත්‍රපටයක්.
ඔයාල දැන් බලන ජුරාසික් පාක්, ඇවේටර්, ඇවෙන්ජර් වැනි සියලුම චිත්‍රපට හදන්න CGI (Computer Generated Imagery) තාක්ෂණයෙන්. මොකද කිසිම දෙයක් ඇත්ත ලෝකේ නැ. සත්තු ඉන්න චිත්‍රපට එකකවත් ඇත්තට උන් නැ කියල යාලුවෝ ඔක්කොම දන්නවනේ. ඉතින් ඔක්කොම පරිගණක අනුසාරයෙන් හදන්න ඕන. මේ චිත්‍රපටය ආවේ පරිගණක යුගයේ නෙවි. ඉතින් හිතන්න ඩයිනොසර්ලා ඉන්න චිත්‍රපටියක් 1960 වගේ කාලයක හදන්න උත්සහ කරන එකම විශේෂ දෙයක්. ඉතින් මේ නිර්මාණකරුවෝ මේ චිත්‍රපටිය හදන්න යොදාගත්තේ ඇත්ත උරගයෝ. මොකද ඩයිනොසර්ලත් උරගයෝනේ. විවිධ ආකාරයට අංගරචනය (Make Up) කරපු කබරු, තලගොයි සහ කිඹුල්ලු තමා මේකෙ ඩයිනොසර්ලා විදියට අරන් තියෙන්නේ. ඇවේටර් නිර්මාණය කරපු ජේම්ස් කැමරුන් පවා මේ චිත්‍රපටිය අගය කරලා තියනවා හිතන්න බැරි යුගයක නිර්මාණය වෙච්ච හිතාගන්න බැරි චිත්‍රපටියක් කියල.
මේකෙ කතාව ගැන කියනවනම්, චැලෙන්ජර් කියන මහාචාර්යවරයා ගවේෂණයක් මගින් හොයාගන්නවා ඇමේසන් වනාන්තරයේ ප්‍රදේශයක ඩයිනොසර්ලා ජිවත් වෙනවා කියල. ඉතින් ඒක එයා සමුළුවක කියුවම කවුරුත් එයා විහිළුවකට ගන්නවා. ඉතින් එයා යෝජනා කරනවා ආපහු ගවේෂණයක් යන්න සමුළුව නම් කරන පිරිසක් එක්ක. ඉතින් ඒ කට්ටියට පත්තර කාරයෙක්, තවත් මහාචාර්යවරයෙක්, දඩයක්කාරයෙක් ඇතුළු පිරිසක් ඇතුලත් වෙනවා. මේ කණ්ඩායම ඒ ප්‍රදේශය හොයන් ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතනින් බේරිලා එන්න පුළුවන් ද මොනවද ඇතිවෙන ප්‍රශ්න කියල බලන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා.
මම දෙන්නේ වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට කියල ගොඩක් අය මට දොස් කියනවා. මම දන්නේ නැ එහෙම නොවන චිත්‍රපට වලටත් 18+ ලේබලේ වදින්නේ ඇයි කියල. ඉතින් ඒක හින්දා මම ළමා චිත්‍රපට කිහිපයක් තෝරා ගත්තා. එයින් එකක් විදියට අම්මලා ගැන කියවෙන චිත්‍රපටියක් අරන් මම එන්නම් ඊළඟට. මම යනවා එහෙනම්.
බුදු සරණයි ඔක්කොටම …..!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.
මෙම උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
671 downloads