ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න යන්නෙ .. මේක ගැන මාව දැනුවත් කලේ අපේ විමා සොහොයුරා ඔහු බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක සුපිරි එකක් ඒ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ මේක බයිස්කොප් එක පුරාවටම යන්නෙ සුපිරි හොරු කල්ලියක් ගැන ඒ වුනාට ඔවුන් හොරකම් කරන්නෙ රත්‍රන් මුතුමැණික් කඩසාප්පු එහෙම නෙමෙයි .. සල්ලිකාර පවුල් වල අය .. මේ හොරු කණ්ඩායමේ ඉන්නෙත් ඔහු ගේ පවුලේ අය මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ Pablo Trapero විසින් .. ඒ වගේම මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරපු සිනමාපටයක් .. ඒ වගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලත් තිබෙනවා .. ඒ 7.1 අගයක් .. ඔයාලට මේකට හිමිවුන අගයෙනුත් හිතා ගන්න පුලුවන්නෙ මේක කොයිතරම් සාර්ථක බයිස්කොප් එකක්ද කියන එක ..
එහෙනම් අපි පොඩ්ඩක් කථාව ගැන බලලා ඉමු .. පුචෝ කලයන් කියන පුද්ගලයා ගැන ඔහු පොඩ්ඩක් අමුතු පොරක් ඔහු රැකියාව වෙන්නෙ සල්ලිකාර පවුල් වල අය පැහැරගෙන කප්පම් ලබා ගන්න එක ඔහු මේ වැඩේ කරන්න ඔහු ගේ පවුලේ අයවත් සහාභාගි කරගෙන පුචෝ කියන්නෙ ලේසි පහසු පොරක් නම් නෙමෙයි ඔහු පුද්ගලයන් 80 දෙනෙක් පැහැර ගෙන තියෙනවා . මීට වඩා මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ .. මම මෙකේ කථාව ගැන වැඩි යමක් ඔයාලට කියන්නෙ නැත්තෙ මම මෙකේ කථාව ගැන ඔයාලට කිව්වොත් ඔයලට මෙකේ නියම කුතුහලය ..රසස්වාදය ලබා ගන්න බැරිවෙන නිසා .. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ පුචෝ දිගින් දිගටම මේ පැහැරගැනිම් නිතීයේ රැහැනට අහුවෙන්නෙ නැතිව කර ගෙන යන්න පුලුවන් වේවිද කියන එක .. ????? මේක නම් කියන්නම ඕන මේ පුචෝ කියන හාදයා නම් පට්ටම මොල කාරයෙක් තමයි .. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයලට මේක බලනකොට තේරුම් ගන්න පුලුවන් වේවි .. වෙනදා වගේම ඔයාල ගේ කමෙන්ටුවකුත් කොටා ගෙන යන්න අමතක කරන්න එපා .. ඔයාල ගෙන් ලැබෙන කමෙන්ට් වලින් තමයි අපිට මේ වගේ දිගින් දිගටම ඔයාල වෙනුවෙන් සබ් කරන්න ශක්තිය ලැබෙන්නෙ … එහෙනම් යාලුවනේ මම ගොහින් එන්නම් ඉක්මණින්ම තවත් ගින්දර පිලුමකට සබක් අරගෙන …
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
1144 downloads