මම තවත් කතාවක් අරගෙන ආව ඔන්න කොරියන් බලන යාලුවන්ට.මම කතා දෙනව ඉක්මන් වැඩිද කියලත් හිතෙනව වෙලාවකට.ඒත් ඉතින් නොදී බෑනෙ නේද?මම චාමල් කැලුම් අතපත්තු.කලින් උපසැරසි දීපු movies වලට හොද ප්‍රතිචාර ලැබුන වගේම හුගක් ඉල්ලීමුත් තිබුනා.ඒ හැම කෙනෙක්ටම ස්තූතියි ඔන්න.එතකොට කලින් දීපු ‘twenty’ movie එක බලල කැමති වෙන්න ඇති කියල හිතනව හැමෝම.
හරි ඉතින් මෙදා පාරත් අරන් ආව සුපිරිම film එකක්. මේ film එක අසිත සහෝ ඉල්ලලත් තිබුනා.එතකොටත් මම මේකට උපසැරසි කරල තිබුනෙ.(නොදී හිටියට).ඒක නිසා ඉක්මනටම දෙන්න හිතුව.ටිකක් පරණ උනාට කොලිටි එකෙන් නම් පරණ නෑ.ඒ නිසා කැත නැතුව බලන්න පුලුවන් හැමෝටම.මේ කතාව අදාල වෙන්නෙ action\drama\gangsater ගණයට. ඒ උනාට කොමඩි වගේම romance ගතියත් තියනව.imb අගය 7.5 ක් ලැබිල තියෙන මේ ‘A Dirty Carnival’ film එක 2006 තිරගත වූවක්.මේකත් හුගක් කතා බහට ලක් වුන වගේම සම්මාන ලැබුන filmඑකක්.විනාඩි 141 පුරාම බලාගෙන ඉන්න පුලුවන්.කතාව ටිකක් විතර කියන්නම්,
Byung-Doo (Zo In-Sung) කියන්නෙ පහත් පන්තියෙ මැරයෙක්,මෙයාගෙ ගෝලයො ටිකයි පවුලයි අමාරුවෙන් තමා බලාගන්නෙ.ලොක්කා මෙයාගෙන් හොදට වැඩ ගත්තට Byung-Doo ට දෙන්නෙ පොඩි ගානක් විතරයි. ඒ උනාට Byung-Doo උත්සහ කරන්නෙ ඉක්මනටම එයාගෙ ඉරණම වෙනස් කරගන්න.
Byung-Doo,එයාගෙ ලොක්කා Sang-Chul (Yoon Je-Moon) සහ ඒ හැමෝගෙම නායකය Hwang (Cheon Ho-Jin) තුන් දෙනා කෑම ගන්නව දවසක් Byung-Doo කරපු වැඩක් ගැන වර්ණනා කරන ගමන්.කොහොම හරි මේ නායක Hwang කියනවා Sang-Chul ට ලෝයර් කෙනෙක්ගෙන් කරදරයි කියල එයා ගැන බලා ගන්න.ඒත් ලෝයර් කෙනෙක් නිසා මෙයා බෑ කියනව නීතිය ගෑවෙන නිසා.කෑමෙන් පස්සෙ.Byung-Doo මේ ලොක්කව ගෙදරට ඇරවන්න යනවා.කොහොම හරි ඒ ලෝයර්ගෙ වැඩේ එයා කරන්නද කියල යෝජනාවක් දානව Byung-Doo…
ඔය අතරෙම මෙයාට ඉස්කෝලෙ යාලුවො දෙන්නෙක් හම්බෙනවා.එක්කෙනෙක් Min-Ho (Nam Gung-Min) මෙයා film එකක් හදන්න try කරන කෙනෙක්.එයාගෙ පලවෙනි film එක පාතාලය හා සම්බන්ද එකක්.ඒත් පිටපත තාත්වික නෑ කියලා අනුමැතියක්වත් උදව්වත් ලැබෙන් නෑ.මෙයා ඒ නිසා ඇත්ත මැරයොන්ව අධ්‍යක්ශනය කරන්න හිතාගෙන Byung-Doo ව හම්බෙනව. Byung-Doo ගෙන් මැර ජීවිතේ ගැනත් ඉගෙන ගන්නව.Byung-Doo ත් මෙයාට උදව් කරනවා. අනිත් කෙනා තමයි Hyun-Joo (Lee Bo-Young).මේ දෙන්න ටිකෙන් ටික සම්බන්ධයක් ගොඩ නගා ගත්තත් Byung-Doo ගෙ මැර ජීවිතේ ගැන කෙල්ල නම් කැමැත්තක් නෑ…
කතාව යන්තන් කිව්වෙ මම.Byung-Doo ට ඉරණම වෙනස් කරගන්න පුලුවන් වෙයිද,මේ මැර ජීවිත කොහෙන් කෙළවර වෙයිද ?..කියල ඔයාලම බලල කියන්න.ඒ වගේම ‘twenty’ movie එකට කැමති වුනාද කියලත් බලපු අය අදහස් දෙන්න.එතකොට ඊලගට දෙන්න ඕනෙ මොන වගේ film 1ක්ද කියල අදහසක් ගන්න පුලුවන් මට.එහෙනම් ඊලග උපසැරසියෙන් ඉක්මනින්ම හම්බෙමු. බුදු සරණයි!
බායි!
Due to copyright issues, we do not provide any torrent link.
A.Dirty.Carnival.2006.720p.BRRip.x264.Korean.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
338 downloads