Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Let’s Fight Ghost [2016 – E03, E04] with Sinhala Subtitles |එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0
Let's-Fight-Ghost
3 කොටස
පසුගිය කොටසෙදි හන් ජි ගෙ ඉල්ලීම වෙන්නේ බොන්ග් පල් ගෙන්  හාදුවක්. ඇය හිතනවා එහෙම හාදුවක් ලැබුවොත් ඇයට ඇගේ අමතක වුන අතිතය මතක් වෙයි කියලා. ඒත් ඇයට අවශ්‍ය හාදුව ලැබුනත් ඇගේ මතකෙ නම් එන්නෙ නැහැ. ඉතින් බොන්ග් පල් හිතනවා ඇය තමන්ට බොරුවක් තමයි කිව්වේ කියලා. හන් ජි ගෙ මිතුරු අවතාරයක් ඇයට කියනවා කොහොම හරි බොන්ග් පල් එක්කම ඉන්න කියලා. බොන්ග් පල්ට මොකක් හරි බලයක් තියෙනවා කියලා ඔවුන් හිතනවා. ඉතින් හන් ජි බොන්ග් පල්ට යෝජනා කරනවා දෙන්නම එකතු වෙලා අවතාර අල්ලමු කියලා. ඒකෙන් තමන්ගෙ ණය වොන් මිලියන 10ත් ගෙවන්නම් කියලා. ඉතින් අපි බලමු නේද මේ අලුත් කණ්ඩායම කොහොම වැඩ කරයිද කියලා….
 
4 කොටස
ඔන්න දෙන්නත් එක්ක එකතු වෙලා අවතාර අල්ලන එක සාර්ථකව කරගන්න හැටි අපි ගිය කොටසෙදි දැක්කනේ. ඒ වෙනුවෙන් බොන්ග් පල් ඇයට ලස්සන ගවුමකුත් අරගෙන දෙනවා. තමන් ඉගෙන ගන්න ආසයි කියන හන් ජි හැමවෙලාමෙ බොන්ග් පල් එක්ක ඔහුගේ විද්‍යාලයටත්  යනවා. එහෙම යන ගොඩක් වෙලාවට ඇගේ උත්සහය බොන්ග් පල්ට ඔහුගේ සිත් ගත් ගෑණූ ළමයා වෙනුවෙන් උදව් කරන්නයි. ඒත් බොන්ග් පල් නම් ඒ වගේ වැඩ වලට හරිම ලැජ්ජයි. එහෙම බොන්ග් පල්ට උදව් කරන්න ගිය අවස්ථාවකදි හන් ජි අමුතු දෙයක් දකිනවා. ඒක තමයි බොන්ග් පල් ඉගෙන ගන්න පන්තියේ පශු වෛද්‍ය මහාචාර්යතුමා තමන්ව මගහැරල ගියා කියලා. ඒත් ඒ කතාව බොන්ග් පල් නම් විස්වාස කරන්නෙ නැහැ. ඉතින් ඇය හිතනවා තමන්ට කුමක් හෝ වැරදීමක් වෙන්න ඇති කියලා. මේ අතර බොන්ග් පල්ට ඉන්න එකම නෑදෑයා වන පුජකතුමා බොන්ග් පල්ගේ තාත්තා ගැන හොයනවා. ඔහුට දැනගන්න ලැබෙන්නේ බොන්ග් පල්ගේ තාත්තා බොන්ග් පල්ගේ අම්මා මරපු නරක ආත්මය හොයමින් හැම තැනම යන බවයි

 

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

 Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Bring.it.on.Ghost.E04[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E03[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                              All Episodes                         Next Episodes>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>