සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් බයිස්කෝප් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ නව වෙනි උපසිරැසිය.මේ පාරත් ඉතිං පැරණි චිත්‍රපටයක් තමයි ඒත් මම හිතනවා මේකට හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. අළුත් ෆිල්ම් වලට සබ් කරන්න බලං ඕන තරම් කට්ටිය ඉන්නවානේ. හැබැයි අළුත් ඒවා වගේම ලොකු වටිනාකමක් පැරණි ඒවටත් තියෙනවා කියලා අමතක කරන්න එපා. හැබැයි පරණ ෆිල්ම් වලට හොද ඩවුන්ලෝඩ් ලින්ක් නැති වෙනකොට පොඩි පොඩි අවුල් ඇතිවෙනවා. මම කලින් සබ් දුන්න Devi Puthrudu 2000 ෆිල්ම් එකේදි ඔය ප්‍රශ්ණෙ ආවා. මොකද ඒකට හොද ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තිබ්බේ නෑ. ඇත්තටම මම ඒ සබ් එක ලිව්වේ දැනට ඒ ෆිල්ම් එකේ කොපියක් තියෙන කාටහරි වැදගත් වෙයි කියලා හිතලයි.කාටහරි යම් අපහසුතාවයක් ඇතිවුණා නම් සමාවෙන්න ඕනෙ. අළුත් ෆිල්ම් වලට සාපේක්ෂව පැරණි ෆිල්ම් ඩවුන්ලෝඩ් ප්‍රතිශතය හා ප්‍රතිචාර වල පැහැදිලි අඩුවක් තිබුනත් එක්කෙනෙකුට හෝ වැදගත් වෙයි යන කාරණාව මතයි මම පැරණි චිත්‍රපට උපසිරැසි ගැන්වීමේ යෙදෙන්නේ. මේ චිත්‍රපටයත් භාර අරන් ටික කාලයක් වෙනවා. රැකියා කටයුතු නිසා දිනෙන් දින කල් ගිය නිසා දැන් තමයි ඔබ වෙත ගේන්න හැකි වුණේ. ඇත්තටම මේක මට කමෙන්ට් කල හිතවතෙක් කල ඉල්ලීමක් මතයි මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න තීරණය කලේ..
මේ චිත්‍රපටයේ කථාව කෙටියෙන් මෙහෙම කියන්නම්. චැටර්ලි නමින් ඉහල පැලැන්තියේ යුවලක් ඉන්නවා. ක්ලිෆර්ඩ් සහ කොනී. ක්ලිෆර්ඩ් හමුදා නිළධාරියෙක්. යුද්ධයකදී ඔහු ආබාධිත වෙනවා. කොනී තමයි ඔහුගේ සාත්තුවට හිටියේ. කල් යත්ම ක්ලිෆර්ඩ් කොනීට යෝජනා කරනවා තමුන් කැමති ආදරවන්තයෙක් හොයාගන්න කියලා. කොනී මුලදි ඒකට අකමැති වෙනවා. ක්ලිෆර්ඩ් තමාගේ සාත්තු වැඩ වලට හෙදියක් ගෙන්වා ගන්නවා. මේ හෙදියක් කොනීව එදිනෙදා වැඩ වලින් ඈත් කරනවා. මේ අතරේ කොනීට ඔවුන්ගේ ඉඩමේ වැඩකරන කම්කරුවෙක් හමුවෙනවා. ඇයට ඔහු ගැන හිතක් පහළ වෙනවා. ඉතිං ඊට පස්සේ වෙන දෙවල් චිත්‍රපටයෙන්ම බලනවා නම් තමයි හොද. ඇත්තම කියනවා නම් මේ කථාව අදටත් කාලෝචිතයි. ගැහැණු කියන්නේ වෙලාවකට තේරුම් ගන්න අමාරු පිරිසක් කියලා හිතෙයි. ඒ වගේම මේක ඇතමෙක්ට සාදාරණීයයි කියලා හිතන්නත් පුළුවන්. හරි වැරැද්ද ඔබම තීරණය කරන්නකෝ. එහෙනම් මම ගියා. තවත් අළුත් උපසිරැසියකින් හමුවෙමු.
සැලකිය යුතුයි:- කුඩා දරුවන්ට නුසුදුසුයි. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. පස්සෙ කිව්වේ නෑ කියන්න එපා හොදේ.
Due to copyright complications, we do not provide torrent links.
LADY CHATTERLEY’S LOVER [DVDRIP] [XViD] by WingTip
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
414 downloads