Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hot Young Bloods (2014) with Sinhala Subtitle |මැර ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Hot Young Bloods (2014)මම මේ ලිපිය ලියන්නෙ නම් ‘Dirty carnival‘ movie එක පල උන දවසේ.ඒ නිසා මං හිතනව ඒ film එකත් රස විඳින්න ඇති කියලා ‘twenty’ movie එක වගේම.ඉතින් ඒකටත් හොද ප්‍රතිචාර ලැබුන නිසා කොමඩි වලට ඉල්ලීම් තියෙන නිසාත් මම මේ film එකට සබ් එක කරල ටිකක් කල් වෙන නිසාත් දෙන්න හිතුවා ඉක්මනින්ම.ලැබෙන ප්‍රතිචාර comment වලට ගොඩක් ස්තූතියි. මම චාමල් කැලුම් අතපත්තු වගේම මේක මගෙ පස් වන උපසැරසිය. ‘Hot Young Blood’ කියල තිබුනට ලේ පෙරන් ගහගන්න එකක් නම් නෙමෙයි.කලින් movie එකේ හිටියෙ අවු.20 අයනේ.මේකෙ නම් ඉන්නෙ තාම  ඉස්කෝලෙ යන අය.මේකෙ ඉන්නෙත් මම කැමතිම නිළියක් තමයි.’oh my ghost’ කතාවෙ වගේම තවත් කතාවල දැකල තියෙන ‘park bo young’.

මේක 2014 ජනවාරි තමයි ඉස්සරලම තිර ගත උනේ.ඒ වගේම  teen/comedy/romance ගණයට අදාල වෙන මේ film එක විනාඩි 121 ක් පුරාම හිනා වෙවී බලන්න පුලුවන්.imb 6.9 ක් ලැබිල තියෙන ලස්සන  සුන්දර කතාවක්. ඔයාල බලල සතුටු වෙයි කියලා හිතනවා.කතාව ගැන කියන වනම්, Young-Sook (Park Bo-Young) කියන්නෙ ඉස්කෝලෙ ගැන්සියෙ ලොක්කා.හැමෝම බයයි මෙයාට.අහින්සක පෙනුම තිබුනට.එයා හැබැයි කොච්චර නපුරු උනත් කැමැත්තෙන් ඉන්නව Joong-Gil (Lee Jong-Suk)කියන කොල්ලට. ඒ උනාට Joong-Gil කියන්නෙ ඉස්කෝලෙ ඉන්න පැණියා.ඉස්කෝලෙ ඉන්න හැම කෙල්ලටම පැණි හැලුවට Young-Sook ට විතරක් මොනවත් කියන්නෙවත් ,බලන්නෙවත් නෑ.ඇයි කියනවනම්, Gwang-Sik (Kim Young-Kwang) කියන අනිත් ඉස්කෝලෙ පිරිමි ගැන්සියෙ ලොක්කා නිසා.ඌ හිතන් ඉන්නෙ Young-Sook උගෙ කෙල්ල කියලා.Joong-Gil බයයි දෙන්නටම. ඔය අතරෙදි අලුත් කෙල්ලෙක් එනවා ඉස්කෝලෙට (Lee Se-Young) නගරෙ ඉදල තමයි එන්නෙ.එයා අනිත් කෙල්ලන්ගෙන් වෙනස් වගේම ලස්සනයි.Young-Sook මේ කෙල්ල Joong-Gil ට කැමති වෙන එක නවත්තන්න හදන අතරේ Joong-Gil මේ කෙල්ලට කැමති වෙනවා, සාමාන්යෙන් කතා වල කෙල්ලට කරදරයක් උනාම කොල්ල ගිහින් වැඩ දාලනෙ බේර ගන්නෙ.මේකෙ වෙන්නෙ අනිත් පැත්ත කොල්ලයි ගිහින් කෙල්ල පිටි පස්සෙ හැංගෙන්නෙ.බලලා රස විදින්න.

කවුරු කාට කැමති වෙලා නවතියිද කියලා ඔයාල බලන්න.තනිකරම romance වගේ ලිපිය ලිව්වට කොමඩි තමයි තියෙන්නෙත් ඒ වගේම.කම්මැලි කමක් නැතුවම බලන්න පුලුවන්.comment කරන්න බලලා  හොදද කියලා එහෙනම් ඊලගට තවත් දැවැන්ත fillm එකකින් හම්බෙමු.ඒ ක දැනටමත් කරල ඉවරයි.එහෙනම් ගිහිල්ලා එන්නම්.බුදු සරණයි!

බායි!

A Dirty Carnival (2006) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Hot Young Bloods 2014 720p BluRay x264 Korean AAC – Ozlem

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>