ඉතින් ඔන්න අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාව අරන් ආවා. අද අරන් ආවේ පළමු කතා මාලාවේ අටවෙනි කොටස. ඉතින් මේ රොස්වෙල් වලට තවත් දවසක්. මැක්ස්වයි ලිස්වයි දෙන්නා පොඩ්ඩක් ඇවිදින්න යනවා මැක්ස්ගේ ජිප් එකෙන්. ඒත් ඔහොම යද්දි එයාලාට පොඩි අනතුරක් වෙනවා. මේ අනතුරෙන් ලිස්ට වඩා අමාරු වෙන්නේ මැක්ස්ට. ඉතින් කොහොම හරි මෙයාව ඉස්පිරිතාලෙට අරන් යනවා. ඊට පස්සේ දොස්තරලා මැක්ස්ගෙන් ලේ ගන්නවා. ඒත් මේ ලේ පිටසක්වල ජීවියෙක්ගේ කියලා දොස්තරලා දැනගනයි කියලා වෙන කෙනෙක්ගේ ලේ වලට මාරු කරනවා මැක්ස්ගේ යාළුවෝ ටික තීරණය කරනවා.
ඉතින් කොහොම හරි මැක්ස්ට සනීප වෙනවා. මැක්ස්ගේ ලේ වලට මාරුකරන්න පිරිමි කෙනෙක් ඕන නිසා ලිස් කතා කරන්නෙත් එයාගේ යාළුවෙක්ටම. ඉතින් එයාට දැන ගන්න ඕන වෙනවා මේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. කොහොම හරි මැක්ස්ලා ගැන ඇහැ ගහගෙන ඉන්න මිස් ටොපෝල්ස්කිත් මේක දැනගන්නවා. ඊට පස්සේ හිතාගන්න බැරි දේවල් ගොඩක් මේ කොටසින් වෙනවා. අර ලිස්ගේ යාළුවා කවුද කියලත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් නැවත ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
91 downloads