Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Urge (2016) with Sinhala Subtitles |කාම දුමාරය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Urge (2016)

එකම මාසයක් ඇතුළත ඔයාලට අරං එන තුන්වෙනි උපසිරැසිය. මට නිකං දැනෙන්නේ හැට්රික් එකක් ගත්තා වගේ. ඒ තරම්ම සන්තෝසයි. මේ උපසිරැසියත් එක්ක මං ඔයාලට ගෙනාපු මුළු උපසිරැසි ගණන 6 ක් වෙනවා.

“රජයේ අවවාදය: දුම්බීම පිළිකා ඇති කරයි” කියන කතාව සිගරට් බොන නොබොන හැමෝම වගේ දන්නවනේ. සිගරට් බොන අයට නම් ඒක අදාළ නෑ නේද? මොනා උනත් අවවාද කරලම නරක දෙයක් කරන්න ඉඩ දෙන එක කෝකටත් හොඳයි. එතකොට මොළේ තියන අය ඒකෙන් මිදෙනවනේ. දැන් මං මොකටද සිගරට් ගැන කතා කරන්නේ? මේ චිත්‍රපටයට සිගරට් අදාළ නෑනේ. ඔව් ඒක නම් එහෙම තමයි. ඒත් මේ කතාවෙන් කියන්නෙත් දුමක් ගැන. දුමේ නම තමා “කාම දුමාරය”. ඒකෙන් පිළිකා නම් ඇති කරන්නේ නෑ. ඒත් ඒක මිනිස්සුන්ගේ කාමය අවුස්සනවා. කොටින්ම ඒක මිනිස්සුන්ගේ හැංගිච්ච කාමුක අදහස් එළියට ගන්න මත්ද්‍රව්‍යයක්. ඒක බොන අයගේ කාමය අවිස්සෙනවා විතරක් නෙමෙයි ඕනවට වඩා ගන්න අය තිරිසන්නු වගේ හැසිරෙන්නත් පටන් ගන්නවා.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. නීල් (Danny Masterson) කියන්නේ ජීවිතේ සරලව ගත කරන්න උත්සහ කරන සල්ලිකාර කෙනෙක්. එයාට ඕන වෙනවා එයාගෙ සහයිකාව වන තෙරේසායි (Ashley Greene) තව යාළුවො කට්ටියකුයි එක්ක ඊස්ට්මන් දූපතට සති අන්තයක් ගත කරන්න යන්න. සරලවම කියනවා නම් ජීවිතේ ආතල්ම සති අන්තය ගත කරන්න. මේ දූපතේ තියන ක්ලබ් එකක එහෙමත් නැත්නම් රාත්‍රී සමාජ ශාලාවක තමයි මම අර කලින් කියපු කාම දුමාරය මිනිස්සුන්ට බොන්න දෙන්නේ. මේ මත්ද්‍රව්‍යය පිටිපස්සේ ඉන්නේ අපි කවුරුත් දන්න Die Another Day (2002) චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් චරිතයට පණ දුන්න Pierce Brosnan. මේ කතාවෙ නම් එයාගෙ නම ඩේමන්. සිගරට් වලට අවවාද දෙනවා වගේ මේ ක්ලබ් එකට එන අයට දෙන අවවාදය තමා මේ කාම දුමාරය ජීවිතේට එක පාරක් විතරක් ගහන්න කියන එක. ඒත් ඉතිං දුම ගහපු කට්ටියගෙ මෝල කර උනාම ඒගොල්ලො දිගින් දිගටම කාම දුම ගහන එක ආයෙ අහන්නත් දෙයක්ද නේද? ඉතිං නීල් ටයි එයාගෙ යාළුවන්ටයි වෙන්නෙත් මේ ආනිශංසයම තමා. ඉන්න තැනක්, කරන කියන දෙයක් නොතේරෙන කට්ටිය සත්තු වගේ හැසිරෙනවා. අන්තිමේදී කාමය නතර වෙන්නේ මිනී මැරීම් සහ පළිගැනීම් වලින්. ඇත්තෙන්ම යාළුවො යාළුවොත් මරා ගන්නවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Aaron Kaufman. මේකෙ IMDb අගය 4.3ක් වෙනවා. Lionsgate සමාගම නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඇත්තටම වැඩිහිටියන්ට ගොඩක් සුදුසු චිත්‍රපටයක්. ඉතිං මගේ අවවාදය නම් මේක වැඩිහිටියන්ට පමණයි කියන එක. පොඩිහිටියෝ බලන්න ගිහින් ගෙවල් වලින් ගුටි නම් කන්න එපා ඔන්න. කතාව කාමය පැත්තට ගොඩක් බර උනත් මේකෙන් ලොකු පාඩමක් ජීවිතේට ගන්න පුළුවන්. ඒ තමයි නරක දේවල් වලට ඇබ්බැහි වෙලා ජීවිතේ නාස්ති කරගන්න එපා කියන එක.

කතාවෙන් පිට දෙයක් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. මගේ පස්වෙනි උපසිරැසියට කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ මං උපසිරැසි හදන්න දන්නේ නෑ, ඒ වගේම මං බයිස්කෝප් වෙබ්අඩවිය විනාශ කරනවා කියලා. ඒක දැක්කම නම් මට ගොඩක් දුක හිතුණා. මම මේ ගැන ඇඩ්මින් එකේ කෙනෙක්ටත් කිව්වා. ඇත්තටම මං දෙයක් කියන්න ඕන. මං විතරක් නෙමෙයි මේ වෙබ්අඩවියට උපසිරැසි දෙන හැමෝම ඒ දේ කරන්නේ අනිත් අය වෙනුවෙන් තමන්ගෙ කාලය, මහන්සිය සල්ලි බලාපොරොත්තු නොවී කැප කරලා. මං වැඩ ඇරිලා ඇවිත් රෑ නිදි මරාගෙන මේවා හදන්නේ ඒකෙන් අනිත් මිනිස්සුන්ට සතුටක් ගේන්න. එත් අර වගේ බාල කමෙන්ට් දැක්කම හිතෙනවා ඇයි මේව මහන්සි වෙලා හදන්නේ කියලා. මොනා උනත් මං නම් ඕව වැඩිය ඔලුවට ගන්නේ නෑ. මං මේ දේ කිව්වේ අපි අවංකව මහන්සි වෙලා නොමිලේ කරන දේවල් ඒ වගේ බාල කතා කියල අවතක්සේරු කරන්න එපා කියල කියන්නයි. මං දන්නවා එහෙම අය ඉන්නේ ටික දෙනයි කියලා. හුඟ දෙනෙක්ගෙ කමෙන්ට්ස් දැක්කම මට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. එයාල වෙනුවෙන් මං උපසිරැසි දිගටම හදනවා.

අහ්හ්.. පුංචි දෙයක්. මේ චිත්‍රපටය ඉවර වෙලා නම් ගියාට පස්සෙත් පොඩි සීන් එකක් තියනවා. ඒකත් මතක් කරල බලන්න.

හැමෝටම ජය වේවා!

 

 

 

 

Urge (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Urge.2016.HDRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>