Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Purge: Election Year (2016) with Sinhala Subtitles |නීතිගත කල ඒ මිනිස් ඝාතන රාත්‍රිය නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Purge-Election Year (2016)

ඔන්න එහෙනම් ගොඩාක් උදවිය මග බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. මේක ආපු දවසේ ඉඳන් ඉතින් කලේ හරි ඉංග්‍රීසි සබක් හොයාගන්න දඟලපු එක. තිබුන එකක්වත් හරියට ගැලපුන ඒවා නෙමෙයි. කොහොමහරි යන්තම් ලඟින් යන එකක් හොයාගෙන අසා ලිවීමකුත් එක්කම වැඩේට බැහැලා දවස් දෙකක් විතර යනකොට විමා සහෝ මාව දැනුවත් කලා හොඳ එකක් ඇවිත් කියලා. ඉතින් ඊයේම වැඩේ අහවර කරලා අද ඔයාලාට අරන් ආවා.

කලින් ආපු The Purge 2013 සහ The Purge: Anarchy (2014) බලපු අය මේ ෆිලුම කොහොමද කියලා ඉතින් දන්නවා ඇති. මේ තමයි එතකොට purge චිත්‍රපටි මාලාවේ පැමිණි තුන්වෙනි චිත්‍රපටිය. මේක බලන්න ඉතින් කලින් ඒවා බලලා තියෙන්නම ඕන නෑ. බලපු නැති අය ඉන්නවා නම් බලන්න කියලා ආරාධනා කරනවා මොකද මේවා මගහැර නොගෙන බලන්න වටිනවා. The Purge, “පවිත්‍ර කිරීම” මොකක්ද මේ ඇත්තටම පවිත්‍ර කරන්නේ ? ඇමෙරිකාවේ දුගී ජනතාව වැඩි වෙලා රජයේ වියදම් ඉහල ගිහින්, ඉතින් එයට රජය ගන්න පියවර තමයි දුප්පත් ජනගහනය අඩු කරන්න පියවරක් ගන්න එක. ඇමෙරිකාවේ රජය එක් රාත්‍රියක පැය 12ක කාලයක් සියළු අපරාධ සඳහා නීතියෙන් අවසර ලබාදෙනවා. එහීදී අතමිට තියන කෙනා ආරක්ෂා වෙනවා. දුප්පතාට ජීවිතෙන් සමුදෙන්න වෙනවා. ඒ තමයි පවිත්‍ර කිරීමේ රාත්‍රිය. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James DeMonaco.ඒවගේම ප්‍රධාන රංගන තරු අතර Frank Grillo, Elizabeth Mitchell, Mykelti Williamson සිටිනවා. චිත්‍රපටිය මිනිත්තු 105ක කාලයක් දිවෙන අතර දැනට මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 89.4ක් බව සඳහන් වෙනවා.

ඉතින් කතාව දිහාවට ටිකක් හැරුනොත්, පෙර පවිත්‍ර කිරීමේ රාත්‍රියක චාර්ලි රොන්ගේ පවුලේ අය කෙනෙක් විසින් මරලා දානවා. රොන්ව ඉතුරු කරනවා. ඉතින් වසර 18කට පස්සේ , ඊලඟ පවිත්‍ර කිරීමේ රාත්‍රියකට දවස් දෙකකට කලින්, සෙනෙට් සභික චාර්ලි රොන් (Elizabeth Mitchell) විවාදයකට පැමිණෙනවා. එහිදී ඇය පවිත්‍ර කිරීමට විරුද්ධවයි කතා කරන්නේ. ඒ කියන්නේ මෙයින් පීඩාවට පත්වෙන දුප්පත් ජනතාව වෙනුවෙන්. ඇයට එදිරිව සිටින්නේ එඩ්විජ් අවන්ස් (Kyle Secor) කියන ඇමති කෙනෙක්. මේ එඩ්විජ් NFFA කියන සංවිධානයේ අපේක්ෂකයෙක්. NFFA එක තමයි මේ පවිත්‍ර කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ දෙන්නා පවිත්‍ර කිරීමේ රාත්‍රිය ගැන විවාද කරනවා. කොහොමහරි මේ දෙන්නා තමයි මීලඟ ජනාධිපතිවරණයට තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා.ඉතින් රොන් මේ සංවිධානයට ඇත්තටම තර්ජනයක්. ඇය ප්‍රකාශ කරනවා තමන් බලයට ආවාම මේ පවිත්‍ර කිරීමේ රාත්‍රිය නැතිකරලා දානවා කියලා. මේ හින්ඳා NFFA එක රොන් එක්ක ඉන්නේ තරහින්.ඉතින් පවිත්‍ර කිරීමේ දවසට කලින් ඔවුන් මාධ්‍ය හරහා ප්‍රකාශ කරනවා 10වෙනි මට්ටමේ රාජ්‍ය නිලධාරින් පවා පවිත්‍ර කිරීමට ඇතුලත්වෙනවා කියලා. ඒ කියන්නේ රොන් පවා මෙයට ඇතුලත් වෙනවා කියන එක. NFFA එක උත්සාහ කරන්නේ රොන්ව ඉවරයක් කරලා එයාලාට එන මේ තර්ජනය ඉවත් කරගන්න. මේ කතාවේ එක පැත්තක්.

කතාවේ තවත් පැත්තක් ගත්තොත් ජෝ ඩික්සන් (Mykelti Williamson) සහ ඔහුගේ සහයක මාර්කොස් (Joseph Julian Soria) සාප්පුවක් කරගෙන යනවා. ඉතින් ඔය අතරේ ගෑණු ලමයි දෙන්නෙක් කඩේට ඇවිත් කඩේ බඩු හොරකම් කරනවා ජෝ සහ මාර්කොස් දකිනවා. එතනදි ජෝ එයාගේ කඩේට එන තව හිතවතියක් වන ලැනී රකර් (Betty Gabriel) එක්ක එකතුවෙලා අර ගෑණු ලමයි දෙන්නාට සත්තම දාලා ආපහු හොරකම් කරපුවා අරගන්නවා. ඉතින් ඔතනදී කොහොමහරි මේ ලමයි දෙන්නා ජෝ එක්ක වෛර බඳිනවා. පවිත්‍ර කිරීමේ දවසේ රෑ එයාලා එනවා ජෝගෙන් පලිගන්න. කොහොමින් කොහොමහරි මේ අයයි රොන් සහ රොන්ගේ ආරක්ෂකයා ලියෝ (Frank Grillo) හැමෝම එකතුවෙනවා. අවසානයේ හැමෝගේම මෙහෙයුම වෙන්නේ රොන්ව පවිත්‍ර කිරීමේ රාත්‍රියෙන් ආරක්ෂා කරන එක. මේ වෙනකොට ඇවිත් තියෙන්නේ හාඩ් සබ් පිටපත්. ඉතින් ඔයාලාට බලන්න ලේසි වෙන්න උපසිරැසි සකස් කරලා තියෙන්නේ. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තව හොඳ උපසිරැසියක් එක්ක හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!

The Purge: Election Year (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HC HD පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>