ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් නවවන උපසිරැසිය අරගෙන ආව. ටාර්සන් ගේ චිත්‍රපටයක්. ඔයාල දන්නවා ටාර්සන් කියන්නේ කවුද කියල. එඩිගර් රයිස් බරෝස් විසින් නිර්මාණය කරන ලද මේ චරිතය ලෝකයේ තියන ජනප්‍රියම මනංකල්පිත චරිත කිහිපයෙන් එකක්. එයා ටාර්සන් කතා විසි හතරකට ආසන්න ප්‍රමාණයක් ලියල තියනවා. එම ජනප්‍රියබාවය හින්දම එයාගේ මරණින් පස්සෙත් එයාගේ නමින් වෙනත් ලේඛකයෝ කිහිපදෙනෙක් ටාර්සන් කතා ලියනවා. ඒ වගේම ඔයාල දන්නවා එම කතා විසි හතරෙන් දා හතරක් සිංහලට පරිවර්තනය වෙලා තියනවා. ඒ වගේම විත්‍රපට විශාල ගණනක් (මේ අවුරුද්දෙත් එකක් ආවා), රුපවාහිනී කතා මාලා බොහොමයක් මේ ආශ්‍රයෙන් නිර්මාණය වෙලා තියනවා. එයින් එකක් තමා මේ මම ඔයාලට සිංහල උපසිරසි සමග අරන් එන්නේ.
ඔයාල දන්නවා ලෝකයේ නිර්මාණය වෙච්ච ගොඩක් ටාර්සන් චිත්‍රපට කාටුන් සහ ඇනිමේෂන් චිත්‍රපට. ඒත් එසේ නොවන ආකාරයේ සැබෑ නළු නිලියන් යොදා නිර්මාණය වෙච්ච ටාර්සන් චිත්‍රපට කිහිපයෙන් එකක් තමා මේක. කලාත්මක පැරණි චිත්‍රපටයක් උනත් ටිකක් විතර චිත්‍රපට ලෝකයේ කතා බහට ලක්වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියත් අධ්‍යක්ෂක වරයත් අඹු සැමියන්. එමනිසා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය රඟපාන ලද සමහර දර්ශන ලෝකයේ විවේචනයට ලක්වූවා. එසේම සමහර විචාරකයන් මේ චිත්‍රපටයට ටාර්සන් නම යොදාගැනීමට පවා විරෝධය දැක්වුවා. හරියට මාවල්ලා ඩෙඩ්පූල් වැඩිහිටියන්ට සුදුසු වෙන විදියට නිර්මාණය උනාම විචාරකයෝ කතා කළා වගේ. කොහොම උනත් අදායම් අතින් අති සාර්ථක වෙච්ච ලෝකයේ තියන ටාර්සන් චිත්‍රපට කිහිපය අතරින් එකක් වෙන මේක මේ ප්‍රශ්න නිසාම IMDb අගය 3.2 වනි අඩු අගයක් ගත්තත් CSI රුපවාහිනී කතා මාලාවේ සහ ඔයාලට Sharknado 3: Oh Hell No චිත්‍රපටයෙන් හමු උන බෝ ඩෙරක් නිළිය ජේන් ගේ චරිතය රඟපාන සුපිරි චිත්‍රපටයක්.
කතාව විදියට අප්‍රිකාවේ කැලයේ ඇත් සොහොනක් හොයාගෙන යන ජේම්ස් පාකර් කියන ගවේෂකයෙක් ට සුදු වානරයෙක් ඉන්නවා කියල දැනගන්න ලැබිලා එයා හොයන්න යනවා. ඒකට එයාගේ දුව වන ජේන්වත් එකතු වෙනවා. ඉතින් වනයෙදි ටාර්සන් ගේ මුණගැසීම, සත්තු එක්ක ගැටුම්, වනචාරීන්ට අසුවීම වැනි ටාර්සන් ගේ කතාවල ඇති සියලුම සිදුවීම් මේ චිත්‍රපටිය තුල ඇතුලත් වෙනවා. ඒ අතරේම ටාර්සන් සහ ජේන් ආදරයෙන් බැඳීම ගැනත් කතාවෙනවා. කලාත්මක චිත්‍රපට කැමති අය මේ චිත්‍රපටයට ගොඩක් කැමති වෙනවා කියන්න පුළුවන්.
මේ චිත්‍රපටියේ තියන සමහර දර්ශන හේතුවෙන් මේ චිත්‍රපටය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් විදියට වර්ග කරන්න පුළුවන්. එත් කියන්න තියෙන්නේ මේක කුණුහරුප චිත්‍රපටයක් නෙවි. මේකේ පරුෂ වචන නැ. ඒත් අවස්ථානුකුලව උදාහරණයක් විදියට උඩුකය නිරුවත් ගෝත්‍රිකයින් සහ ජේන් ගේ සමහර වනගන දර්ශන මේ චිත්‍රපටයේ ඇතුලත් හින්ද තමා මේක වැඩිහිටියන්ට පමණක් විදියට වර්ගීකරණය වෙන්නේ. ඉතින් පැරණි කලාත්මට මෙන්ම සම්බාව්‍ය චිත්‍රපට බලන්න කැමති අය මේක බලන්න. අනිත් යාලුවෝ සහ අවුරුදු දහ අටට අඩු යාලුවෝ මේ චිත්‍රපටය බාගත කිරීමෙන් වලකින්න.
මම ඊළඟට දෙන්නේ නටන්න ගයන්න කැමති යාලුවොන්ට අල්ලලා යන චිත්‍රපටයක්. මම කලින් දුන්නේ නැති වර්ගයේ චිත්‍රපටයක් උනත් මේක බයිස්කෝප් එකේ තියෙන්නම ඕන එකක් හින්දා මම අරන් එන්නම්. නම දැක්ක ගමන් ඔයාලට උනත් ඒක හිතේවි. ඔන්න එහෙනම් මම ගියා. එන්න බලන්නම් ඉක්මනට.
බුදු සරණයි ….!
Due to copyright issues, we do not provide any torrent link.
Tarzan, the Ape Man 1981 DVDRip Xvid LKRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
387 downloads