හොඳයි එහෙනම් Dr. No (1962) චිත්‍රපටයෙන් ආරම්භ කරපු මගේ උපසිරැස ගමන අවසාන කරන්න තමයි මේ සුදානම. ඒ 2013/02/12… අද 2016/07/26 වැනිදා. පුරා වසර 3යි, මාස 5යි දින 14 ක් පුරාවට බයිස්කෝප් අඩවියතුලින් ඔබ හට මම උපසිරැස 178 ක් අරගෙන ආවා. ඉන් 95 ක් චිත්‍රපටි වන අතර ඉතිරි 83 ටෙලි කතා මාලා වෙනුවෙන් නිර්මාණය කලඋපසිරැසි වුනා. මේ උපසිරැස 178 ඇතුලේ ඉංග්‍රීසි භාෂාවට පරි බාහිර භාෂා 10 කින් නිර්මාණය වුන නිර්මාණත් තියනවා. කොහොම නමුත් හැමදෙයක්ම යම් දිනක අවසාන වෙනවා කියන දේ අපි හැමෝම දන්නා කාරණයක් නෙව එහෙනම්. මට යන්න අවසරයි… ඔබ සැමට ජය වේවා…. දිගටම බයිස්කෝප් එකක් රැදී ඉන්න… චිරන් ජයතු !!!
තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන එන්න තමයි මේ සුදානම. මම කොහොමත් මෝරා කතා බලන්න කැමති කෙනෙක් ඉතින් මේකේ මුල්ම පුර්ව ප්රචාරක පටය දැක්ක ගමන් වෙන් කරගත්තා ඕන එකක් වෙන්න කියලා. මේ ලග දී අපේ අසංක සහෝ Jaws චිත්‍රපට මාලාවම ඉවර කරලා කට්ටිය ෆෝම් කරලා නෙව තියෙන්නේ.
මේක Jaume Collet-Serra අධ්‍යක්ෂනයක් මේ හාදයා තමයි අර ලියම් මාමාව වටේ දිවෙව්වේ Run All Night එකක්, පිටපත Anthony Jaswinski ගෙන්. ලබාගෙන තියන IMDB අගය 6.8 රෝටන් ටෝමාටෝ හි නැවුම් ලෙසත් 75% විචාරක පැසසුමක් ලබාගන්න සමත් වෙලා තියනවා. දාවන කාලය වෙන්නේ පැය 1 මිනිත්තු 26ක් අයත් වෙන්නේ Drama, Horror, Thriller කියන කාණ්ඩවලට… හැබැයි මේකේ ඇති Drama එකක් නම් නැහැ. මුහුදට බැහැපු වෙලේ ඉදලා ත්‍රාසය අවසාන මොහොත දක්වාම නොනවත්වා රදවා ගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනවා.
තිරයේ දකින්නේ ප්‍රධාන එක මුහුණයි… ඒ අර ඕපාදුප කෙල්ල (Gossip Girl) Blake Lively, දන්නා වචනයෙන් කියනවා නම් Deadpool හාදයාගේ මායියා…. ඕස්ට්‍රේලියාවේ අති සුන්දර මුහුදු තිරයේ පියකරු බ්ලේක් කෙල්ල ගත කරන හැටි ඉතින් බලන්න බැහැ කියන්නේ නැහැ නෙව ඇස් පෙනෙන අපි කවුරුවත්. ඇයට අමතරව Óscar Jaenada, Lozano Corzo වගේ පිරිසක් ඉන්නවා එයාලා නම් අදාළ නැහැ කියන්න හැකි තරම්. අනික් ප්‍රධාන තිරයේ දකින දෙන්නා වෙන්නේ. මිනී මෝරා හා ස්ටීවන් නම් මුහුදු ලිහිණියා… මම මේ විහිළු කරනවා නෙමෙයි ඔන්න…
කතාව වෙන්නේ මෙහෙමයි, නැන්සි කියන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක්, පිළිකාවක් හැදිලා තමුන්ගේ මව මිය පරලොව ගියත් එකක් නැන්සි පොඩි නිවාඩුවක් අරගෙන එනවා, තමුන් කුස දරාගෙන තමුන්ගේ අම්මා ආව ලස්සන සැගවුන වෙරළක් බලන්න. එහි දිය මත ලිස්සා යන්න. ඇය අහන කිසිම කෙනෙක් මේ වෙරළේ නම කියන්නේ නැහැ… ආරම්භය බොහොම සුන්දරයි… මේ ඔක්කොටම කණකොකා හඬන්නේ එකවර ඇතිවෙන මෝරා ප්‍රහාරයක් හේතුවෙන්… කොහොම හරි පණ බේරා ගන්නා ඇය ගලක් උඩට එනවා…. අධික ලෙස රුධිරය වහනය වන කකුලක් එකක් වෙරළට යාර 200 එහා මුහුදේ නැන්සිගේ ජීවිතය හා මරණය තීරණය කරන මෝරා හා දැන් ඔබටත් තනිවෙන්නට අවසරයි….
කලින් කිව්වා වගේ බොහොම ත්‍රාසය පිරුණු කතාවක් මේක. එහෙනම් බලන්නකෝ කොහොමද කියලා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි The Shallows 2016 HD-TS READNFO x264-CPG පිටපත සඳහා වලංගු වේ.
504 downloads