Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Let’s Fight Ghost [2016 – E05 & E06] with Sinhala Subtitles |එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0
Let's-Fight-Ghost
5 කොටස
ලස්සනට කරුණාවන්ත විදිහට හිටියට මහාචාර්යතුමා ඒ තරම් හො කෙනෙක් නෙවෙයි නේද? එයා හයින් ජූව මරල දානවා. ඒත් ඒක හැමෝටම රහසක්. මේ අතර මහාචාර්යතුමාටත් ඕනෙ වෙනවා බොන්ග් පල් ගැන දැනගන්න. ඒකට එයා හො උපායකුත් යොදනවා. බොන්ග් පල්ගෙ ජේෂ්ඨ ශිෂ්‍යයො දෙන්නා බොන්ග් පල්ට යෝජනාවක් ගේනවා තුන් දෙනා එකතු වෙලා අවතාර අල්ලමු කියලා. ඒ වෙනුවෙන් බොන්ග් පල්ට හොට ගෙවන්නත් එයාලා කැමති වෙනවා. ඒත් එයාලගෙ කණ්ඩායමට එකතු වෙන්න නම් බොන්ග් පල් කැමති වෙන්නෙ නැහැ. මේ දේට බොන්ග් පල්ව කැමති කරගන්න අපූරු ක්‍රමයක් එයාලා හොයාගන්නවා. තමන්ගේ ජේෂ්ඨ ශිෂ්‍යයො එක්ක එකතු වෙලා කරන පලවෙනි වැඩේ වෙන්නේ පුංචි දරුවෙක් බේරගන්න එක. ඒකෙන් බොන්ග් පල්ට එයාගෙ අම්මව ආයෙත් මතක් කරල චෙනවා. ඒත් ඒ මතකයෙන් ඔහු ගොඩක් දුකට පත්වෙනවා.
 
6 කොටස
හින් ජී බොන්ග් පල්ට ආදරය කරන්න පටන් අරගෙන වගේ. ඒ නිසා ඇය බොන්ග් පල් ඉයුන් හී ලට යනවට හරිම තරහයි. ඔවුන් දෙන්නා ලං වුනාම මොනවම හරි ඇය කරනවා. මේ අතර හයින් ජූගෙ මිනිය පොලීසියට හමුවෙනවා. ඇගේ මරණය ගැන පරීක්ෂකතුමාට යම් සැකයක් ඇති වෙලා වගෙයි. සුන්ඩේ සුප් නමින් අලුතෙන් හදාගන්න මිතුරු සමාජයෙන් විනෝද ගමනක් යන්නයි යන්නේ. ඒත් මියුන්ග් හී යන නිසා හන් ජී කැමති නැහැ බොන්ග් පල් මේ ගමන යනවට. ඇය බොහොම දේවල් කරනවා එතනදි ඔවුන් දෙන්නා ඈත් කරල තියන්න. ඒත් මියුන් හී තමන්ට ආදරය නොකරන බව බොන්ග් පල් දැනගත්තම ඔහුට බොහොම දුක හිතෙනවා මේ අතර මෙන්න හින් ජීට නොහිතපු අනතුරකට මුහුණ දෙන්න වෙනවා.

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

 

 Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Bring.it.on.Ghost.E05[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E06[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>