Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

This Is It (2009) with Sinhala Subtitles |සිහිනයක් වූ ප්‍රසංගය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

This Is It (2009)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් වන නිර්මාණය අරගෙන ආවා. නම දැක්ක ගමන් යාලුවෝ ගොඩක් දෙනෙක් ට මේ චිත්‍රපටයේ වැදගත්කම පේන්න ඇති. Documentary, Music ගනයේ මෙම චිත්‍රපටය IMDb අගය 7.3 ගත්ත සුපිරිම චිත්‍රපටයක්. ඒත් ශෝකාන්තයක් එක්ක නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. ඒවගේම මේකෙ තියන කිසිම දර්ශනයක් මෙම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඒවා නෙවි. බොක්ස් ඔෆිස් තුල අති සාර්ථක වෙච්ච මෙම සුවිශේෂ චිත්‍රපටය දැන් ඔයාලට පළමු වතාවට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව.

 

කතාව ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මේකෙ තියෙන්නේ මයිකල් ජැක්සන් කියන ලෝක ප්‍රසිද්ද සංගීත ශිල්පියාගේ සැබෑ නොවූ සිහිනය කියුවොත් හරි. ඒ කියන්නේ මයිකල් ජැක්සන් This Is It කියල වේදිකා සංදර්ශනයක් එක්ක ලෝකය වටා යන්න සැලසුම් කරනවා. එකේ මංගල දර්ශනය එයා තියන්න හිතන් ඉන්නේ දෙදහස් නවයේ ජුලි දහ තුන. ඒත් අවාසනාවට ඊට දවස් දහ අටකට කලින් ඒ කියන්නේ දෙදහස් නවයේ ජුනි විසි පහ එයා අපි අතරින් සමු ගන්නවා. ඉතින් එයාගේ රසිකයෝන්ට එයාගේ මේ සැබෑ කරගන්න නොහැකි වෙච්ච සිහිනය පෙන්වීම තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. එයා මේ සංදර්ශනයට කට්ටිය බඳවා ගන්න ආකාරය, එයාල පුහුණු වීම් වන ආකාරය මෙන්ම මයිකල් ජැක්සන් මේක මුල ඉඳලා සැලසුම් කරන ආකාරය මේකේ පෙන්වනවා. ඒ වගේම ඔහුගේ ඉතා ජනප්‍රිය ගීත විස්සකට වැඩි ගණනක සජිව පුහුණුවීම් මේකට ඇතුලත්. කලින් කිවුව විදියට මේ එකක්වත් රඟපෑම් නෙවි. මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික එකතුව සඳහා වීඩියෝ ගත කරන ලද සැබෑ සිදුවීම් තමා මේ චිත්‍රපටයක් විදියට සකස් කරලා තියෙන්නේ.

 

ඔයාලට මයිකල් ජැක්සන් අවසාන වතාවට වේදිකාවක දැක ගන්න මෙන්ම එයාගේ ගීත කිහිපයක් අහන්න මේකෙන් අවස්ථාව තියනවා. එත් මම මේකෙ තියන සින්දුවලට උපසිරසි ඇතුලත් කලේ නැ. ඒ වගේම සිංදුවල නම් මම ඒවිදියටම යොදා ගත්තා.මොකද සිංදුවල අර්ථය සිංහලෙන් දාන්න ගියොත් ඒවායේ රසවිඳීමට බාදාවක් වෙනවා වගේම ඒක ප්‍රයෝගික නැ කියල මට හිතෙන හින්ද. උදාහරනයක් විදියට මයිකල් ජැක්සන් ගේ “Thriller” කියන සින්දුවට මම “ත්‍රාස ජනකය” කියල යෙදුවොත් ඒක ලස්සන නැ. මොකද MJ ගෙ “Thriller” කියන එක අපිට දැනෙන්නේ  Thriller විදියටම හින්ද.
මම ඊළඟට දෙන්න යන්නේ මේ වගේම තවත් වාර්තා චිත්‍රපටයක්. ඒවගේම කමෙන්ට් එකක් මගින් මගෙන් ඉල්ලුම් කරන ලද චිත්‍රපටයක්. ටිකක් වෙනස් වගේම ගොඩක් යාලුවෝ කැමැත්තෙන් බලයි කියල හිතෙන චිත්‍රපටයක්. එහෙනම් ඒකෙන් හමුවෙමු ඉක්මනින්.

බුදු සරණයි ….!

Tarzan, the Ape Man (1981) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

This.Is.It.2009.(720p/1080p).BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>