ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් දෙවන නිර්මාණය අරන් ආවා. ජැකී චෑන් ගේ සුපිරීම චිත්‍රපටයක්. එයාගේ චිත්‍රපටවල අනිවාර්යයෙන්ම තියන ක්‍රියාදාම, විහිළු තහළු මෙන්ම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක දක්නට නොලැබෙන ලස්සන ම ලස්සන ආදර කතාවක් මේකේ ඇතුලත්. Action, Crime, Drama වර්ගයට අයිති වෙන IMDb අගය 7.0 පමණ වන උසස් ගනයේ චිත්‍රපටියක් කියන්න පුළුවන්. පවුලේ සියලු දෙනාටම වගේම සියලු වර්ගයේ චිත්‍රපට ප්‍රිය කරන්නන් ට මේක බලන්න කියල මම යෝජනා කරනවා. San Ging Chat Goo Si නමින් හොං කොං වල මේක ප්‍රදර්ශනය කරන ලද අතර New Police Story කියල ඉංග්‍රීසි වලට හඬ කවලා තියනවා.
කතාව මම ඔක්කොම කියන්නේ නැ. මොකද කතාවේ රසය අඩුවෙනවා. ටිකක් කියන්නම්. ජැකී චෑන් නිරුපනය කරන්නේ පොලිස් පරීක්ෂක චෑන් ගෙ චරිතය. එයා රැකියාව ගැන කලකිරෙනවා, එයා එක්ක හිටිය කණ්ඩායමම හොරු කණ්ඩායමක් අතින් මැරුම් කන හින්දා. ඒ මිය යන කණ්ඩායම අතරේ එයාගේ පෙම්වතියගේ මල්ලිත් ඉන්නවා. ඉතින් මේකට දුකින් එයා රැකියාවෙන්, පෙම්වතියගෙන් මෙන්ම තමන්ගේ ජිවිතෙනුත් පැනල යන්න හදනවා. ඉතින් පස්සේ දැන ගණන්වා මේ සොර කණ්ඩායම සම්පුර්ණ පොලිසියෙන් ම පලිගැනීමක් කරන්නේ කියල. ඉතින් පස්සේ හොඳ සහායකයෙක් ගෙ උදවු ඇතුව සොර කණ්ඩායම අල්ල ගන්න එක තමා කතාව. ඒ අතරේ කලින් කියුවා වගේම මම දැකල තියන ලස්සනම ලස්සන ආදර කතාවකුත් තියනවා. ඉතින් තව ගොඩක් දේවල් තියනවා තාත්තා ඉදිරිපිට පුතා මිය යාම, පවුල් ප්‍රශ්න ළමයින්ට බලපෑම වගේ. ඔයාල බලලම රසවිඳින්න කියනවා.
මේ චිත්‍රපටිය ඔයාල බාගත කරනවා නම් කියන්න තියෙන්නේ මේ උපසිරැසිය සකස් වෙනුයේ චීන සන ඉංග්‍රීසි දෙකම තියන 675MB පිටපතට. තව ඒවා කිහිපයක් තිබ්බත් බාගත කරන්න ප්‍රයෝගික ගැටළු තියනවා. ඉතින් මම යෝජනා කරන්නේ මේ චීන ඉංග්‍රීසි පිටපත අරන් ඔයාලගේ වීඩියෝ ප්ලේයර් එකෙන් ලැන්වේජ් එක වෙනස් කරන් බලන්න කියල. සිංහල උපසිරසි දැන් මම දෙන හින්ද ඔයාලට කොහොම බැලුවත් අවුලක් නැ.
මම ඊළඟට දෙන්නේ පොඩිකාලෙ අපි ඔක්කොටම තිබ්බ ප්‍රශ්නය, අර ඉක්මනට ලොකුවෙන්න තියන උවමනාව ගැන කතාවෙන චිත්‍රපටයක්. ඉතින් ඒකත් අරන් ඉක්මනට එන්න බලන්නම්. මතකනේ කමෙන්ට් දාන්න අමතක කරන්න එපා. ඔන්න මම ගියා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
New Police Story [2004] [Dual Audio – Chi,Eng] 720p
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
33 downloads