අද ඩෝපෑන්ගේ උපන්දිනය. රජතුමා වගේම මාළිගාවේ හැමෝම වගේ හරි හරියට මේකට ලැස්ති වෙනවා. ඒ අතරේ පුරුදු පරිදි කුමන්ත්‍රණයක් හොරාට සිද්දවෙනවා. ෆෙරෝන් හා ග්‍රිමඩ් එකතු වෙලා රජතුමාගේ සංචිතය හොරකම් කරන්න යන්නේ. තේරෙන විදිහට කියනවනම් රජුගේ රත්‍රන් මංකොල්ල කන්න තමයි සුදානම. ග්‍රිමඩ්ට මාචෝස්ගෙන් උදව් ලැබුණට මිනිහා වැඩි හරියක් නම් දන්නේ නෑ. මේකට කරන ලොකුම දේ තමයි හිරගෙදර කලබලයක් ඇතිකරලා හිරකාරයොන්ට පැනලා යන්න සලස්වනවා. මොකද හිරගෙදර පහළ තමයි ඔය කියන සේප්පුව තියෙන්නේ. සේප්පුවකට උනත් රජකාලේ විශේෂ අගුලක් එක්ක විශේෂ යතුරක් තියෙනවා. ඒ අතරේ අර වෑන් ලාර් කියන ලන්දේසි මුල්‍ය සම්පාදකයත් එනවා මාළිගාවට ෆෙරෝන් ගත්තු ණය පොලිය බේරලම නෑ. ලියුම් එකකටවත් පිළිතුරු දීලා නෑ. වෑන් ලාර්ගේ අවාසනාවට එයාට රජු ගාවට කිට්ටු වෙන්න ලැබෙන්නෙත් නෑ. නමුත් මේ හැමදේම ගැන ට්‍රේවිල් දැනගන්නවා. අද කොටසේ නම් මරු සීන් ටිකක් බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E05.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
180 downloads