Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Last Ship [S03 : E09] with Sinhala Subtitles |පාරාදීසයේ පෙරලිය… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ප්‍රමාදයට  බොහෝමත්ම සමාවෙන්න ඕනේ. උපසිරැසිය ආපු දවසේ දවල් 1ට විතර ඉවරයක් කරන්න ලැබුණත් අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා පොඩි පොඩි බාධාවන් ඇතිවුනා උපසිරැසිය ලබාදීම සම්බන්ධයෙන්.

පසුගිය සතියට කලින් සතියේ අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනවද මේ සැලසුම් කරන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ටකහායා ඇමරිකාවේ නාවික හමුදාවට වෛර කරන්න හේතුව. මේ එක්කම ටකහායා දැන් නේතන් ජේම්ස් එකේ ඉඳන් නේවි එකට උදව් කරනවා පෙන්ග් ගෙන් පලිගන්න. මොකද කිව්වොත් තමුන් වගේම තමුන්ගේ බිරිඳත් ඇතුලුව ජපානයේ හැම කෙනෙක්ම මරණයට පත්වුනේ පැන්ග් විසින් පතුරුවපු රසායනික අවිය නිසා. මේ රසායනික අවියෙන් පෙනෙන විදියට හානියක් නොවුනත්, මේ රසායනික අවියේ රසායනික සංයුතිය මගින් වෛරසය වටා ආරක්ශක ආවරණයක් ගොඩනගනවා. මේ ආරක්ශක ආවරණය නිසා ප්‍රතිකාරයට වෛරසයත් එක්ක සටන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ප්‍රතිකාරය කොතරම් ලබා දුන්නත් වෛරසය වැලඳුනු කෙනා සනීප වෙන්නේ නෑ.

ඉතිං පසුගිය සති වල කතාවන් වලින් අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනාහරි ලොකු දෙයක් සැලසුම් කරන්න යන බව. ඒ වගේම තමයි අරෙහෙන් මෙහෙන් ඉඟි දුන්නත් අපිට පසුගිය කතාව වෙනකං හරියාකාරව දැනන් හිටියේ නෑ පැන්ග් අඩව් අල්ලන්නේ මොකකටද කියන එක. නමුත් පසුගිය සතියේ පැහැදිලිවම අපිට දැනගන්න ලැබුණා, මේ රසායනික අවිය ලෝකය පුරාවටම දියත් කරලා දැනට එන්නත් කරනයට ලක්වුනේ නැති අයව වෛරස මගින් මැරෙන එක අනිවාර්ය කරන්න පුළුවන් බව. ඉතිං කැප්ටන් නම් අවසානයේදී කිව්වේ ජන සංහාරයක් කියලා.

කතාව මුල ඉඳන්ම ධවල මන්දිරයේ හිටපු අයට තිබුණු ප්‍රශ්ණයක් තමයි, වීඩියෝ ඇමතුම් ගැනීමේ නොහැකියාව. මොකක් හෝ හේතුවක් නිසා ධවල මන්දිරයෙන් පිටවෙන සහ ලැබෙන සිග්නල් වලට මොකක්දෝ බාධාවක් ඇති වෙනවා. මේ ගැන අද කේරා ජනාධිපති‘ගේ අණ යටතේ හොයලා බලනවා. මේ ගැන වැඩි දුරටත් හාරා අවුස්සද්දී ලොකු කුමන්ත්‍රණයක් හෙලිදරව් කරගන්න හැකියාවක් ලැබෙනවා.

අදට මම වැඩි දෙයක් කියන්නෙත් නෑ ඔන්න. පුළුවන් ඉක්මනින්ම අද උපසිරැසිය ගෙනාවා. හැබැයි කට්ටියට සතුටුදායක ආරංචියක් දෙන්න පූළුවන්. ලබන සතියේ ඉඳන් ආපහු ටෙක්ස් කතාවට බහින්න පුළුවන්. එක්කෝ නැතිනං ඊලඟ සතියේ ඉඳන්. ලිපිය ලියන මේ මොහොතේදී නම් තාම ලබන සතියේ කොටසේ ප්‍රෝමෝ බලලා නෙමෙයි ඉන්නේ.

කතාවේ ගතිය නම් උපරිමෙන්ම වැඩි මට්ටමකින් තියෙනවා කියලා කියන්න පුළුවන්. පසුගිය සීසන් දෙකටම වඩා කතාව හොඳට ගලාගෙන යනවා. එහෙනං මම අදට සමුගන්නම්. ලබන සතියේදීත් මේ විදියටම හමුවෙම බලාපොරොත්තුවෙන්.

No captain.
It’s a cut the head off the dragon operation.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

The.Last.Ship.S03E09 75.42 KB 565 downloads

...

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>