ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් එක් වෙනි උපසිරැසිය අරන් ආවා. මම පනස් වෙන උපසිරසියේ කියුව විදියට ඒ වේගෙන් ම නොවුනත් සතියකට අඩුම ගන්නේ එකක් වත් අරන් එක්ක බලන්නම් කියලනේ. ඔන්න මම ගෙනාව තවත් ජනප්‍රිය චිත්‍රපට එකතුවක පලවෙනි එක. චිත්‍රපට ක්ෂේත්‍රයේ කවදත් ජනප්‍රිය මාතෘකාවක් නේ සොම්බි, නැත්නම් නොමරුනු උන් කියන එක. ඒකෙනුත් ඩ්‍රකියුලා ඉතින් සුප්‍රසිද්දයි නේ. ඉතින් ලෝක ප්‍රසිද්ද ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ පලවෙනි ඒක තමා මේක. IMDb අගය 7.4 ගත්ත Fantasy, Horror වර්ගයේ චිත්‍රපටයක් තමා මේක. මුලින්ම මේ චිත්‍රපටය Dracula නමින් තමා තිරගත උනේ.
කතාව ගැන කියනවා නම් ජොනතන් හාකර් කියල පුද්ගලයෙක් ඩ්‍රකියුලාගේ මාලිගයට යනවා එයා විනාශ කරන්න. ඒ ගිහින් එයා හිරකරන් යුවතියක් ඒ බන්දනයෙක් නිදහස් කරනවා. ඉතින් ඒකට පලිය ගන්න ඩ්‍රකියුලා ජොනතන් ගේ පෙම්වතිය පස්සේ පන්නනවා. ඒක විතරක් නෙවි එයාලගේ පවුලටත් පහර දෙන්න උත්සාහ ගන්නවා. ඒත් පිසාචයෝ ගැන දන්නා වැන් හෙල්සින් කියන දොස්තර කෙනෙක් ඩ්‍රකියුලා පරද්නන්න ගන්නා උත්සාහය තමා මේ චිත්‍ර පටය. සොම්බි කතා බලන අය මෙන්ම හොල්මන් ආස යාලුවෝ බලන්නම ඕන චිත්‍රපටයක්. මොකද දැන් සොම්බි කතා ඔක්කොමලගේ මුල තමා මේ චිත්‍රපට. මේකේ හොඳ වීඩියෝ පිටපත් ටොරන්ට් මගින් හොයා ගන්න පුළුවන් වගේම, මම යු ටියුබ් සහ ඩේලිමෝෂන් පිටපත් වලටත් හරියන විදියට සබ් එක හදලා තියන හින්දා ඕනෑම විදියකට ඔයාලට වීඩියෝ පිටපත ගන්න පුළුවන්.
මම ඊළඟට අරන් එන්නේ මේකේ දෙවෙනි කොටස කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඉතින් එකෙන් හමුවෙමු. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ අදහස් සහ යෝජනා කියන්න අමතක කරන්න එපා. මම එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
The Horror of Dracula 1958 – 720P
The Horror of Dracula 1958
The Horror of Dracula
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
137 downloads