Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

2 Lava 2 Lantula! (2016) with Sinhala Subtitles |ගිනි මකුණෝ 2 [සිංහල උපසිරසි සමඟ]

$
0
0

2 Lava 2 Lantula (2016)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් තුන්වන චිත්‍රපටය අරන් ආවා. මම මේකේ පලවෙනි කොටස Lavalantula (2015) කලින් ඔයාලට දීලා තියනවා නේ. මේ අවුරුද්දේ මේක එනවා කියල දැනගෙන හිටියත් අගෝස්තු හය වෙනිදා තමා මේක නිකුත් උනේ. ඉතින් එතකොටම සමීර කරුණාරත්න සහෝදරයා මාව දැනුවත් කළා. කේබල් සහ රුපවාහිනී චිත්‍රපටයක් විදියට නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටය Horror, Sci-Fi, Thriller ගණයට අයිති වෙනවා. IMDb අගය 4.9 අරන් තියන චිත්‍රපටයක් හින්ද කතාව හොඳයි කියල කියන්න පුළුවන්. ඒත් මේකේ පරිගණක සජීව කරන දර්ශන වල තත්වය පලවෙනි එකේ වගේමයි. අඩු වියදම් චිත්‍රපටයක් හින්ද උසස්ම විදියට බලාපොරොත්තු වෙන්න එපා. ඒත් දර්ශන නරක නැ කියල කියන්න පුළුවන්.

ඉතින් කතාවේ හැටියට කොල්ටන් වෙස්ට් දැන් ජනප්‍රිය චරිතයක්. මොකද ලොස් ඇන්ජලිස් වල ගිනි මකුණෝ ආවම උන් විනාශ කලේ එයානේ. ඉතින් එයාගේ චිත්‍රපට රඟපෑම් ජීවිතය සාමාන්‍ය විදියට ගතකරමින් ඉන්න කොට එයාට දැනගන්න ලැබෙනවා ෆ්ලොරිඩා වල ගිනි මකුණෝ මතුවෙලා කියල. ඒක එයාට වැදගත් වෙන්නේ එයාගේ දුවත් ඒ වෙලාවේ එතන ඉන්න හින්ද. ඉතින් එයා බේර ගන්න බලන ගමන් දෙවෙනි වරටත් ගිනි මකුණන් විනාශ කරන්න හදන එක තමා මේ චිත්‍රපටය.

මේකේ උපසිරසි හදල තියෙන්නේ කැමරා කොපි එකකට නෙවි. DVDRip වගේම ඕනනම් 720p වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙලා තියනවා. මේ උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. මම ඊළඟට දෙන්න යන්නේ ලස්සන ආදර කතාවක් වගේම ඔයාල හොඳටම දන්නා කතාවක්. ඒත් පැරණි කලාත්මක චිත්‍රපටයක්. ඉතින් හමුවෙමු ඒකෙන්. මම යනවා.

බුදු සරණයි …..!

2 Lava 2 Lantula! (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

2.Lava.2.Lantula.2016.hdtv.x264-w4f

2.Lava.2.Lantula.2016.720p.hdtv.x264-w4f

2 Lava 2 Lantula 2016 HDRip 720p x264 AAC MAXPRO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>