
හම්මෝ… සබ් එක කරලා හොඳටම හති. දවස් ගානක් පරක්කුයි. කරපු ලොකුම සබ් එක. ලයින් 2000+. මං සබ් එක ගෙනාවට මේක මං කරන්න හිටපු ෆිල්ම් එකක් නෙවේ. මේකෙ නිළ අයිතිය විමාට. ඒ යකා පස්සේ කිවුවා දෙන්නා එක්ක එකතු වෙලා සබ් එක ඉවරයක් කරලා දාමු කියලා. කරන්න ගත්තම තමා තේරුණේ මේක විමාටම තමා කරන්න පුළුවන් කියලා. ලයින් ටයිප් කරනවා කරනවා ඒත් ඉවරයක් නෑ
මං සබ කරගෙන යද්දි මේ යකා අර එයාගෙ විශේෂ කෙනා එක්ක මැච් බලන්න ගිහින් තිබුණා. මූ ගියා විතරයි මැච් එකත් පරාද වුණා. කට්ටිය දකින්න ඇතිනෙ. ඉතින් අපි වගේ තනිකඩ කොල්ලො ඉන්න නිසා හෙල්ප් එකට, මූ සබ් එකට පොලු තිබ්බට ඇඩ්ඩින් අයියලාගෙන් බැනුම් අහන එකෙන් මං ඌව බේරගත්තා. :3 කොහොම වුණත් විමාම කතා කරලා කිවුවා මං එහෙනම් උඹට ලිපිය ලියල දෙන්නම් කියලා. එහෙනම් මං වැඩිය කියවන්නෙ නෑ. ඔන්න එහෙනම් විමා ලියපු ලිපියත් කියවගෙන සබත් බාගෙන යන්නකො.
යම් දෙයක් දැකීම යනු විස්වාසයක්, එය රඳා පවතින්නේ ඔබ ඒ දකින දේ දෙස බලන කෝණය අනුව. නමුත් ඔබ දකින දෙය අසත්‍ය බවට පත්වී ඔබ නොදුටු පැතිකඩ පරම සත්‍ය විය හැකියි. ඔබ මේ වනවිටත් දන්නව කුමන ආකාරයේ මායාවකට ඇද දැමීමටද අර අඳින්නේ කියා… පළමුවර ඔබ රැවටුන බව සැබැයි, නමුත් දෙවන වරටත්…? ඔව් නිසැකවම ඔබ මුලාවට පත්වෙයි, ඔබ දකින දේ විවිධාකාරයෙන් විශ්ලේෂණය කර සිදුවූ දෙය, සිදුවන දෙය, සිදුවිමට නියමිත දෙය නිගමනය කරගනීවි. නමුත් ඔබ මෙවරත් පෙර වරදම සිදුකරයි, සුපුරුදු පරිදිම අසරුවන් සිව්දෙනා විසින් අපුර්ව ආකාරයකට පෙර මෙන්ම අවධානය වෙනතකට යොමු කරවමින් මුලික කරුණ මගහරවමින් මෝහයට ඇද දමාවි, ප්‍රවේසම් වන්න මිත්‍රයා, ලංවෙලා බලන්න ලඟටම ලංවෙලා බලන්න ඔබ දකින දෙය විස්වාස නොකර සිටින්න ඔබට පෙනේවි සතුරා මිතුරා වන අයුරුත් මියගියවුන් නැවත ඉපදෙන අයුරුත්, නමුත් කිසිවක් විස්වාස නොකරන්න, අවසාන ඇසිල්ල වනතෙක්ම ඇසිපිය නොහෙලා බලා හිදින්න වසර තුනකට පසුව ඔබ හමුවේ වේදිකාවට ගොඩවන අසරුවන් සිව්දෙනා දෙස. මිත්‍රයා වගකීමකින් කිවහැකියි, ඔබ කුමන ආකාරයෙන් සිතුවත් අවසනදී ඔබ මුලාවෙන් මුලවටම පත්ව ඇති බව, ඔබට ඔහුව කිසි ලෙසකිනිදු හඳුනාගත නොහේ, සැබවින්ම ඔවුන් ලොව විශිෂ්ඨතම මැජික් ශිල්පින් සිව්දෙනා…. ඇසිපිය නොහෙලා බලා ඉඳින්න…. මෙ තිත්තයාගේ වාරයයි!
ඔබට හොඳින්ම මතක ඇති 2013 වසරේදී අසරුවන් සිව්දෙනාට ලොවක් වසඟවූ අයුරු, කවුදෝ මවා පෑ මායවක්වූ Now You See Me 2013 වෙතිනි, අසරුවන් සිව්දෙනාගේ එක්කාසුවිම පලිගැනීම සහ ධනවත් වැරදි කාරයෙකු හෙළිදරව් කිරීම, විශේෂම දේ.. ඔබව මුලාවට පත්කරලීම.. සිදුකරමින් දිගහැරුණු අපුර්ව සිනමා සිත්තම, එය තිරගතවන කාලයේදීම එහි දෙවැන්න නිකුත් වන බව නිෂ්පාදකයින් විසින් නිවේදනය කළා. එතැන් පටන් වසර තුනක් තිස්සේ දෑස් අයා බලා උන්නේ කවදා දෙවැන්න නිකුත් වේදැයි කියා. ඔන්න මෙ වෙනකොට එ වරම අපිට ලැබිල තියනවා සුපුරුදු පරිදිම IMDB 6.8 ක අගයක් ලබාගනිමින් ලොවපුරා ආදායම ඩොලර් මිලියන 312 ක් වාර්තා කරගනිමින්. තෙවැන්නකද බලාපොරොත්තුවක්ද දල්වා තියා තබමින් නව අසරුවෙකු සමගින් මෙවර අප හමුවට එන මෙම සිනමා සිත්තමේ මෙවර විශේෂිතම සිදුවීම් රැසක් අඩංගු වෙනවා. සුපුරුදු පරිදිම විශේෂ ඇස්බැන්දුම් මගින් සිදුවන ක්‍රියාදාමයන් රැසක් අඩංගු වන අතර ගියවර Henley Reeves ට පණ පෙවූ Isla Fisherවෙනුවට මෙවර Lizzy Caplan නව අසරුවෙක් ලෙසින් ඔබ අප හමුවට පැමිණෙනවා. එමෙන්ම සුප්‍රසිද්ධ හැරී පොටර් නළු Daniel Radcliffe මෙවර නව මුහුණුවරකින් අප හමුවට පැමිණෙනවා. ඒ හැර අනෙකුත් චරිත සියල්ලම වගේ ගියවර අප හමුවට පැමිණි චරිත වන අතර, Woody Harrelson ද්විත්ව චරිත නිරුපනයකද නිරත වනවා. එසේනම් හඳුනා ගන්න ඔබ මා…
Due to copyright issues, we do not provide any torrent links.
Now.You.See.Me.2.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2025 downloads



