Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chakravyuha (2016) with Sinhala Subtitle |අසාධාරණය දැක දැක ඇස් පියාගෙන ඉන්නෙ කොහොමද…? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chakravyuha (2016)

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ ක්‍රියාදාම ඝනයට අයත්වන කන්නාඩ චිත්‍රපටයක්.සාමාන්‍ය කන්නාඩ චිත්‍රපටයක් නෙමෙයි.IMDB දර්ශකයේ 8.4 ක ඉහලම අගයක් හිමිවුණ, කන්නාඩ පවර් ස්ටාර් Puneeth Rajkumar ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන සුපිරිම චිත්‍රපටයක්.හින්දි චිත්‍රපටයක් නම් ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන් වගේ තමයි, කන්නාඩ චිත්‍රපටයක් නම් ඉතින් Puneeth Rajkumar තමයි කියලා කන්නාඩ චිත්‍රපට නරඹන අය හොඳටම දන්නවා.2015 වර්ෂයේ නිකුත්වුන Rana Vikrama චිත්‍රපටය ඒකට හොඳම උදාහරණයක් විදියට දෙන්න පුළුවන්.ඒ වගේම වර්තමාන තෙලිඟු සිනමාවේ ඉහලින්ම වැජඹෙන Junior NTR මෙම චිත්‍රපටය සඳහා ගීතයක් ගායනයෙන් දායක වීම විශේෂත්වයක් වෙනවා.ඊට අමතරව ප්‍රධාන නිළිය ලෙස Rachita Ram ද, දුෂ්ටයාගේ චරිතය සඳහා Yennai Arindhaal (2015) චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත්වූ, Arun Vijay ද රංගනයෙන් දායක වනවා.

කතාව ගැන කෙටි විස්තරයක් කියන්නම්.කතාවක් තියෙනවනේ, නීතිය රකින්න ඉන්න අයම තමයි වැඩියෙන්ම නීතිය කඩන්නෙත් කියලා.ඒ කියමන නැවතත් සිහිගන්වමින් ඉන්දීය රජයේ නීතිය භාරව සිටින ඇමතිවරයා සිය සහෝදරයා සමගින් හවුල් වී සිය හිතුමනාපයට පාලනය ගෙන යනවා.ඇස් පනා පිටම අවනීතිය රජකරවන මේ දුෂ්ට පාලනයට එරෙහි වීමට කිසිවෙකුටත් ශක්තියක් නැහැ.මෙහි එක්තරා ප්‍රතිපලයක් ලෙස නීති විද්‍යාලයේ ශිෂ්‍යයින් තුන් දෙනෙක් ඝාතනය වෙනවා.පාසල් ගුරුවරියක් වන මේ එක් ශිෂ්‍යයෙකුගේ මවක්, සිය දරුවාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පාරට බහිනවා.නමුත් කිසිවෙකුගේ සහය මේ අසරණ මවට ලැබෙන්නේ නැහැ.දහසක් දරුවන්ගේ නෙත් පාදමින් ගුණ නැණ කියාදුන් මේ ගුරු මාතාවට, සිය එකම දරුවාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් කිසිවෙකුගේ පිහිටක් නොලැබීම දෛවයේ සරදමක් නොවන්නේ කෙසේද…මිනිසත් කමක් නොමැති, හුදෙක්ම නමට පමණක් මිනිසුන් පිරි සමාජයක ජනාකීර්ණ වීදියක සිය ප්‍රාණ සමවූ එකම පුතුගේ දේහය සමගින් මේ මව හුදකලා වෙනවා.නමුත් මේ මව සපත කරනවා.සත්‍යයේ නාමයෙන් කෙදිනක හෝ තම පුතුගේ දේහයට සාධාරණත්වයක් ඉෂ්ට වේවි යැයි කියා.නොබෝ කලකින්ම ඇයගේ ප්‍රකාශය සත්‍යයක්ම කරමින් එක්තරා නොහඳුනන බලවේගයක් කරලියට පැමිණෙනවා.කිසිවෙකුටත් අදහාගත නොහැකි පරිදි අදාලා පුද්ගලයින්ගෙන් දරුණු අන්දමින් පළිගන්නවා.අවනීතිය රජකරවමින් සාරධර්ම පිරිහෙමින් ඝනාන්ධකාරයෙන් වෙලෙමින් තිබූ සමාජයක්, ආලෝකය කරා රැගෙන යාමට පැමිණි මේ බලවේගය කුමක්ද…ඉතිරිය චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක ඔබට භාරයි.

විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටය සඳහා මෙතෙක් නිකුත් වෙලා තියෙන්නෙ එකම එක ඉංග්‍රීසි උපසිරසියක් විතරයි.ඇත්තටම ඒක උපසිරසියක් කියන්න බැරි මට්ටමේ එකක් කිව්වොත් නිවැරදියි.උපසිරසියේ බාගේකටත් වඩා අඩු පාඩු තිබුණා.කාල රේඛා නොගැලපීම්, සමහරක් දෙබස් නොමැති වීම, නොගැලපෙන දෙබස් ඇතුලත් කර තිබීම….වගේ ඒවා.ඉතිං හැකි උපරිම අයුරින් ඒවා නිවැරදි කරලා ඇති.නමුත් සමහර තැන් වල දෙබස් අඩු පාඩු තියෙනවා.ඒවා නිරාකරණය කරන්න තරම් කන්නාඩ භාෂාව පිලිබඳ දැනුමක් මට නැහැ.නමුත් කතාවේ රසයට හානියක් නොවෙන පරිදි හැකි තරම් දුරට දෝෂ නිවැරදි කළා.ඒ නිසා පුළුවන් තරම ඉවසීමෙන් බලන්න කියලා ඉල්ලා සිටිනවා. තවත් සුපිරිම චිත්‍රපටයකින් ඉක්මනටම හමුවන තුරා, සියලු දෙනාටම ජයවේවා…!

Chakravyuha (2016) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>