Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Back to the Jurassic (2015) with Sinhala Subtitles |නැවතත් ඩයිනසෝර් යුගයට [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Back to the Jurassic (2015)

එන්.විජිත අසංක වන මගේ හතලිස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2015 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Animation, Adventure, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Kafka නම් අධ්‍යක්ෂවරුන් විසිනුයි.

අර්නි, ජුලියා සහ මැක්ස් කියන ළමයි තුන්දෙනා මැක්ස්ගෙ පියා වන ආචාර්ය සන්තියාගෝ විසින් නිර්මාණය කරපු කාල යන්ත්‍රයක් (Time Machine) අතපත ගගා ඉන්න අතරෙදි වැරදීමකින් ඒක ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සෙ ඒ තුන්දෙනා අතීතයට ගමන් කරනවා. අතීතයට කිව්වට අවුරුද්දක් දෙකක් අතීතයට නෙවෙයි අවුරුදු මිලියන ගණනක් අතීතයට. ඒ කාලෙ පෘථිවියේ ආධිපත්‍ය දැරුවෙ කවුද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ? ඔබ හරි. ඒ තමයි යෝධ ඩයිනසෝරයො. ඉතිං මේ තුන්දෙනා ගිහින් තියෙන්නෙ ඩයිනසෝරයො ජීවත් වෙන කාලෙකට. ඉතිං එයාලට එහෙදි විවිධ අතුරු අන්තරාවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොම හරි එක්තරා කෙනෙක් ‍එහෙදි එයාලව ආරක්ෂා කරනවා. ඒ කවුද? මේ තුන්දෙනාට එහෙදි මොකද වෙන්නෙ? එයාලට ආපහු වර්තමානයට එන්න ලැබෙයිද? මේ හැම දේකටම පිළිතුරු දැනගන්න නම් මේ චිත්‍රපටය නරඹන්න වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Back to the Jurassic (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>