Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ratchet & Clank (2016) with Sinhala Subtitles |එකයි එකයි තුනයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Ratchet and Clank (2016)

එක දිගට උපසිරැසි කිහිපයක් දීල මං ටික දවසක් රෙස්ට් කලා ඔයාල වෙනුවෙන් තව ලස්සන චිත්‍රපට වලට උපසිරැසි දෙන්න. උපසිරැසි පැත්තෙන් රෙස්ට් එකක් ගත්තට මොකෝ අම්බානෙක වැඩ තිබ්බ ඔෆිස් එකේ. ඒ නිසා මේක බාර ගත්තට කරන්න ටිකක් පරක්කු උනා. ඊයේ රෑ එළිවෙනකල් හදල ඔන්න දැන් තමයි ඉවර උනේ. මේක මගේ අට වෙනි උපසිරැසි ගැන්වීම. දැන් ඔයාල හත හොයන්න එපා මොකෝ ඒක කලාට තාම එළියට දැම්මෙ නෑ. අට වෙනි උපසිරැසිය මගේ පළවෙනි කාටුන් උපසිරැසිය උන එක ගැන නම් ගොඩක් සතුටුයි.හරි අපි කතාවට යමු.

කතාවෙ ඉංග්‍රීසි නමයි සිංහල නමයි ගැලපෙන්නේ නෑ නේද? මං ඒක හිතලමයි කලේ. අනික එකයි එකයි කොහොමද තුනක් වෙන්නේ? දෙකනේ උත්තරේ. මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ රිලීස් උන මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් රැචට්, අනිත් එක්කෙනා ක්ලෑන්ක්. දෙන්නම ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. වෙනත් ග්‍රහලෝකයක. ඒක අයිති වෙන්නේ සොලානා කියන මණ්දාකිණියට. කතාවෙ ඉන්න ප්‍රධාන දුෂ්ටයා තමයි ඩ්රෙක්. එයාගෙ විනෝදාංශය තමයි ග්‍රහලෝක විනාශ කරලා අලුත් ග්‍රහලෝකයක් හදන එක. මෙයාට උදව් කරන්න වික්ටර් කියල පට්ට රොබෝ කෙනෙකුයි නෙෆාරියස් කියලා තව නපුරු කෙනෙකුයි ඉන්නවා. ඩ්රෙක්ගෙ විනාශයන් නවත්වන්න සොලානා වල සුපිරි භටයන් හතර දෙනාට අමාරු වෙනවා. ඉතිං එයාලට ඕන වෙනවා තව එක්කෙනෙක් බඳවා ගන්න. කැප්ටන් ක්වෝක් තමයි සුපිරි භටයන්ගේ ලොක්කා. ලොක්කා උනත් පොරට ටිකක් විතර වයර් ෂෝට්.  අන්තිමේදී රැචට් ව එයාගෙ දක්ෂතා නිසා සුපිරි භටයන්ගේ කණ්ඩායමට එකතු කරගන්නවා ඩ්රෙක්ට එරෙහිව සටන් කරන්න. රැචට් ගෙ උදව්වට එයාගෙ ලඟින්ම ඉන්නේ ක්ලෑන්ක්. ක්ලෑන්ක් ඩ්රෙක් ගාව කලින් වැඩ කරපු පුංචි රොබෝ කෙනෙක්. මේ දෙන්නා මන්දාකිණිය බේරගන්න අනිත් සුපිරි භටයන් එක්ක දෙන ගේම ඔයාලම බලන්නකෝ. ඇත්තටම මේක කාටුන් එකක් උනත් මට නම් ඇක්ෂන් ෆිල්ම් එකක කොලිටිය දැනුණා. හිතා ගන්න බැරි විදිහට කතාව උඩ යට යනවා.

හරි, දැන් මොකක්ද එකයි එකයි තුනයි කියන්නේ. ඕක නම් මං ඉගෙන ගත්ත දෙයක්. ඒකෙන් කියන්නේ දෙන්නෙක් එකතු උනාම ඒ දෙන්නා තනි තනිව දෙයක් කරනවට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එකයි. අර සමගිය බලය වේ කියලත් කියන්නේ ඕකම තමයි. ඔය කතාව බිස්නස් වලත් පාවිච්චි වෙනවා.  Ratchet & Clank නමින් ගේම්ස් ඇවිල්ලත් තියනවා. මේ කතාවෙ IMDb අගය 5.8ක් වෙනවා. කතාව අධ්‍යක්ෂණය කලේ Kevin Munroe සහ Jericca Cleland. හඬ කවලා තියෙන අය අතරෙ පහල අය ප්‍රධානයි. 
රැචට් – James Arnold Taylor
ක්ලෑන්ක් – David Kaye 
ක්වෝක් – Jim Ward 
වික්ටර් – Sylvester Stallone (රම්බෝ අයියා) 
ඩ්රෙක් – Paul Giamatti
නෙෆාරියස් – Armin Shimerman
මේකෙ මං ආසම දෙබස තමයි පහල තියෙන්නේ. ඒක අපි හැමෝටම වටිනවා. කතාවෙ නම් දාල ඉවර උනාට පස්සෙත් පොඩි කෑල්ලක් යනවා. ඒකත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් තව උපසිරැසියක් අරං එන්නම්කෝ. ටටා!

“වීරයෙක් වෙන්න ලොකු දේවල් කරන්න ඕන නෑ. හරි දේවල් කලාම ඇති” 

 

Urge (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Ratchet.and.Clank.2016.BluRay

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>