ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හයවන උපසිරසියත් අරන් ආවා. කියපු විදියටම තවත් විද්‍යා ප්‍රබන්ධයක්. ගිය පාර හඳටනේ ගියේ. මේ පාර මම ඔයාල එක්ක යන්නේ පොලව මැද්දට. ජුල්ස් වරන් කියන ලෝක ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධකරුවා විසින් 1864 දි Voyage au centre de la Terre යන ප්‍රංශ බාසාවෙන් ලියන ලද Journey to the Center of the Earth කියන ඉංග්‍රීසි නමින් ප්‍රසිද්ද වෙච්ච නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සුපිරිම චිත්‍රපටය. IMDb අගය 7.1 අරන් තියන Adventure, Family, Fantasy කාණ්ඩයට අයත් චිත්‍රපටය. ඇත්තටම පරිඝනක තාක්ෂනය නොතිබූ කාලයක මෙහි තියන සමහර දර්ශන නිර්මාණය කරපු විදිය හරිම පුදුමාකාරයි. ත්‍රාසජනක සහ කුතුහලයෙන් පිරිච්ච මේ චිත්‍රපටය පළමු වතාවට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව බයිස්කෝප් අඩවියේන් ඔයාලට තියනවා දැන් ඉඳලා.
කතාව ගැන කියනවා නම් මහාචාර්යවරයෙක්ට ලැබෙනවා ලාව කුට්ටියක් අහම්බෙන්. ඒක එයා පරික්ශාකරලා බලනකොට එයා සොයාගන්නවා මිට අවුරුදු තුන්සියකට කලින් පොලව ඇතුලේ තවත් ලෝකයක් තියනවා කියපු එක මහාචාර්යවරයෙක් ගේ විස්තරයක් ඇතුලත් ලාව කුට්ටියක් කියල. ඉතින් එකේ විස්තරවලට අනුව පොලව මැදට යන කතාව තමා මේකේ තියෙන්නේ. නොහිතන ප්‍රශ්න, දේවල් සහ සත්තු හමුවෙන විදිය සහ අහම්බෙන් සොයා ගන්න ලැබෙන අපි කවුරුත් දන්නා මුහුදු පත්ලේ ගිලි ගිය ඇට්ලන්ටිස් නගරය හමුවීම වැනි පුදුමාකාර සිද්දි වලින් මේ චිත්‍රපටය පිරිලා තියනවා. කිසිම කම්මැලි කමක් නැතුව ඔයාලට මේ චිත්‍රපටය බලන්න පුළුවන්. විදුලි බල්බයේ මුලික අවස්තාව , ඔක්සිජන් සිලින්ඩර් සහ වර්තමානයේ බාවිතා කරන උපකරණ නොතිබූ කාලයක ජුල්ස් වරන් ගේ සිතේ ඒවායේ අදහස පහළවීම ඇත්තටම පුදුමාකාරයි. චිත්‍රපටය බැලුවම ඔයාලටත් තේරේවි.
මම ඊළඟට දෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්. ඉතින් එකෙන් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. මම යනවා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Journey.to.the.Center.of.the.Earth.(1959).BluRay.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
372 downloads