භූත්නාත් බාබු ෆතේපූර් නම් පිටිසර ගම්මානයේ සිට කල්කටාවට පැමිණෙන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි. ඔහුගේ මස්සිනා විසින් ඔහුට, තමන් සේවය කරන සමින්දාර් මන්දිරයේ නවාතැන් සලසා දෙයි. සුරාලෝලී, ස්ත්‍රීලෝලී ධනවතකු සහ ශෝකයට පත් භාර්යාවක අතරට මැදි වන්නට එහිදී ඔහුට සිදු වේ. වසරින් වසර කාලය ගතව යද්දී සමින්දාර් මන්දිරය ක්‍රමයෙන් ගරා වැටෙයි. එහි නිවැසියන්ගේ ජීවිත ගරා වැටෙන්නේද එලෙසින් ම ය. පැරණි වැඩවසම් සමාජ ක්‍රමය ගරාවැටී නව සමාජ ක්‍රමයක් හිස ඔසවයි.
මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය සඳහා මා විසින් තෝරා ගැනුණු “සහීබ් බිබී ඖර් ගුලාම්” නම් හින්දි චිත්‍රපටයේ කතා සන්දර්භය මෙයයි. වංග නවකතාකරු “බිමාල් මිත්‍ර”” විසින් රචනා කෙරුණු “සාහේබ් බිබී ගොලාම්” වංග නවකතාව ඇසුරින් “ගුරු දත්” විසින් 1962 වර්ෂයේදී නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය හින්දි සිනමාවේ කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ සෞන්දර්යාත්මක සිනමා කාව්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිය. සාහේබ්ගේ භාර්යාව වශයෙන් මීනා කුමාරී තම සිනමා ජීවිතයේ විශිෂ්ටතම රංගනය ඉදිරිපත් කරන්නීය. සාහේබ් සහ බිබී අතරට මැදි වූ මස්සිනාගේ චරිතය ගුරු දත් විසින් මැනැවින් ඉදිරිපත් කෙරේ.
මෙම චිත්‍රපටයේ සංගීතය “හේමන්ත් කුමාර්” විසිනි. බෙංගාලි ජන සංගීතය සහ උතුරු ඉන්දීය රාගධාරී සංගීතය ඇසුරින් සැකැසුණු මනරම් පසුබිම් සංගීතය කතාවේ පවතින ශෝකාකූලභාවය තීව්‍ර කිරීමට සමත් වී ඇත. “ගීතා රෝයි, ආශා බෝස්ලේ සහ හේමන්ත් කුමාර්” විසින් පසුබිම් ගීත ගායනා කරනු ලබයි.
1962 වර්ෂයේ ෆිල්ම් ෆෙයා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, ඇතුළු සම්මාන හතරක් හිමිකරගැනීමට මෙම චිත්‍රපටය සමත් වන අතර සම්මාන අටක් සඳහා නිර්දේශ වීය. එම වසරේම බෙංගාලි ජනමාධ්‍යවේදීන්ගේ සංසද සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහය නළුවා ඇතුළු සම්මාන පහක් හිමිකරගැනීමටද මෙම චිත්‍රපටය සමත් වී ඇත.
නැවත නැවතත් නරඹා රස විඳිය හැකි සිනමා නිර්මාණයක රසය ඔබ සමග බෙදාහදා ගැනීමේ අරමුණින් මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි. ඒ සඳහා අවස්ථාව සලසා දුන් www.baiscopelk.com වෙබ් අඩවියට මාගේ ස්තූතිය පුදකරන අතර සහෘද ඔබගේ අගය කිරීම් සෑම විටම මා දිරිමත් කරන බව සිහිපත් කරමි. ඉදිරියේදී තවත් උපසිරැසි නිර්මාණ සමග හමුවන අපේක්ෂාවෙන් ඔබෙන් සමුගනිමි.
Due to copyright issues, we do not provide any torrent links.
Sahib Bibi Aur Ghulam_news_IndianCinemaFans.
7 downloads