මේ වසරේ නිකුත්වුන තවත් Action,Comedy වර්ගයට අයිතිවෙන සුපිරි චිත්‍රපටියක් තමයි මෙවර අරගෙන ආවේ! ජුනි මාසයේ නිකුත්වුන මේ චිත්‍රපටියට imdb අගය 6.5ක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි කොමඩි නළු Kevin hart සමග සුපිරි නළු Dwayne Johnson.මීට අම්තරව Amy Ryan, Aaron Paul, Jason Bateman ආදී ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. කොහොමත් ඇක්ෂන්,කොමඩි වර්ගයේ චිත්‍රපට බලන අය මේක බලන නිසා වැඩි විස්තරයක් කරන්නේ නෑ. කෙටියෙන් කතාව කියන්නම්…
කතාව මෙහෙමයි, අවුරුදු 20කට කලින් පාසලක වෙච්ච සිද්ධියකින් තමයි කතාව පටන්ගන්නේ. රොබී වියර්ඩික් (Dwayne Johnson)කියන්නේ ගොඩක් මහත කෙනෙක්. මහතයි කියන්නේ සුළු පටු මහතක් නෙමේ, පට්ටම මහතයි. ඉතින් කට්ටිය ඒ නිසා මෙයාට ඉස්කෝලෙදී කරදර කරනවා.ඒ කියන්නේ ‘බයිට්’ එකට ගන්නවා. ඉතින් දවසක් ලොකු උත්සවයක් මැද්දේදී කට්ටිය මෙයාව නාන අතරේදී අල්ලගෙන ඇවිත් හැමෝටම පේන්න උත්සවය මැද්දට දානවා. නිකන්ම නෙමේ තනිකර නිරුවත්ව. ඉතින් හැමෝම මෙයාට හිනාවෙද්දී එයාට උදව්කරන්නේ කැල්වින් ජොයිනර්(Kevin Hart)කියන කෙනා.මෙයා ගැන කිව්වොත්, මෙයා පාසලේ හැමෝගෙම හිත දිනාගත්ත සුපිරි තරුවක් වගේ කෙනෙක්. ඉතින් ඔය සිදුවීමෙන් වසර 20කට පස්සේ කතාව තමයි මේකේ තියෙන්නේ. වසරේ 20කට පස්සේ කැල්වින් ජොයිනර් දැන් ගණකාධිකාරී කෙනෙක්. ඉතින් මෙයා වැඩ කරමින් ඉන්න අතරේ අන්තර්ජාලය හරහා පනිවිඩයක් එනවා එයාව හම්බවෙන්න එන්න කියලා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි,රොබී වියර්ඩික්ගෙන්. ඒ විතරක් නෙමේ පොර බොබ් ස්ටෝන් කියලා නමත් වෙනස්කරගෙන. ඉතින් කැල්වින් මෙයාව හම්බවෙනවා. මුලින්ම කැල්වින්ට මෙයාව අදුරගන්නත් බැරිවෙනවා. මොකද දැන් මෙයා ඉස්සර වගේ නෙමේ. ඇග අඩුකරගෙන සුපිරියට ඇග හදාගෙන. ඒ විතරක් නෙමේ දැන් රොබී වැඩකරන්නේ CIA එකේ. ඉතින් රොබී කැල්වින්ව හම්බවෙන්න එන්නේ එයාගෙන් උදව්වක් ගන්නත් එක්ක. මොකක්ද මේ උදව්ව? කතාවේ ඊලගට මොනාද වෙන්නේ? කියලා ඉතින් බාගෙනම බලන්නකෝ. සුපිරි කොමඩියක් බව සහතික කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් මුනගැහෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Central Intelligence (2016) 720p WEB-DL 850MB – MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2524 downloads