Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marco Polo (2014) [S02 : E01] with Sinhala Subtitles |බාධක මැදින් රහසිගත ගමනක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Marco Polo-S2P1

වැනීසියේ සිට තම පියා සමඟ වෙළඳ කටයුතු සඳහා සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණ, මොංගෝලියානු අධිරාජ්‍යයේ පාලකයා වූ කුබ්ලායි ඛාන්ගේ සුදු සුරතලා බවට පත්ව, ඔහුගේ රාජ සභාවේ සේවය කරන මාර්කෝ පෝලෝ නම් සංචාරකයාගේ කතාවේ  දෙවැනි අදියර තමයි මේ.

ක්‍රියාදාම, නාට්‍ය, ඉතිහාස යන වර්ගීකරණය ලද,  2014 දෙසැම්බර් 12 දින විකාශය කරන ලැබූ මෙම නාට්‍යයේ පළමු අදියර සඳහා යශෝධ සහෝදරයා විසින් සිංහල උපසිරැසි ලබාදුන්නා. මට මතක විදිහට ඒ වෙලාවේ මාර්කෝ පෝලෝ සම්බන්ධ සැබෑ ඉතිහාස කතාව වගේම නාට්‍යය ගැනත් සඳහන් කරලා තිබුණා. ඉතින් ඒක නිසා මං ඒ විස්තර කියන්න යන්නේ නැහැ. හැබැයි පළමු කතා මාලාව වගේම දෙවන කතා මාලාවත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ දර්ශන සහ දෙබස් වලින් සමන්විත බව මතක තියාගන්න.

ඉතින් “සියක් දෑස්“ බලන අතරේ කට්ටියට පරණ කතාවත් මතක් කරගන්න ඇතිනේද? පළමු අදියරේ සිදුවීම් ගැන නම් ලිපියේ සඳහන් කරන්න අදහසක් නැහැ. කොහොම නමුත් පළමු අදියර අවසන් උනේ නම් ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න මාලාවක්ම ඉතිරි කරලා.

කුබ්ලායිගේ සිත් දිනාගත් උප රාජ්‍යාධිකාරි අහමඩ්ගේ සැඟවුණ අරමුණ මොකක්ද? මෙයි ලින් ඔහුගේ අරමුණට සහය දෙයිද? කොකචින්ට මොකද උනේ? මාර්කෝට කොකචින්ව හමුවෙයි ද? බියම්බා තම පියා අතහැරලා කුටුලන් සමඟ කරකෝරම්හි නතරවෙයි ද? ළමා අධිරාජ්‍යයා සමඟ දකුණු චීනයේ අනාගතය කොහොම වෙයිද? කුබ්ලායි ඛාන් තම අධිරාජ්‍යය බටහිරට පුළුල් කිරීම පටන් ගනීද? පාප් වහන්සේගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? කුබ්ලායි විසින් එලවා දැමීම නිසා කරකෝරම් පැරණි අගනුවරට ගිය කයිදු මොන විධිහට ප්‍රතිචාර දක්වයිද? තව… මට අමතක උන ඒවත් එක්ක ප්‍රශ්න ගොඩයි.

දැන් ඉතින් අන්න ඒ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පටන් ගන්න පුළුවන්…

අද කොටසේ තියෙන්නේ මොංගෝලියානු අධිරාජ්‍යයට විශේෂ දිනයක් ගැන. මේ දිනයේ මාර්කෝ තවත් අයෙක් සමඟ දකුණු චීනය වෙතට රහසිගත ගමනක් යනවා. කුබ්ලායි ඛාන් බොහොම සතුටින් ඉන්න අතරේ ඔහු වෙතට බරපතල අභියෝගයක් එල්ල කරනවා. ඉතින් මේ විශේෂ දිනය කුමක් ද, මාර්කෝගේ රහසිගත ගමන ගැන, කුබ්ලායිට කවුද අභියෝග කරන්නේ, කවුද පණිවිඩය ගෙන එන්නේ, අහමඩ්ගේ අරමුණ කුමක්ද මෙයි ලින් එයට හවුල් වෙයිද, කයිදු, බියම්බා, කුටුලන්, කොකචින්, ජින්ගිම්, චැබි වගේම මෙයි ලින්ගේ දියණිය ලින්ග් ලින්ග් ගැනත් දැනගන්න මේ කොටස බලන්නම වෙනවා.

(ලිපිය නම් මෙලෝ රහක් නැති විත්තිය මටම තේරුණා. ඒත් ඉතින් දිගටම මෙහෙම තමයි ලියන්න වෙන්නේ යාළුවනේ…)

එහෙනම් ඉතින් මාර්කෝ පෝලෝ S02E02 සමඟින් හමුවෙමු…

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e01.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                All Episodes                  Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>