Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mechanic: Resurrection (2016) With sinhala subtitles |කාර්මිකයාගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ] * 150 *

$
0
0

Mechanic Resurrection (2016)-150New

කොහොමද හැමෝටම.. ඔන්න මම තවත් ෆිලුමක් අරන් ආවා. හැබයි මේක ටිකක් විශේෂ එකක් මට. මොකද මේ තමයි මගේ උපසිරසි ජීවිතයේ 150වන උපසිරසිය. හම්මේ ඉතින් නිහතමානී සතුටක් දැනෙනවා ඒ ගැන. ඒ සතුට මොනවගේද කියලා දන්නෙත් ඉතින් එවන් කඩයිමක් පහු කරපු උදවියම වෙන්න ඇති. ඉතින් මට මේ කඩයිම පහු කරන්න අවුරුද්දකුත් මාස පහක් වගෙ දීර්ඝ කාලයක් ගත වුනා මම ප්‍රථමයෙන් උපසිරසියක් ලබාදුන්නේ 2015.04.19 දින.50 උපසිරැසිය 2015.10.23දින. 100වැනි උපසිරැසිය 2016.03.10 ලබාදුන්නා. ඒ අතරේ මම ඔයාලට ගොඩක්ම ලබාදුන්නේ ටීවී කතාමාලාවල උපසිරසි.  ඉතින් බයිස්කෝප් අඩවිය එක්ක මෙච්චර දිගු ගමනක් පැමිනීමට ලැබීම සැබවින්ම සතුටක්. දැන් දැන් හැබැයි මේක කෙරෙන්නේ අර පුරුද්දට වගේ. අලුත් ෆිලුමක් ටීවී කතාමාලාවක් දැක්කාම නිකන් ඉන්න බැහැ බැහැ වගේ හිතෙනවා. කළාට මොකද ඒවගේ අමාරුව තේරෙන්නේ එකපිට කතාමාලා දෙක තුන එනකොට.

ඉතින් මම හිතනවා බයිස්කෝප් අඩවිය එක්ක මෙච්චර කාලයක් රැදෙන්න එක හේතුවක් වුනේ ඇඩ්මින්වරුන්ගෙ සහ උපසිරසිකරුවන්ගේ සුහදත්වය.. ඔව්. ඔක්කොටම වගේ බාගෙට වගේ පිස්සු උනත් හිතහොද පිරිසක්. ඇඩ්මින්වරුන් වශයෙන් සමීර චතුරංග අයියා, විමා, හසන්ත මාමි, රොයිලි අයියා, ප්‍රනීත් ලොක්කා, යශෝධ සහෝ, සමීර කරුණාරත්න සහෝ සහ අඩවියේ එකම බළල් ප්‍රාණියා වන සමන් යන උදවිය මතක් කරන්නම ඕනේ. තව ඇඩ්මින්ලා ඉන්නවනම් සමාවෙන්න ඕනේ මට මතක් වුනේ ඔච්චරයි.

ඒ වගේම උපසිරසිකරුවන් අතින් ගත්තොත්.. චාමර, තිසර, රවිදු, දසන්, කසුන්, නලින් අයියා, ආසිරි ලොක්කා, නිර්මාණි අක්කා, කැළුම් අයියා, කාලිංග සහ ගයාන්, ඒ වගේම මම අමාරුවේ වැටුන වෙලේ කිල්ජෝයි කතාමාලාව බාර අරන් කරපු රසිත ප්‍රදීප් සහෝදරයත් මතක් කරන්න ඕනේ. මේ හැමෝම වගේ බොහොම හිතවත්ව කතාබහ කරලා ඉන්නවා ඉතින් බුකියෙන්.තාම එකෙක්වත් හම්බවෙලානම් නැහැ ඉතින්. නම් නොකී පිරිස් ඉන්නවනම් සමා වෙන්න.මේ කිව්වේ චැට් ඒකෙ කතාබහ කරලා ඉන්න සුළු පිරිසකගේ නම් විතරයි.. හැමෝවම මතක් වෙන්නේ නැහැ මෙයාලා.

ඒවගේම තවත් ඉන්නවා අමතක කරන්න නොහැකි පිරිසක්. ඒ තමා ප්‍රේක්ෂක ඔබ. අපි කොච්චර උපසිරසි කළත් වැඩක් නැහැනේ ඒවා නරඹන්න කවුරුවත් නැත්නම්. ඉතින් ඔබත් හේතුවක් වුනා මම මෙතරම් කාලයක් උපසිරසිකරණයේ යෙදෙන්න. විශේෂයෙන්ම ඊට හේතු වුනේ ප්‍රේක්ෂක ඔබෙන් ඉතාමත් සුළුතරයක් අප දිරිමත් කරමින් පල කර යන අදහස්යැයි කිවොත් නිවැරදියි.ඒ සුළුතරය නොවන්නට මේ සදහා අප තුළ තිබෙන කැමැත්ත නැතිවෙලා යාවි. මොකද ලාබ ප්‍රයෝජන නොබලා කරන මේ වැඩෙන් අපට ඉතුරුවන්නේ ඔබේ අදහස්වලින් ලබන මානසික සතුට පමණයි. ඉතින් ඔබට නොහැකිද විනාඩියක් වැය කොට එය අප වෙත ලබාදෙන්න? ඇතැමුන්ගේ අදහස් පලවන්නේ පමාවක් හෝ යම්කිසි සුළු අත්වැරදීමක් සිදු වුන වෙලාවට විතරයිනේ ඉතින්.නැද්ද මම අහන්නේ?

ඒවගේම මගේ 150වන උපසිරසියට ඉල්ලපු ගමන් බැහැයි නොකියා තමන් බාර අරන් තිබ්බ ෆිලුම දීපු දිනුෂ රුක්ෂාන් සහෝට විශේෂ ස්තුතිය හිමිවෙන්න ඕනේ.

Maduka-150-Wish

හොදයි එහෙමනම් මගේ බයිලා කියවන්න නෙවේනේ කස්ටිය ආවේ. එහෙමනම් මම දැන් චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.

2011 ආව mechanic සිනමාපටය කවුරුත් බලන්න ඇති නෙහ්? ඒකෙ දෙවැන්න විදිහට තමා මේක ආවේ. චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වන්නේ 2016 අගෝස්තු 26.IMDB දර්ශකයේ 5.9ක අගයක් ලබා ඇති මෙම සිනමාපටය මේ වනවිට උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් 36,496,261ක්. රංගනයෙන් දායක වෙන අය ගැනනම් කියන්න ඕනෙත් නැහැ වගේ මොකද මේ කට්ටියව නොදන්නා අය ඉන්න බැහැනේ . jason stetham,jessica alba,tommy lee jones , sam hazeldine යන අය රංගනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි. මිකැනික් පළමු සිනමාපටය අවසානයේ හැමෝමවම රවටමින් ආතර් බිෂොප් මළවුන් අතරට පිවිසුනා මතකනේ. ඉතින් මෙයා මෙහෙම හැංගිලා උන්න කාලේ අවසන් වෙන්නයි යන්නේ. ක්‍රෙන් කියලා බිෂොප්ගේ පරණ මිතුරෙක් කට්ටියව එවනවා බිෂොප්ට වැඩක් බාරදෙන්න. ඒත් බිෂොප් ඒකට අකමැති නිසා පැනලා යනවා.ඊටපස්සේ බිෂොප්ට ජීනාව හම්බවෙනවා. ජිනාත් එක්ක ටික දවසක් ආශ්‍රය තියෙද්දී ක්‍රෙන්ගේ මිනිස්සු ජිනාව පැහැරගෙන යනවා. ඉතින් මේ නිසා බිෂොප්ට සිද්දවෙනවා ක්‍රෙන් වෙනුවෙන් ආපහු මිනීමැරුම් නැත්නම් හදිසි අනතුරු සිද්ද කරන්න. ක්‍රෙන් බාරදෙන පුද්ගලයන් තිදෙනාව මරණ එක ලේසි වැඩක් නෙවේ. ඒත් පළමු චිත්‍රපටය බැලුව අය දන්නවනේ බිෂොප් ඒ වගේ වැඩවලට සැබෑ දක්ෂයා බව.

එහෙමනම් බිෂොප් ඒ ඝාතනයන් තුනම සාර්ථකව කරලා ජිනාව බෙරගනියිද? ක්‍රේන් එක්ක බිෂොප් මොන විදිහට ගනුදෙනු කරයිද? වගේ දේවල් බලලම දැනගන්න. මම මේ කිව්වේ බොහොම පොඩ්ඩක් විතරයි. අපි බලමු කාර්මිකයාගේ ආගමනය මොනවගේ වෙයිද කියලා.

එසේනම් ක්‍රියාදාමයන්ගේ සපිරුණු සිනමාපටයක් ඔබට තිලින කරමින් මා සමුගන්නවා. එහෙනම් බාගන්න හැමෝම වගේ කොමෙන්ටුවක් දාගෙන යන්න ඕනේ. කොමෙන්ටු දැම්මා කියලා අපි තරහ වෙන්නේ නැහැ හොදේ.

සැලකිය යුතුයි:

ලබාදී ඇති උපසිරසි කැමරා පිටපත් සදහා ගැලපේ.හදිස්සිකාරයෝ විතරක් මේක බැලුවට කමක් නැහැ. අනිත් අය හොද පිටපත් එන තුරු ඉවසලා ඉමු. හොද පිටපත් ආ සැනින් උපසිරසි යාවත්කාලින කරලා දෙන්නම්.

ලබා දී ඇති උපසිරසි අදාළ වන පිටපත්.

  • Mechanic Resurrection 2016 DVD-SCREENER x264 AAC2 0-BOOP
  • Mechanic Resurrection HDTS x264 VAiN
  • Mechanic.Resurrection.2016.DVDSCR
  • Mechanic.Resurrection.2016.HDCAM
  • Mechanic 2 Resurrection (2016) DVD-SCR XviD AC3-NoGroup

Bridge of Spies (2015)

Mechanic: Resurrection (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>