Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Spellbinder (1995) [S01 : E26] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Spellbinder-TV

ඉතින් කොහොමද යාළුවනේ. මායාබන්ධන කතා මාලාවේ අවසන් කොටසටත් ලඟා වුනා. 26 කොටස තමයි අද අරන් ආවේ. ඒ කියන්නේ අවසන් කොටස. අවසන් කොටස කොහොම අවසන් වෙයිද කියලා දැනගන්න කලින් පහුගිය කොටස සුපුරුදු පරිදි ටිකක් මතක් කරගමු. මතකයිනෙ පහුගිය කොටසේ අශ්කා පෝල්ගෙ කමරේට ඇවිල්ලා තර්ජනය කරලා ගියා. ඉතින් පෝල් තර්ජනවලට බය වෙලා සද්ද නැතුව ඉඳියිද? පෝල් කියන්නේ එවට බය වෙන චරිතයක් නෙමෙයි නේද? මං හිතන්නේ පෝල් මොකක් හරි ගේමක් දෙයි. පෝල්ගෙ තාත්තා නම් රෑ එලි වෙනකන් බලඇඳුම හදලා ඉවර කරලා. උදේම පෝල්ට නැගිට්ටවන්නේ බලඇඳුම හදලා ඉවර වුන එක සමරන්න. පෝල්ගෙ තාත්තායි ඇනයි දෙන්නා බලඇඳුමත් තියාගෙන ෆොටෝ එකක් ගන්නවා.

ඒ වගේම පෝල් බලඇඳුම ගැන තාත්තාගෙන විස්තර ටිකකුත් අහලා දැනගන්නවා. ඒ වගේම බලඇඳුමේ ඉගිලුම් පාලන ඒකකය මාරු කරලා පිච්චුන එක සවි කරනවා. හොඳ එක කුණු බක්කියට දානවා. මේ සැමරීමට කෑම හදන්න භාර ගන්නේ පෝල්ගෙ නංගි ක්‍රිස්ටීන්. පෝලුත් එක්ක එකතු වෙලා කෑම හදලා මේසෙට ඇරියට පස්සේ පෝල් බඩයන බෙහෙතක් ඇනාගෙ පිඟානට දානවා. මේක කන ඇනා අවුට් හවුස් එක හොයනවා. පෝල්ට හරිම සතුටුයි. පෝල් ෆොටෝ එකත් අරන් ගිහින් ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි පෙන්නනවා. එයා රියානා පැහැරගෙන ගිහින් නිසා රියානව හොයාගන්න උදවු ඉල්ලනවා. කට්ටියට අද ඉස්කෝලෙ විභාගයක්. නමුත් පෝල්ට උදවු කරන්න යනවා. පෝල්ගෙ ගෙදර ගිහින් තාත්තාගේ කාමරේ අවුස්සලා බලන්නේ අශ්කා ඉන්න තැන ගැන තොරතුරක්. නමුත් හමුවන්නේ ඇගේ ජංගම දුරකථන අංකය විතරයි. ඇලෙක්ගේ මොළයට පින් සිද්ධ වෙන්න අශ්කා ඉන්න තැන ලිපිනය හොයාගන්නවා. කට්ටිය ලිපිනය හොයාගෙන යද්දි අශ්කා ගෙදර ඉන්නේ. ඉතින් රියානා ඉන්නවද නැද්ද කියලා තොරතුරක් ගන්න ක්‍රමයක් කල්පනා කරද්දි තමයි මතක් වෙන්නේ අශ්කා කියවන්න දන්නෙ නෑ කියලා. ඒ නිසා ඇලෙක්ස්ව ඇතුලට යවනවා ගෑස් සමාගමක නිළධාරියෙක් විදිහට. ඇලෙක්සුත් කොහොම හරි ඇතුලට ගිහිල්ලා ජනේලයකුත් ඇරලා එනවා. අශ්කාට පෝල්ගෙ තාත්තාගෙන් දුරකථන ඇමතුමක් එන්නේ බලඇඳුම පරීක්ෂා කරන්න විද්‍යාගාරෙදි හමුවෙන්න කියලා. ඉතින් අශ්කා පුලුවන් ඉක්මනින් විද්‍යාගාරයට යන්න පිටත් වෙනවා.

මේ අවසරයෙන් පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා ගේ ඇතුලට පනිනයි හදන්නේ. නමුත් පෝල් කියනවා ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි එලියේ ඉන්න කියලා. එයා ඇතුලට යන්නම් කියලා. මේ ටික බලන් ඉන්නවා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්. එයා ඉක්මනින්ම පොලීසියට කතා කරලා මේ ගැන කියනවා. පොල්ට රියානව බේරා ගන්න තව වෙලා ඕනි නිසා පෝල් රේඩියෝවෙන් කතා කරලා කියනවා පොලීසියේ අය වෙන දිහාවකට යවන්න කියලා. ඉතින් ඇලෙක්සුයි කැත්‍රීනයි නැතිවෙච්ච බල්ලෙක් හොයනවා වගේ බොරුවට රඟපානවා. පොලීසියේ අය මේ දෙන්නව ඉස්කෝලෙන් බස්සන්න අරගෙන යනවා. පෝලුයි රියානයි දෙන්නා ටැක්සියක් අරන් තාත්තා හම්බෙන්න යනවා. ඉගිලුම් පාලන ඒකකය පිච්චුන එකට මාරු කරපු නිසා ඇඳුම ඉගිලෙන්නේ නෑ. අශ්කා රත්වෙලා. ඉතින් පෝල්ගෙ තාත්තා හිතනවා පෝල් ඒක ගන්න ඇති කියලා. මේ ගැන කල්පනා කරද්දි පෝල් එතනට එනවා. ඒත් එක්කම ටැක්සි මාමත් එනවා සල්ලි ඉල්ලාගන්න. පෝල් කාර්යාලයට යවන්නේ ඉගිලුම් පාලන ඒකකය ගැන අහගන්න. මේ අතර පෝල් වීඩියෝ පටය තාත්තාට පෙන්නන්න කටයුතු කරනවා. පෝල්ගෙ තාත්තා මේක දකිනවා. පෝල් විමේ ගැන විස්තර කරද්දිම අශ්කා එතනට එනවා. ඒ විතරක් නෙමෙයි අශ්කා රියානගෙ නම කියනවා රියානා දැක්ක ගමන්ම. පස්සේ වැඩේ වරදින බව දැනගෙන අශ්කා කට්ටිට පස්සෙන් පන්නනවා. පෝලුයි රෙනෝල්ඩ්ස් මහත්තයයි රියානයි දුවගෙන ගිහින් හැංගුනත් අශ්කා බලඇඳුම පාවිච්චි කරලා දොර කඩනවා. පෝලුයි රියානයි වතුර ගැහුවත් පෝල්ගෙ තාත්තා ඇඳුම හදලා තියෙන්නේ ජලයට ඔරොත්තු දෙන විදිහට. ඒ නිසා හානියක් වෙන්නෙ නෑ. ඉතින් අශ්කා මේ අයට මොනවා කරයිද? හරියට දැනගන්න නම් මේ අරන් ආව අවසන් කොටස බලන්න වෙනවා.

ඉතින් මායාබන්ධන පළමු කතා මාලාව අදින් ඉවර වෙනවා. මෙච්චර දවසක් උපසිරැසි අරන් මගෙත් එක්ක හිටිය මායාබන්ධන රසික රසිකාවියන්ට බොහොම ස්තූතිවන්ත වෙනවා. ඉතින් වැරදි අඩුපාඩු බොහොම සිද්ධ වෙන්න ඇති. ඒ සියලුම දේට සමාව භජනය කරන අතර මේ සමුගැනීම නොවෙයි. මායාබන්ධන මකර රජදහන හෙවත් මායාබන්ධන දෙවන කතා මාලාවටත් උපසිරැසි අරන් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මායාබන්ධන රසික රසිකාවියන් බලාපොරොත්තු බිඳගන්න එපා. මකර රජදහන දැන් සූදානම් වෙමින් පවතිනවා. හැකි ඉක්මනින් ඔබට ලබා දෙන්නම්. එහෙනම් මකර රජදහනින් හමුවන තුරු ජය වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Season >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>