ඔන්න මේ පාර මම අරගෙන ආවේ Werner Herzog ගේ තවත් විශිෂ්ඨ චිත්‍රපටයක්. කවුරුත් එයා අඳුරනවා ඇතිනේ. IMdb අගය 7.8 ලබාගෙන තියෙන Grizzly Man , 7.3 අරගෙන තියෙන Rescue Dawn සහ 7.4 ක අගයක් ලබාගෙන තිබෙන Cave Of Forgotten Dreams යන චිත්‍රපට එහෙම අධ්‍යක්ෂණය කලේ මෙයා තමයි. ඒ චිත්‍රපට වගේ හොඳ එකක් තමයි මේ දීලා තියෙන්නේ. වැඩිය කතා නැතුව සලරුව ගැන කතා කරමු.
2016-03 මාසේ නිකුත් උනු මේ චිත්‍රපටය වර්ගීකරනය කරලා තියෙන්නේ චරිතාපදාන,නාට්‍යමය, සහ ඉතිහාසය කියන කොටස් වලටයි. ඉතින් එහෙම කිවුවම තේරෙනවනේ මේකෙ ක්‍රියාදාම එහෙම නෑ කියලා. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය ගෙඩෘඩ් බෙල් කියන කාන්තාව. වංශවත් පවුලකින් පැවත එන ඇයව වැඩිදුර අධ්‍යාපන සඳහා ඇගේ කැමැත්ත පිට ඇයගේ මවගේ සහෝදරිය ගාවට යවනවා. එහිදී ඇයගේ ආරක්ශාවට තරුණ කොල්ලෙක්ව තමයි දාන්නේ. ඉතින් ඔහොම කාලය ගෙවී යද්දී මේ දෙදෙනා ආදරයෙන් බැඳෙනවා. ඉතින් ඇයගේ පියා මේ සම්බන්ධයට අකමැතියි කියලා ලියුමක් එවනවා. මේ ගෙඩෘඩ් තම පියාව කෙසේ හෝ කැමති කරගන්න කියලා හිතාගෙන ආපහු ගෙදර යනවා. ඔය අතරේ මේ දුකට අර කොල්ලා ගලකින් පැනලා මැරෙනවා. එතනින් පසුව ඇය සදාකාලිකවම තනිවෙලා සංචාරකයෙක් විදිහට මැදපෙරදිගට යනවා. එහිදී ඇය බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලය සමග සම්බන්ධ වෙනවා.
ඉතින් දැන් ඇය සංචාරකයෙක්, ලේඛිකාවක්, පුරාවිද්‍යාඥවරියක්, ගවේශනය කරන්නියක් සහ දේශපාලඥයෙක් ලෙස ඇගේ තනිකඩ ජීවිතය ගෙවෙන හැටි ගැන මේ චිත්‍රපටය පුරාවට ඉතා මනරම් අයුරින් පැහැදිලි කර පෙන්වනවා. තම පෙම්වතා අහිමි උනාට පසුව ජීවිතය ඉදිරියට ගෙනයන හැටි එහෙම මේ කතාවේ ඉතාමත් හොඳට පෙන්වලා දීලා තියෙනව. තව කියන්න දෙයක් තියෙනවා, මේකෙ ඉන්නවා ලෝකයේ ප්‍රධාන චරිත දෙක තුනක්, ඒ තමයි වින්ස්ටන් චර්චිල්, අබ්දුල්ලා ( පසුකලෙක ජෝර්දානයේ රජු ඌ කෙනා), ෆයිසාල් ( පසුකලෙක ඉරාකයෙ රජු ඌ කෙනා). ඉතින් මේ ආදී තොරතුරු ගොඩාක් මේකේ තියෙනවා, ඒවගේම මේකේ නළු නිලියොනම් අඳුරනවා.
James Franco, Nicole Kidman, Robert Pattinson, Damian Lewis වැනි අපි හැමෝම අඳුනන අය තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ඉතින් මේ කතා කලා නැති කියලා හිතනවා. හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය අරගෙන බලන්න කියලා. එහෙනම් තවත් චිත්‍රපටයකින් ඉක්මනට හමුවෙමු.
කමෙන්ට්නම් දැන් ඇත්තෙම නෑ, අපි කරන දෙයින් සතුටක් ලැබෙන්නේ ඔයාලා දෙන (කමෙන්ට් එකෙන්, ඉතින් ඒ නිසා සබ් එක බාගෙන යන ගමන් පුලුවන්නම් කමෙන්ට් එකක් තියලා යන්න).
Due to copyright issues, we do not provide any torrent links.
Queen.Of.The.Desert.2015.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
298 downloads